Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Mar 30, 2012
෴෴ ආල වඩන යන තේරුම බෝසත් කම සකි෴෴
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණ ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා තියා
රිදී පොටක් පළදන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකි
"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"...
මේ සිංදුව මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහලා තියෙනවා.
මේක හුළවාලි චිත්‍රපටියේ සුනිල් එදිරිසිංහ ගායනා කරන ධර්මසිරි ගමගේ ශුරින් රචනා කරපු එකක්..
මොනවගේ හැඟීමක් එනවද මේක අහද්දී..!!
මට නම් මේක අහපු පළමු වතාවේ හිතට විස්තර කරන්න බැරි හැඟීමක් දැනුණා..ශෝකයත්, පාළුවත් එක්වුණ අමුතුම සංවේදනාත්මක හැඟීමක්..
ඇත්තටම ආදරය,ප්‍රේමය මොනතරම් කතා කරත්, මොන වයසෙදි කතා කරත් ලෝකය තියෙනකන් කතා කරලා ඉවර කරන්න බෑ නේද..
ඒත් කීයෙන් කී දෙනාද මේ ප්‍රේමය,ආදරය කියන දේ හරියටම වටහා ගන්නේ.
ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද...???
කවුරුත්ම ඒක හරියට කියන්න දන්නේ නෑ මම හිතන්නේ.එක එක්කෙනාට ඒකේ අර්ථය වෙනස්. එක එක්කෙනා ඒක විඳින හැටිත් වෙනස්.
ඒත් හැම කෙනෙක්ගෙම එකම අරමුණ සතුට,සැනසීම.
සඳ පායලා තියෙන රැයක මිදුලට ගිහින් අහස දිහා බලන්න..සඳ වටකරන් ඉන්න තරු රෑනත් එක්ක අහසේ තියෙන සුන්දරත්වය පේනවද..පිච්ච වැලේ සුවඳත් නහයට දැනෙද්දී හිතට දැනෙන සැහැල්ලුව සැනසීම මැදින් මතක් වෙන්නේ කවුද... "අනේ එයත් මෙතන හිටියනම්" කියල හිතෙනවා නේද..ඒ තමයි හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරපු ප්‍රේමය...
ආදරයේදී අපි වැඩිපුර කැමති ආදරයට ලක්වීමට කියලා මම කීවොත් වැරදිද.?
අපි හිතන්නේ අපේ සතුට. අපි ආදරය කරන කෙනා මොනතරම් අපිට ආදරය කරනවද කියන එක තමා අපේ එකම සතුටට හේතු වෙන්නේ..එයා ඒක අඩු කරපු ගමන් අනිත් කෙනාගේ හිතට එන්නේ තරහක්,කලකිරීමක්..සමහරවිට වෛරයක් දක්වාම දුර යන්නත් පුළුවන්.
ප්‍රේමය හදවත පතුළම ස්පර්ශ කරන හැඟීමක්..ඒත් ඒක සමහරුන්ට ලොකු වේදනාවක් වෙන්නේ කෙනෙක් අනෙත් කෙනාගේ හැඟීම තේරුම් නොගැනීම නිසා.
ඒ වගේම තමන් ආදරය කරන කෙනාට මුලු හිතින්ම ආදරේ නම් ඒ කෙනාට හැම මොහෙතෙම ගරු කරන්න ඕනේ..ගරු කරනවා කියන්නේ වැඳුම් පිඳුම් කිරීමවත් කරන කියන හැමදේම අනුමත කිරීමත් නෙමෙයි..ඒ කෙනාට අපහාස නොකිරීම...
කෙනෙක් ආදරය කරන කෙනාට එහෙම කරනවනම් අනිත් කෙනාගේ හිතේ මොනතරම් ආදරය තිබ්බත් නොදැනුවත්වම කලකිරීමක් ඇති වෙයි..
ආදරය අහිමි උණ දාට අපි අඬනවා,වැළපෙනව,ශාප කරනවා..ඒත් කීයෙන් කීදෙනාද තමන්ගෙන් ඈත්වුණ කෙනා ගැන අහිතක් නොහිතන්නේ..
"ආලේ බිඳුණ දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි"
සත්තකින්ම ආදරය ප්‍රේමය බෝසත් කමක්..අහිමි උණා කියලා දුකක් වේදනාවක් වෛරයක් ඇතිවෙන්නේ නෑ බෝසත් දම් පුරන අයෙකුට..
පාරමිතාවක් පුරනවා වගේ ආදරය කරන්න හැමෝටම පුළුවන් නම්...
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
පොත් පොත් පොත්4 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,382
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
පාරමිතාවක් පුරනවා වගේ ආදරය කරන්න හැමෝටම පුළුවන් නම්...ඒක බැරි එකනේ අප්පා ප්‍රශ්නේ..
ReplyDeleteඒකනේ පුරුදු වෙන්නලාකෝ..:D
Deleteභාවනාවක් වගේ අමුතු හැගීමක්...
ReplyDeleteඅනේ මන්ද නිදහසේ හිතුවොත් මලක් ගහල පාවෙනවා වගේ දෙයක් තමා..
පද පේලි ටික අපූරුවට එතුමා ගොතල තියෙනවා..
ඔව් ලස්සන පදවැල..ඒ වගේම සුනිල් එදිරිසිංහගේ ඒ කාලේ කටහඬට වඩා දැන් කටහඬ ලස්සනයි..
Deleteමල් කතාව නම් අපි දන්නේ නෑ.
//පාරමිතාවක් පුරනවා වගේ ආදරය කරන්න හැමෝටම පුළුවන් නම්//
ReplyDeleteහරිම දැනෙන පෝස්ට් එකක් අක්කා..
ස්තූතියි වර්ෂා..
Deleteබොක්කටම වදින්න ලියලා අක්කේ..නියමයි!!
ReplyDeleteමේක මට බූට් එක තිබ්බ වැදිරිට පෙන්නන්න විදිහක් නෑනෙ :/
හෑහ්..!! රජතුමත් බූට් කෑවද? විළි ලැජ්ජාවෙ බැහැ..!!
Deleteඅනේ පව් රජෙක් උනත් බූට් එකක් හම්බබවුනාම මොනා හිතෙන්න ඇතිද..:D
Deleteස්තූතියි මල්ලි..
මේ, ඔයා ගිහින් බත් හැලිය ඉදිලද බලලා එන්ඩ.. ඒට පස්සෙ ඔය ඔක්කොම හරි..
ReplyDeleteහරිම වැඩේ අනේ බත් මුට්ටිය පොලවේ ගහලා ..දැන් ඉතින් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ..හි හි
Deleteලස්ස්නට ලියලා තියෙනවා.. ආදරේ කියන්නේ භාවනාවක් වගේ දෙයක් උනාට හැමොටම ඒ භාවනාව විදින්න බෑ..
ReplyDeleteඒක් ඇත්ත..
Deleteආදරය ........... කොහෙන් එනවද ..කොහෙට යනවද ....හිතා ගන්න අමාරුම දෙයක් ...
ReplyDeleteහිතාගන්න බැරි හැමදාම ව්දවන දෙයක්..
Deleteසිංදුව අදමයි ඇහුවේ.
ReplyDeleteආදරේ කියන්නේ හිතන තරම් සරල දෙයක් නෙවෙයි එකේ තියෙන සංකීර්ණ කම නිසාමයි ගොඩාක් දෙනෙකුට තේරුම් ගන්න ආමාරු.
අඩේ ඇත්තද බං....
Deleteකොහොමද මගේ බර වචන.කොර නේ..
Deleteහුටාපටස්..මෙන්න මෙයාටත් බර වෙලා.....
Deleteහරිම බරයි නේද අසර්..
Deleteමුගේ කමෙන්ටුව බර වැඩි කමට මම දෙපාරක් කියෙව්වා :)
Deleteමමත් අදම තමා මේ සින්දුව ඇහෙව්වේ ...
ReplyDeleteඅපෝ ඉදල වැඩක් නෑ...මේ තරම් ලස්සන සිංදුවක් අහලා නෑ..?
Deleteපොලව පල0 යන්නත් හිතුනා... කෝකටත් කියලා මම අයමත් අහලා බැලුව. ම්හු. මේක නම් මකින් අහල ටිබුනෙ නෑ... කමක් නෑ දැන් ඇහුවනෙ...
Deleteආදරයක් ලබන්න වගේම ඒ ආදරේ හදවතින්ම විඳින්නත් ඒ වගේම ආදරණීය හදවතක් ඕන..
ReplyDelete//සඳ පායලා තියෙන රැයක මිදුලට ගිහින් අහස දිහා බලන්න..සඳ වටකරන් ඉන්න තරු රෑනත් එක්ක අහසේ තියෙන සුන්දරත්වය පේනවද..පිච්ච වැලේ සුවඳත් නහයට දැනෙද්දී හිතට දැනෙන සැහැල්ලුව සැනසීම මැදින් මතක් වෙන්නේ කවුද...//
හිතට දැනුන කොටසක්.. ඇස් පියාගෙන භාවනාවකට සමවැදෙන්න රෑ සීතලත් එක්ක.. ආදරයේ ඒ පිවිතුරු බව හදවතටම දැනෙන මොහොතක්...!
ඔව් නන්දු ආදරයත් බාවනාවක් වගේ තමයි..
Deleteමම මේ සින්දුව ලක්ශ වාරයක් විතර අහල ඇති..තවත් එපා වෙන්නෙ නැහැ....මගෙ අර 'ගිනි කන්ද බලන්න ගිය' පෝස්ට් එක ලියද්දි මේක මතක් වෙලා පුදුම දුකක් දැනුනා...''එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා''......
ReplyDeleteමමත් වින් ..මේක අහපුවාර ගාන මටත් මතක නෑ.එපා වෙන්නෙත් නෑ..
Delete"එවන් ගමන් අපි නම් ගියේ සෙනෙහස ගැන සිතා"
ඔයාගේ රකුසා ඔයා නැතිව මාසයක් හිටියා කිව්වම මට පුදුම හිතුනේ..එක්කෙනෙක් මම එක දවසක් ආවේ නෑ කියලා බ්ලොග් එකටම ඇවිත් බැනලා ගිය නිසා.. :D
මම මොන දේ කරත් මටත් නිතරම හිතෙන දෙයක් තමයි අනේ එයත් මෙතන හිටියනම් කියල..මේ ක්ලියපු හැමදේම ගොඩාක් හිතට දැනුනා..
ReplyDeleteඒ වගේම මේ ගීතය හරිම ලස්සනයි තමයි..කොච්චරඇහුවත් එපා වෙන්නෙ නැහැ..
ඔව් සිත් ගොඩක් ලස්සන සිංන්දුවක්...
Deleteඅකුරු පහේ තේරවිල්ල....ධර්මසිරි ගමගේගේ ප්‍රතිභාව වෙනකෙකෙකුට සමාණ නැත..සුනිල් එදිරිසිංහයන්ගේ ගීත මාදූර්‍යයත් වික්ටර් රත්නායකයන්ගේ සුමට සංගීතයත් හුලවාලී චිත්‍රපටයට ගාමිනී ෆොන්සේකාගේ අපූරු රංගනයත් මා ජීවිතේ අපූරු වෙනසක් කොට තිබිනි...එය නැවත මතකයට එක්කොට නැවත ජීවිතයේ වැරැද්ද සාදවාලීමට මා වඩාත්ම ප්‍රියකරන ගීතය යොදාතිබීම පුදුමයට කරුනකි..
ReplyDeleteසැබෑවය....නුඹ තරම් පෙම්කල කිසිවෙක් මේ ලොවේ නැත..ස්තූතියි
ම්ම්ම්. ආලවඩන යන තේරුම බෝසත්කම සකි..
Deleteබත් එක ඉදිලා ඉවරයි..කන්න එන්න.. :D
ඒ මොකද බත් කතාව.
Deleteඅසර් බත් කතාව දන්නේ නැද්ද. එහෙනම් ඒ කතාව වෙන දවසක කියන්නම්..
Deleteඑහෙනම් දැන් පොලොවෙ ගහලා කිව්වෙ.. :-) උයාගත්තු බත් එක සමගියෙන් කන එක කොච්චර ලස්සන දෙයක්ද ?
Deleteජය !!
හිතුවේ පොලවේ ගැහුවා කියලා බලන් ගියාම ගහලා නෑ... :D
Deleteඑහෙනම් ඉතින් තරහා මරහා, පොඩි පොඩි වලි අමතක කරලා දෙන්නත් එක්ක බෙදාගන කන එකයි ඇත්තෙ..
Deleteහිහ්..
ජය !!
සඳ පායලා තියෙන රැයක මිදුලට ගිහින් අහස දිහා බලන්න..සඳ වටකරන් ඉන්න තරු රෑනත් එක්ක අහසේ තියෙන සුන්දරත්වය පේනවද..පිච්ච වැලේ සුවඳත් නහයට දැනෙද්දී හිතට දැනෙන සැහැල්ලුව සැනසීම මැදින් මතක් වෙන්නේ කවුද... "අනේ එයත් මෙතන හිටියනම්" කියල හිතෙනවා නේද..ඒ තමයි හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරපු ප්‍රේමය...
Deleteආදරයේදී අපි වැඩිපුර කැමති ආදරයට ලක්වීමට කියලා මම කීවොත් වැරදිද.?
අපි හිතන්නේ අපේ සතුට. අපි ආදරය කරන කෙනා මොනතරම් අපිට ආදරය කරනවද කියන එක තමා අපේ එකම සතුටට හේතු වෙන්නේ..එයා ඒක අඩු කරපු ගමන් අනිත් කෙනාගේ හිතට එන්නේ තරහක්,කලකිරීමක්..සමහරවිට වෛරයක් දක්වාම දුර යන්නත් පුළුවන්.
ප්‍රේමය හදවත පතුළම ස්පර්ශ කරන හැඟීමක්..ඒත් ඒක සමහරුන්ට ලොකු වේදනාවක් වෙන්නේ කෙනෙක් අනෙත් කෙනාගේ හැඟීම තේරුම් නොගැනීම නිසා.
මේ මොකෝ...?
Deleteපෝස්ට් 1 කියවද්දී හදවතටම දැනුණේ මාත් ඔය විදියේ ආදරයක් විඳින හා කරන නිසා වෙන්න ඇති.හඳ පායපු රෑක පිණි වැටෙන සීතලේ එයාගෙ ළඟට වෙලා ඉන්න මම හරිම ආසයි.පුංචි කුමාරිහාමිත් ආදරේ අඳුනනවා එහෙනං ඈ...
ReplyDeleteසතුටුයි.එහෙම ආදරයක් විදිනවනම්..
Deleteඔව් මමත් ඒ වගේ ආදරයක් අදුනනවා..
මම ඊයේ එනකොට වළව්වෙ ගේට්ටුව වහලා තිබුනා.. මුරකාරය කිව්වා පැත්ත පලාතෙ එන්ඩ එපා කියලා.. ඉතින් හැරිලා ගියා..
ReplyDeleteමෙන්න අද නිකමට වගේ ඇවිල්ලා බලපුවම වලව්ව අලුත් වෙලා.. ගේට්ටුවත් ඇරලා..
අයියෝ ඊයෙ පොඩි රෙපයාර් එකක්නේ වලව්වේ..ලඟදී ලොකු උත්සවයක් තියෙනවා. ඉතින් අපි රෙපයාර් කරා..
Deleteවලව්වට එන්න බැරුව මන් දවස් ගානක් හිටියා. මොකද වෙලා තිබුනේ? ම්ම්ම් මේ අලුත් පෙනුමනම් බොහොම හැඩයි
ReplyDeleteඅනේ කවි මට නම් මේකේ ඇහැට අපහසු ගතියක් තියෙන්වා..පරන එක හොදයි නේද..මම ඒක දාන්න ඉන්නේ..
Deleteමිතුරනි....!
ReplyDeleteමේ ගීතය චිත්තරපටියේ යනකොට බැලුවොත් අනිවා..ඇඩෙනවා.....
(මාවත් පිලිගන්න..අලුතින්..වලව්වට...තාම පෝස්‍ටු නම් නැත..)
ආවට ස්තූතියි වීපොකුරට.. ආයෙත් එන්න..
Deleteජිවීතයේ හිස්බව කියලා දෙන්නෙත් "ආදරය"
ReplyDeleteජිවිතයේ පිරුණුබව කියලා දෙන්නෙත් "ආදරය"
වෙලාවකට "ආදරය" අමිලයි
නමුත් අද "ආදරය" මිල කරලා මේ සමාජය
වෙනස් වෙලා තියෙන්නේ "ආදරයද"? සමාජයද?
තාමත් උත්තරයක් හොයනවා මම මේ ප්‍රස්නෙට.......
උත්තරයක් නැති ප්‍රශ්නයක් රොබින්.. මමත් අද හිතනවා ආදරයද සමාජයද වෙනස් වුනේ කියලා. හැමදෙයක්ම නිමා වෙලා පැත්තකට වෙලා හිතද්දී ගොඩක් දේ හිතෙනවා.
Deleteමම නම් ගොඩාක් වෙලාවට කැමති ආදරේ දෙන්නයි අක්කේ.... ආදරයක් නොදී කොහොමද ආදරයකට ලක්වෙන්නේ.දෙන තරමට තමයි ලැබෙන්නේ.තමන්ගේ පෙම්වතී ආදරේ කරද්දි ගහක් ගලක් වගේ ඔහේ හිටියාම කොයිතරම් එයාට දුක හිතෙයිද.ඒ නිසා මම නම් ආදරේ පුළුවන් තරම් දෙනවා.
ReplyDeleteමට හිතුනු තවත් දෙයක් තමා ආදරේ කියන්නේ තේ කෝප්පයක් වගේ කියන එක.සීනි දාලා රහට බොනවද?? දියවැඩියාව හැදෙයි කියලා සීනි නැතිව බොනවද??? නැත්තම් හැමදේම සමානව දාලා බොනවද?? අක්කා ඉන්නේ සෑහෙන හිත් වේදනාවෙන් වගේ...
ගොඩක් ස්තූතියි මල්ලි. හිත්වේදනාව කියන එක හැමදාම තියෙන දෙයක්.. දවසින් දෙකින් ඉවර වෙනවනම් ඒක මොනතරම් දෙයක්ද.
Delete