Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 12, 2012

෴෴ ලූර්ඩ්ස් යමු෴෴



මේ පාර අපි යන්නේ වන්දනා ගමනක්..වන්දනා ගමනක් කිව්වම මතක් වෙනවා නේද ඉස්සරහින් පොල් මලක් ගහපු බස් එකක නඩේ ගුරා එක්ක තුන් සරණේ කියාගෙන යන ගමනක්. ..
අපේ ගමනට නම් ඉතින් තුන් සරණේ කියන්නවත් පොල් මල් ගහන්නවත් වෙන්නේ නෑ.මොකද අපි ගමන යන්නේ දුම්රියක නිසා


අපි ගමන යන්න පිටත් වෙන්නේ පැරිස් නගරේ ඉඳලා. පැරිසියේ Gare de lyon  දුම්රිය ස්ථානයේ ඉඳලා පැය 7ක කාලයක් අපට මේ ගමන සඳහා ගත වෙනවා ශීත කාලෙට උණුසුමත්, රස්නේ කාලෙට සිසිලත් තිබෙන මෙම දුම්රිය ගමන කිසිසෙත්ම වෙහෙසකර එකක් නෙමෙයි.

ඉතින් කියන්න බැරි වුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ සුප්‍රසිද්ධ "ලූඩ්ස් දේවස්ථානය" බලන්න. කතෝලියකයන් අතර මෙන්ම ලොව බොහෝ ජාතිකයන්ගේ ගෞරවයට පාත්‍ර වුණ ලූඩ්ස් දෙවස්ථානය පිහිටා තියෙන්නේ ප්‍රංශයේ නිරිත දිග ප්‍රදේශයේ ස්පාඥ්ඥයට ආසන්නයෙන්.




අපි ගමන ආරම්භ කරන පැරිසියේ සිට කිලෝ මීටර් 600ක් පමණ වන දුරක පිහිටා තිබෙන ලූඩ්ස් දේවස්ථානය කරා ගුවන් මගිනුත් ළඟා වෙන්න පුළුවන්.. ඒ උණත් දුම්රිය ගමන අතිශයින් සුන්දරයි..ගොඩනැගිලි වලින් පිරුණ විශාල නගර අතහැර ඉතාම සුන්දර ගම්මාන කදු මිටියාවත් පසු කරමින් නිස්කලන්කව යන දුම්රිය ගමන ඔබේ සිත සුවපත් කරනවා නිසැකයි.


ලූඩ්ස් කියන්නේ ඇත්තෙන්ම කුඩා ගම්මානයක්.අනික් නගර වගේ අහස උසට ඉගිලෙන මහා ලොකු ගොඩ නැගිලි එහි එතරම්ම නෑ. ඒ වගේම වසර පුරාම බොහෝ විට තියෙන්නේ සිසිල් දේශගුණයක්.මේ කාලවලදී නම් තද හිමපතනයක් එහි පවතිනවා උණත් බැතිමතුන් වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ පාස්කු සමයේ තමයි.


මීට වසර 154 කට පෙර 1858 බෙනදෙත් නමැති තරුණියට කන්‍යාමරිය තුමිය සැබෑවටම 18 වතාවක් මෙහිදී දර්ශනය වීමයි මෙහි ඇති විශේෂත්වය..



ලෙඩ රෝග වලින් සහ දුප්පත් කමින් පීඩා විඳි අසරණ තරුණියක් වූ බෙනදෙත්ට දර්ශනය වූ කන්‍යාමරිය තුමියන් ඇයට පිහිට වූවා සේම එතැන් පටන් මිනිසුන් ලක්ෂ සංඛ්‍යාවකට අද දක්වාම පිහිට වීම සිතා ගත නොහැකි විස්මයක් වූවත් එය ඇත්තක්.


ලූඩ්ස් දේවස්ථානයේ විශේෂම තැන වන්නේ එහි ඇති දේව මාතාවගේ පිළිරුව පිහිටි කුඩා ගල් ගුහාවයි..බෙනදෙත්ට දේව මෑණියන් දර්ශනය වී තිබෙන්නේ එම ස්ථානයෙදියි.එම ගල් දෙබොක්කාව මැදින් ගලා එන ජලය පානය කරන රෝගීන් සුවය ලබන බව සියලුම දෙනාගේ පිළිගැනීම 


මෙන්ම එය සැබැවටම අත්දුටු අය කියා නිම කල නොහැකි තරම්. මේ රටවල් රතුකුරුස ආදී සංවිධාන වලින් පවා සමහර රෝගීන් ඒම ස්ථානයට රෝද පුටුවලින් සහ ඇඳන් මත තබා රැගෙන යනවා. අප එහි ගිය දිනක ඉතාලියේ සිට පැමිණි විශේෂ දුම්රියක ආබාධිත දරුවන් 250 ක් රැගෙන විත් තිබුණා



ගල්කුහරය මැදින් ගලා එන ශුද්ධවූ ජලය ස්නානය සඳහා එකතු කර ලූඩ්ස් දේවස්ථානයට එන රෝගින් ඇතුළු සියලුම දෙනාට එම ජලයට බැස ආශිර්වාදය ලබාගැනීමට එහි ඉඩ සලස්වා තිබෙනවා.


මුලින්ම ඔබ දේවස්ථාන භූමියට ඇතුළු වූ පසු දේව මෑණියන්ගේ පිළිරුව අසල යාඥාවෙන් පසු ඉටිපන්දම් දල්වා භාර හාර වීම හෝ ඔප්පු කිරීම කල යුතුයි. මිනිසුන් මෙහිදී අප කතරගමදී මෙන් නොයෙක් ආකාරයේ බාරහාර වීම සහ ඔප්පු කිරීම සිදු කරනවා. ගොඩක් වෙලාවට මෙහිදී අප බලාපොරොත්තුවෙන දෙය ඉෂ්ට වන බවයි හැමගේ පිළිගැනීම.




යාඥාවෙන් පසුව එළබෙන්නේ ස්නානය..එය නම් ඉතාම අසීරු කටයුත්තක්..දන්ත ධාතූන් වහන්සේ එක එක කාලවල මහජන ප්‍රදර්ශනය සඳහා තබනවා ඔබට මතක ඇති ඒ සඳහා මිනිසුන් පෝලිම්වල විඳින දුකමයි මම නම් මෙතනදිත් දැක්කේ..


සැබවින්ම එය දුකක් නෙමෙයි.දෑස්වලට දන්ත ධාතුන් වහන්සේ දුටු විට ඒ කල කැපකිරීම,වෙහෙස අමතකව යන්නාසේම උදේ සිට පැය 6ක්7ක් පෝලිමේ සිට ශුද්ධවූ ජලයේ ගිලී ගොඩ ආ පසු ඒ කල කැපකිරීම ගැන සියලුම දෙනාගේ සිත්වල ඇත්තේ සතුටක්ම පමණයි.




ස්නානය සදහා ඇත්තේ කරවටක් ජලයේ බැසිය හැකි නාන බේසම් මේවා ගලෙන් කර තිබේන නිසා මට නම් මතක් වුණේ මහමෙවුනාවේ බෙහෙත් ඔරු. 


ගැහැණු,පිරිමි සහ රෝගීන් වෙනුවෙන් මේ නාන ශාලා කොටස් තුනකට බෙදා වෙන් කර තිබෙනවා එක කොටසක කාමර වලට වෙන් කල නාන ඔරු 50කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. 


දරුවන් සමග ඉන්න සහ දරුවන් ලැබීමට ඉන්න මවුවරුන්ටත්, රෝගින්ටත් පොලිමේ ඉන්න අවශ්‍ය නෑ. ස්නානය සඳහා දොරටු විවර කරන්නේ දවල් 2ට එහෙත් අප සියලුම දෙනා පොලිමට පැමිණියේ උදෑසන 7ට.


උදේ සිට පැවති හිම වැස්ස නොකඩවා ඇද හැළීම නිසා දරා ගත නොහැකි සීතලෙන් පීඩා වින්දත් කිසිවෙක් ආපසු හැරී එන්න නම් හිතුවෙවත් නෑ. ඒ වන විටත් මිනිසුන් දහස් ගාණක් පෝලිමේ සිටියා.


සීතලෙන් ගල් වුණ කකුල් එකින් එක මාරු කරමින් තමන්ගේ වාරය එනතුරා හැමකෙනෙක්ම ඉවසීමෙන් හිටි හැටි පුදුමයි. 


නාන කුටීර වෙත ඇතුල් කල අප එහිදී ලබන්නේ අමුතුම අත්දැකීමක්..මා නම් එය පළමුවර විඳිනවිට මහත් පුදුමයට පත් උණා.මට දැනුණේ ශල්‍යකර්මයකට සූදානම් කරන ලෙඩෙක් විදින හැගීම. අප සතු ඇඳුම් වලින් මිදී ඔවුන් දෙන ඇඳුමකින් සැරසී අපේ අවස්ථාව එනතුරා කුඩා මිටි බංකුවක වාඩිවී සිටිය යුතුයි.මුලු පරිසරය පුරාම ගලා යන යාඥා හඬ නිසාවෙන් හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්.






අපේ අවස්ථාව පැමිණිවිට කන්‍යා සොහොයුරියන් දෙදෙනෙක් අප දෑතින් අල්වාගෙන ගොස් පඩි වලින් බස්වා නාන ඔරුවේ කර වටක් ගිල්වා එහි එහා කොන වෙත රැගෙන යනවා.


එහි ඇති දේව මෑණියන්ගේ පිළිරුවට අත තබා අපේ ප්‍රාර්ථනය පැවසීමට විනාඩි කිහිපයක් දී නැවත ජලයේ ඔබා ගොඩට රැගෙන එනවා. අධික සීතලෙන් වෙව්ලුම් කමින් එළියේ සිටියත් මේ ජලයේ කිසිම සීතලක් නැතිවීම පුදුමයක්..එහෙත් ඒවා රත් කල ජලය නම් නෙමෙයි.එසේම ගොඩට පැමිණෙන විට එම ජලය සියල්ල වියැළී තිබීමත් විශේෂයක්. 


ලූඩ්ස් වෙත පැමිණි ඔබට එක දවසකින් එයින් පිටවී යන්න අමාරුයි..බොහෝ දුර ගමනක් නිසා අපේම මෝටර් රියකින් පැමිණියත් දවසක් විවේකීව සිට යාමයි සුදුසු.එසේම මෙහි ඇති සුන්දරත්වය විඳීමට නම් දවසක් ගත කල යුතුමයි..


ලූඩ්ස් නගරය සංචාරක බැතිමතුන් සඳහා ඇති සංචාරක හෝටල් ප්‍රමාණය කියා නිම කල නොහැකියි. සාමාන්‍ය මිල ගණන් වල සිට තරු හෝටල් දක්වා තිබෙන නිසා ඔබට කැමති ආකාරයේ හෝටලයක් සොයාගැනීම අපහසු නෑ. මේවා මිල අධික නෑ.දහවල් ආහාරයෙන් පසු හෝටලයේ පැය කිහිපයක් විඩා නිවාගත් පසු හවස් වරුවේ නැරඹිය යුතු ස්ථාන බොහොමයි.




 බෙනදෙත්ගේ නිවස විශේෂ ස්ථානයක්..ඇය ජීවත් වූ නිවස එහිදී බලන්න පුළුවන්..එසේම පෞරාණික දේවස්ථානය..එයත් ඉතාම විශේෂ සුන්දර ස්ථානයක්.


තවත් විශේෂිතම ස්ථානයක් තමයි කල්වාරි කන්ඳේ ආකෘතිය..ස්ථාන ගණනාවකින් එදා සිදුවුණ දෙය විශාල අනු රුවවල් සමග සාදා ඇති මේ කන්ද තරණය කරන විට දෑසට කඳුළු නැගෙන්නේ ජේසුතුමන් එදා විදි වද සැබැවින්ම අපි දකිනවා වගේ නිසයි..මෙහි එක් ස්ථානයක බොහෝ අය දණහිස්වලින් ඉතා දිගු පඩි පේළියක් නැග ගොස් භාර හාර වීම හා ඔප්පු කිරීම තවත් විශේෂයක්..




ලූඩ්ස් දේවස්ථාන භූමියේ අතිශය සුන්දර අවස්ථාව එළබෙන්නේ රාත්‍රියේයි..එනිසා රාත්‍රිය එළබීමට පෙර ඔබට පුළුවන් නගරය පුරා ඇවිද වට පිටාවේ සිරි නරඹන්න.


සංචාරක නගරයක් නිසා මෙහි ඇත්තේම විවිධ වර්ගයේ සිහිවටන හා තෑගි භාණ්ඩ විකුණන කඩ සාප්පුයි..ඔබට එක්වරම සිහිවන්නේ කතරගමයි. එසේම නගරය මැදින් ගලා යන සුන්දර ගඟ නිසා ලූඩ්ස් නගරය ඉතාමත් සුන්දර බවක් සේම තද රස්නය ඇති වසන්ත කාලයේ පවා සිසිල් දේශගුණයකින් යුක්තයි.




නගරයේ ඇවිද මහන්සි වූ ඔබට උණු උණු රසම රස "ක්‍රෙප්ස්" සමග උණු කෝපි බොන්නත් බොහෝ අවන්හල් දිවා රෑ විවෘතයි.. 


කෙමෙන් තද සීතල සමග අඳුර ගලා ආවත් සංචාරක බැතිමතුන් වැඩි වීමක් මිසක් අඩු වීමක් නම් වෙන්නේ නෑ. රාත්‍රි හතට පමණ දේවස්ථාන භූමියෙන් ආරම්භ වන බැතුමතුන්ගේ පෙරහර තමා දවසේ විශේෂම සුන්දරම සිදුවීම. 


හැමකෙනෙක්ගේම අතේ දැල්වූ ඉටිපන්දමක්..එය හතරැස් කඩදාසි පෙට්ටියක් වැනි එකකින් වට කරලා.අපේ වෙසක් බකට් වගේ.සුළඟට ඉටි පන්දම නිමෙන එක වැළකෙනෙවා වගේම අමුතුම ලස්සනක් එහි තියෙනවා. මේ ඉටිපන්දම් රැගෙන කන්‍ය මරියාතුමියගේ පිළිරුව පෙරටු කොට ගෙන "ආවේ මරියා.." යැයි ගයමින් දස දහස් ගණනක් බැතිමතුන් අඩ අදුරේ යන ඒ මනරම් දසුන දුටු මුල් වතාවේ මා නම් විස්මයට පත් උණා. 




මුලු දේවස්ථාන භූමියෙම පැය 2ක් වැනි කාලයක් ඇදී යන මෙම පෙරහැර දේව මෙහෙයකින් අවසන් වෙනවා.


වෙහෙස මහන්සි වී සීතලෙන් සිටි ඔබට නැවත නවතැන් ගත් ස්ථානය කරා විත් සිත පහන් වන නිසන්සල රැයක් ගත කොට පසුදා සතුටෙන් නැවතත් ගමන් ආරම්භ කල හැකියි


ලොව සුප්‍රසිද්ධ "ලූඩ්ස්" දේවස්ථානය ලාංකික කතෝලිකයන් අතර ප්‍රසිද්ධ ලූර්දු නමින්.මේ ලංවෙන පාස්කු මංගල්‍ය සඳහා යුරෝපයේ ජීවත්වෙන බොහෝ ලාංකිකයන්ද ලූර්දු වන්දනාවේ යෑමට දැන් සූදානම් වනවා විය යුතුයි..ඔබත් ගොස් බලන්න..




























59 comments:

  1. පීංතූරත් සමඟ ගෙනා විස්තරය හරිම අපූරුයි. මාත් එතනට ගියා වගේ දැනුනා. මගේ මෑණියන් කතෝලික කෙනෙක් නිසා ඇයටත් මේ ලිපිය පෙන්වන්ට ඕන.ගොඩාක් සතුටු වෙයි.
    ගොඩාක් ස්තූතියි පුංචි කුමාරිහාමිට.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි ගිම්..අම්මවත් මතක් කරා කියන්න.

      Delete
  2. ලස්සන සටහනක්.. ස්තූතියි කුමාරිහාමි.....

    ReplyDelete
  3. Gimhani kiwwa wage pinthoorath ekka vistharay kiyewwama maath ethana wage danuna. Kohoma hari yannama oni.
    Wall eka hari e paththe enna.
    Suja akka.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජා අක්කේ..
      ඔව් වෝල් එක හරි තමයි..මමත් ආවා ඒත් කවුරුත් නෑනේ..

      Delete
  4. ස්තූතියි විස්තර ටිකට. ඒවගේම පින්තූර ටිකටත්. මම කවදාවත් දේවස්ථානයකට ගිහින් නෑ. ආස හිතුනා මේ පින්තූර ටික බලද්දී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි‍යෙ ඔයාටත්...
      මමත් කවදාවත් ලංකාවේ ඉන්නකොට දේවස්ථානයකට ගිහින් නෑ...

      Delete
  5. ස්තුතියි විස්තරාත්මක සටහනට ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හර්ශන ඔයාටත්

      Delete
  6. ඇත්තටම මේ වන්දන ගමන මම ගියා වගේ මට දැනුනා..ගොඩක් ස්තූතියි මේ දේවල් අපි සමග බෙදා ගත්තට :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් රූ ඔයාටත්...

      Delete
  7. ගොඩක් ලස්සනයි අක්කා මාත් එතන හිටියා වගේ දැනුනා මේ හමෝම වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ඔයාටත්

      Delete
  8. මටත් යන්න හිතුනා බොලේ...

    ReplyDelete
    Replies
    1. හිත හිත ඉන්න එපා යන්න...

      Delete
  9. ස්තූතී වැදගත් ලිපියක්..මම අහල තියනව ජේසු තුමන්ගේ රුධිරය තියනවා යයි සැලකෙන එක් ස්ථානයක් නැරඹීමට දණ හිසෙන් ගමන් කරන්න ඕනෙ කියල..ඒ මෙම ස්ථානයද කියන්න දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මේක නම් එතන නෙමෙයි...ඔයා කීව පල්ලිය තියෙන්නේ මුතු ඉතාලියේ අබ්බෘසියෝ කියන පලාතේ.
      ගොඩක් අය එතනත් හාස්කම් වෙනවා කියලා විස්වාස කරනවා..මමත් ගියා ඒක බලන්න..ගමක් පුංචි පල්ලියක්...

      Delete
  10. මාරම ලස්සනයි අක්කේ පින්තූර ටිකත් උපරිමයි හිතාගන්න බෑ ඒ තැන් වල තියෙන ලස්සන...අර වතුර උණු වතුර ලිං වගේ කේස් එකක්ද?? අක්කා ඔක්කොමත් දාලා තව වැදගත් දෙයක් දාලා නෑනේ "ක්‍රෙප්ස්" කියන කෑම එක මොන වගේද කියලා මම මේ කල්පනා කරන්නේ ඒකේ පින්තූරයක් තිබ්බනම් මරු...

    මේ දෙවෙනි වන්දනා ගමන මුලින් ගියේ පාන් නැත්තම් කේක් කාපල්ලා කියපු කෙනාගේ මාලිගාවටනේ නේද හැබැයි ඒ ලිපියට වඩා මේ ලිපිය සෑහෙන්න පැහැදිලියි....මෙහෙම ගියොත් තමයි හැබැහින් කවදා යන්නද ඉතින් බොහෝම ස්තූතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. ක්‍රෙප්ස් කියන්නේ මල්ලි ෆෑන්කෙක් වගේ එකක්..හැබැයි මැදට දාන්නේ චොක්ලට් ක්‍රිම් හරි සිනි හරි..

      මේක උනු වතුර ලිං වගේ නෙමෙයි..මෙතන තියෙන්නේ ඊට වඩා වෙනස් බලයක්...
      කලින් ලිපියේ ගොඩක් අඩුපාඩු තිබ්බා තමයි මල්ලි ඔයාට ස්තුතියි..

      Delete
  11. මේක කියවද්දි මගේ හිතට ආව ප්‍රශ්නෙට උත්තරේ ලැබිල තියෙනව අන්තිමටම.... මං අහල තිබුණෙත් ලූර්දු දේවස්ථානය කියලා... ඒත් මෙච්චර විස්තරයක් ඇහුවෙ පළමුවෙනි වතාවට... බොහොම ස්තුතියි විස්තර ටිකට වගේම පින්තූර ටිකටත්.....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අය කියන්නේ ලූර්දු දෙවස්ථානය කියලා තමයි..ඒත් එතන ඇත්ත නම ලූඩ්ස්...

      Delete
  12. පැහැදිලිව සරලව තේරුම් ගන්න පුලුවන් විදියට ලියල තියෙනව. ලොකු දැනුමක් ගත්ත පිං සිද්ධ වෙන්න ඕන අක්කට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ඔයාට...

      Delete
  13. මමත් කෝච්ච්යේ නැගලා මේ වන්දනාව ගියා වගේ හැගීමක් මට දැනුනා මේක කියවගෙන යද්දී. ඒ තරම් අපූරුවට ඔයා මේක ලියලා තියෙනවා.මම බුද්ධාගමේ කෙනෙක් ඒත් මට ඉස්කෝලේ යන කාලෙ පුදුම ආසවක් තිබුනා පල්ලියකට ගිහින් ඉටිපන්දම් පත්තු කරන්න.කරන කාලෙදී මම ඒ ආසාව ඉශ්ටකරගත්තා ඒ ගෙදරට හොරෙන් මගේ ආගමේ යෙහෙලියක් එක්ක යලා යන වැල්ලවත්තේ පල්ලියකට ගිහින්. ඒ පල්ලියත් මගේ හිත ගත්ත බොහොම. ඒක ප්‍රසිද්ධ " රතු පල්ලිය " කියලයි. අර වැල්ලවත්තේ Hotel Sapphire එක ළඟම තියෙන්නෙ රතු පාට ගාපු පල්ලිය අන්න ඒක.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ මමත් පල්ලියකට ගිහින් නෑ කවදාවත්..මෙහේ ආවට පස්සෙ තමා පල්ලියකට ඉස්සර වෙලා ගියේ..

      ඔයා කියපු පල්ලිය නම් මම දැකලා නෑ කවි..
      ස්තූතියි ඔයාට.

      Delete
  14. කියවනකොට එතන ඉන්නවා වගේ හැඟීමක් හිතට දෙනෙන විදිහට ලස්සනට ලියල තියනවා. විස්තර කීවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට සිතුම් පැතුම්....

      Delete
  15. ලස්සන සටහනක්,,තාම මට ප්‍රංශයට පය තියන්න බැරි උනා,,ලූඩ්ස් යන්න ඕනා මට භාරයක් ඔප්පු කරන්න තියනවා

    ReplyDelete
    Replies
    1. අයියෝ..ඔයා මෙච්චර ලඟ ඉදන් ගියේ නැද්ද..
      ලබන මාසේ හැමෝම යනවනේ ඉතාලියේ ඉදන්..යන්න උත්සාහ කරන්න..
      ස්තුතියි ඔයාටත්

      Delete
  16. ලුර්දු වන්දනාව කියන්නෙත් ඕකටම තමයි.. මගෙත් ප්‍රංශේ යාමේ ලොකු ආසාවක් තියෙනවා.. මේ සමර් නිවාඩුවේවත් ට්‍රයි කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තමා ලූර්දු වන්දනාව කියන්නේ...
      ඔයාට පුලුවන් නේ මේ පාස්කුවට යන්න

      Delete
  17. Oyata godakma pin... pinthura tiakatai lassana wistharayatai.. kawada ho dawasaka Lurdu gihin me asiriya dakinna labewa kiyala mamath prarthna karanawa... mama catholic nisa me post eka mata harima watinawa... Oyata Jesu pihitai

    tharurasi

    ReplyDelete
    Replies
    1. ඔයාට යන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ත්නා කරනවා.
      මම නම් බෞද්ධ ඒත් එතනට මමත් ගොඩක් ගරු කරනවාඅ

      Delete
  18. කොහොම ස්තුති කරන්නද ඔයාට. ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා. අපි මේ අවුරුද්දේ ලංකාවටත් එන අවුරුද්දේ ලූර්දුත් යන්නයි ඉන්නේ. ඒ දෙකම මගේ හීන. අනේ මම හිතන් හිටියේ එක දවසින් අයිෆල් ටවර් එකයි ලූර්දුයි දෙකම බලන්න. හරියන්නැහැ වගේ. කොහොම වුනත් මේ ලිපිය මට ගොඩක් වටිනවා. පින්තූර ටිකත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම යන්න අමාරුයි..ලූඩ්ස් යන්න ගොඩක් වෙලා යනවා..අය්ෆල් විතරක්ම බලල නිකන් ඉන්නද පැරිස් වල..තව කොච්චර දේ තියෙනවද බලන්න...
      ඔයාට ස්තූතියි

      Delete
  19. ලස්සණට ලියලා තියෙනවා..අපිටත් ගමන ගියා වගේ දැනුනා...බොහොම ස්තූතියි

    ReplyDelete
  20. නියමයි.. ගියා වගේ හිතෙන්ඩ ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෙන්නා

      Delete
  21. අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ හැංගිලා ...අපිට යන්න බැරි මේ වගේ තැනක විස්තර දුන්නාට ගොඩක් ස්තුතියි පුංචි කුමාරිහාමි ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි සුරා...(යකා කියන්න බයයි)...

      Delete
  22. අපිත් ගියා දෙපාරක්..ඔයා කිව්ව හැම තැනම ඇවිද්දා...ගුහාවෙන් එන වතුර අරන් ආව..මම ලස්සන රෝසරි දෙක තුනක් ගත්තා..ආ ඔයා දැක්කද අර ප්ලාස්ටික් වගේ වැස්සට අඳින ජැකට්?එදා වැස්ස..මම ඒව එකක් ඇඳන් තමා ඇවිද්දෙ.. නිල්පාට එකේ සුදු බිංදු බිංදු..මම ඒකට මාර ආසයි තාමත් අරන් තියාගෙන ඉන්නව...අපි නම් ගියෙ සෙන්ට් මොරිස් වලට ගිහින් එහෙ යාලුවො කට්ටියක් එක්ක..පස්සෙ එහෙ ඉඳන් බාසිලෝන ගියා...ඇයි ඔයා පැරිස් වලට ගියෙ එහෙ යන්න??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි එක පාරක් යද්දි වහිනවා ස්නෝ කරනවා. ඒ ජැකට් ලස්සනයි නේද..

      අය්යෝ කිරිල්ලි ප්‍රංශයේ තියෙන එකක් බලන්න ඉතාලියෙ ඉදලා යන හැටි ලියල හරියනවයි..අනික අපි මෙහෙන් ගියාට ඒක තියෙන රටේ ඉදලා යන හැටිනේ ලියන්න ඕනේ නේද..
      අනික මම එක අගෝස්තුවක අපෙ නෑ කෙනෙක්ගෙ ගෙදර පැරිසියෙ හිටියා.. එහෙ ඉදන් තමයි ඉස්සෙල්ලම ගියේ..ඊට පස්සෙ ඉතාලියෙ ඉදන් ගියා

      Delete
  23. හොඳ විස්තරයක් ලස්සනට ලියල තේරුම කරලා තියෙනවා.කලින් දවසේ ට්‍රිප් එක වගේමයි.

    ස්තුතියි මේ වගේ වැදගත් තැන් ගැන අපිව දැනුවත් කරනවට.

    ReplyDelete
    Replies
    1. එහනම් ආයෙත් වතාවක් තව කොහේ හරි ට්‍රිප් එකත යමු නේද..
      ස්තුතියි අසර්..

      Delete
  24. ලස්සන විස්තරයක්....

    ReplyDelete
  25. ආස හිතෙන විදියට ලියල... පින්තුරත් දාල නිසා හරිම ෂෝයි!!!

    ReplyDelete
  26. මාත් එතනට ගියා වගේ හැගීමක් ඇති වුණා.. මම කතෝලිකයෙක් නම් නෙවෙයි. ඒත් කවදා හරි ගිහින් බලන්න තරම් ආසාවක් ඇති වුණා..

    ReplyDelete
    Replies
    1. යන්න ගිහින් බලන්න..ලස්සන තැනක්..මමත් බෞද්ධ තමයි..

      Delete
  27. හරිම පැහැදිලියි ... ලස්සන සටහනක්.. ස්තුතියි පුංචි කුමාරි හාමියේ..

    ReplyDelete
  28. ඔන්න මමත් අවා වල්ව්ව පැත්තේ හොදට නඩත්තුව එහෙම කරගෙන යනවානේ ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හොදින් නඩත්තු කරනවා..ප්‍රශ්නයක් නෑ. ආවට ස්තුතියි දඟයටත්....

      Delete
  29. නික්කි දුන්න ඔත්තුවකින් තමයි මේ පැත්තෙ ආවෙ.. මම වලව්වට ආපු පළවෙනි පාර වෙන්න ඕනෙ..

    බොහොම හොඳ ලිපියක්... වන්දනාවෙ ගියා වගේ දැනුනා..

    "බැතිමතුන් වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ පාස්කු සමයේ තමයි." විශේෂ හේතුවක් තියෙනවාද?

    නානවා කිව්වට වතුරෙ බස්සලා ගන්න එක නේද කරන්නෙ..

    බොහොම ස්තුතියි විස්තරයට..

    ඒ වගේම ලෝකයේ හැම රටකම පාහේ දේවස්ථානවල ලූර්දු ගුහාවෙ අනුරුවක් හදලා තියෙනවා..

    ReplyDelete
  30. බ්ලොග් එක බලල ඉවර වෙන කොට ලූඩ්ස් ගිහින් ආවා වගේ හැගීමක් ආවෙ බොහොම ස්තුතියි.

    ReplyDelete
  31. කුමාරිහාමි ස්තුති ඔයාගේ විස්තරයට, මමත් එක සේරයක් ලුර්ඩ්ස් ගිහින් තියනවා, නෙවත ගිය වගේ දෙනුණා. එතන ගොඩක් දෙනෙක් විශ්වසෙන් යන තෙනක්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...