Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jun 24, 2012

෴෴කුමාරිහාමි - 12෴෴


පාළු වලව්ව ඇතුළේ කිසිම සද්දයක් නෑ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ මළගිය අය වගේ.

අත්තම්මා හීන් කෙදිරියකින් ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මම ඇගේ කාමරේ ළඟින් යනකොට දැක්කා. පාළුවත් අමුතුම ගුප්ත බවත් කැටිවුණ මේ වලව්වේ මගේ මුළු ජීවිත කාලේම දිය කරලා අරින්න මට නම් කොහෙත්ම උවමනාවක් නැති බව මගේ සිතට තදින්ම දැනෙමින් තිබුණා

අක්කත් මමත් කුමුදු හොයාගෙන හෙමිහිට වලව්ව පිටුපසට ඇදුණා. වලව්ව්වේ මුල් කොටසින් එළියට එනකොට හමුවෙන්නේ විශාල මැද මිදුලක්.මේ මැද මිදුලේ බුදුන් වදින්න හැකිවෙන්න කුඩා බුදුගෙයකුත් වතුසුදු ගසුත් පිරිලා තිබ්බා.
උදේට හවසට උයන් ගෙයි උදව්වට ඉන්න ඩිංගිරි මල් කඩල අත්තම්මට බුදුන් වදින්න මල් ආසනය හදලා දෙනවා. මොනතරම් බුදුන් වැන්දත් අත්තම්මා හිතින් මොනතරම් කුරිරුද කියලා හිතේද්දී මට දැනුණෙ ලොකු කලකිරීමක්.

කුමුදු අපි එනකන් බලන් හිටියේ වලව්ව පිටුපස්සේ මඩුවේ. අක්කත් මාත් කුමුදුට ලංවුනේ කුතුහලය පිරිලා ඉතිරිලා ගිහින්.

"මොනවද කුමුදු ඔයා කියන්න ඕනේ කිව්වේ" අක්කා ඇහුවෙන් රහසින් වගේ.
"සුදු මැණිකේ, ලොකු මැණිකේ හිතන් ඉන්නේ ඔයාලව හැමදාම මෙහේ නවත්තගන්න. ඉස්කොලේ මැණිකේගේ ඔළුව නරක් වෙලා කියලයි එයාලගේ කතාව."

"ඉතින්"..?? අක්කා ඇසුවේ ඇස් විශාල කරගෙන කුතුහලෙන්.

"ඉතින් සුදුමැණිකෙලාගේ කෑගල්ලේ ගෙදර කුලියට දීලා ඔයාලව මෙහේ නවත්තගෙන ඉස්කෝලේ මැණිකෙගෙයි ටිකිරි අප්පුගෙයි පඩියත් ලොකු මැණිකේ අතට ගන්න බණ්ඩාර මැණිකේත් එක්ක ඊයේ දවල් කතා වෙනවා අපේ කිරිඅම්මට ඇහිලා"

බණ්ඩාර මැණිකේ කියන්නේ ලොකු නැන්දට. ලොකු නැන්දා කිසිම දිනක අපට කරුණාවක් දැක්වූ කෙනෙක් නෙවෙයි. ඇගේ විශාල ඇස්වල මා කුඩා කල සිටම දුටුවේ අමුතුම මායාකාරී බවක්.
විවාහ වන වයස පසුවී බොහෝ කල් ගියත් ඇය සිටියේ කවදා හෝ ඉතා උසස් කෙනෙකු සමග විවාහවීමේ බලාපොරොත්තුවෙන්.

අක්කා කිසිම දෙයක් නොකියා කල්පනාබර මුහුණක් මවාගෙන ඈත මිටියාවත දිහා බලන් ඉන්න හැටි මට පෙනුණා.
අපි දෙදෙනාත් අම්මාත් ගංවතුරකට හසුව ගහගෙන යන කුඩා කුහුඹුවන් තිදෙනෙක් මෙන් නොවේදැයි සිතෙත්ම මට ඉතා බර සුසුමක් පිටවුණේ නොදැනුවත්ම.

"හූල්ලන්න ඔනේ නෑ නංගී.. ඔයාටයි අම්මටයි මම ඉන්නවා. මම ඉන්නකන් අත්තම්මලාට ඕනේ විදියට අපිව නටවන්න එයාලට බෑ"

අක්කා කිව්වේ මගේ අත දැඩිව මිරිකාගනිමින්. මම අක්කගේ දෑස් දෙස බැලුවම දැක්කේ අර වහල තිබ්බ කාමරේ බිත්තියේ ඉන්න කුමාරිහාමිගේ දෑස්වල තිබ්බ එඩිතර බැල්මමයි. පුදුමයක් වගේම මගේ හිතට ලොකු ශක්තියකුත් දැනුණා.

"සුදු මැණිකේ මොනවද කරන්න හිතන් ඉන්නේ" කුමුදු ඇහුවේ ටික වෙලාවකට පස්සේ.
"තාම නම් අදහසක් නෑ කුමුදු.. මේ ගැන අපිට වඩා තේරුමක් තියෙන කෙනෙක් ගෙන් අහන්න ඕනේ.." අක්කා කීවේ කල්පනාවෙන් පිරුණ මූණෙන්..

"පරිස්සමින් සුදු මැණිකේ මේ වලව්වේ ඉන්න නපුරු මැණීකෙලා කැමති නෑ ඉස්කොලේ මැණිකේ ජීවත් වෙනවටවත්."..

කුමුදුගේ කතාව ඇහුවම මගේ හිත කියාගන්න බැරි බයකින් පිරුණා.

"අනේ අක්කේ අම්මා"..මම කීවේ වෙව්ලන හඩකින්...
"ඒ තරම් දෙයක් නම් කොහෙද කුමුදු මම ජීවත්ව ඉද්දී"..
අක්කා අමුතු හඬකින් කියද්දී මට දැනුණේ එයා නෙමෙයි වෙන කෙනෙක් කතා කරනවා වගේ කියලා.

ටික ටික අඳුරෙන් වැහෙන වලව්වත් වලව් වත්තත් හිතට ගෙන එන්නේ සතුටක් සැනසීමක් නම් නෙමෙයි.
එක පසකින් බැලුවාම පෙනෙන වලව්වේ පැරැන්නන්ගේ දැවැන්ත සොහොන් කොත් මගේ සිතට ගෙනාවේ මහා පාළු හැඟීමකට මුසු වුණ බියක්.කලකට ඉහත ඉතාමත් සශ්‍රීකව තිබෙන්නට ඇතැයි සිතෙන අතීත සිහිවටන වලව්ව පුරාම තිබ්බා.

අපි හිටියේ මීට කාලෙකට කලින් වලව්වේ අශ්වගාල කියල හිතන්න පුළුවන් ස්ථානෙක.එතැන තිබ්බ අශ්ව කරත්තයත් අශ්ව ලාඩමුත් ඊට සාක්ෂි දුන්නා. නොයෙකුත් පරණ බඩු පුරවලා තිබ්බ ඒ අශ්ව ගාලට එහා පැත්තෙන් කුඩා කාමරයක් තිබුණා.
කාලෙකින් කිසිවෙක් එහි නොගිය බවක් පෙනුණත් ඒ කාමරයේ දොරට දමා තිබ්බ ඉබ්බ නම් මලකඩ කාලා නෑ නේද කියන එකත් මගේ හිතට දැනුණා

එක්වරම ඒ කාමරය දෙසින් බඩු මුට්ටු වගයක් පෙරළෙන හඬකුත් ගැහැනියක් යටි ගිරියෙන් කැ ගසනවත් ඇසුණ අපි තිදෙන එකිනෙකාගේ දෑත් පටලවා ගත්තේ කරන දෙයක් හිතගන්න බැරිව

.....තවත් කොටසකින් හමුවෙමු.....


37 comments:

  1. අයියෝ....කුමාරිහාමි! අදත් නැවැත්තුවෙ කුතුහලය අවුස්සලා.... කථාව එන්න එන්නම රසවත් කුමාරිහාමි...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාතිමා. ඔයා ඇවිත් යන එකත් සතුටක්..

      Delete
  2. parana walauwala wartamana tatwaya ohamai(katawa lassanata oba liyanawa)priyantha italy

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියන්ත. ඔව් ගරාවැටෙන පරම්පරාවක අන්තිම සුසුම්

      Delete
  3. හයියූ................හොදම තැනින්නෙ අෆ්ෆා නැවැත්තුවෙ......දැන් ඉතින් ඉක්මනට දාන එකයි ඇත්තේ ඉතුරු කොටස....

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම්.. බලන්න ආවට ස්තුතියි.

      Delete
  4. අද පොඩ්ඩයි වගේනෙ...:(

    කවුද ඒ කෑගහන්න ඇත්තේ??? :O

    ReplyDelete
    Replies
    1. ඔව් හිතූ අද පොඩ්ඩයි. මම ටිකක් අසනීපෙන්....

      Delete
  5. Hi punchi,,, kohomada sapa saneepa,,, hondin athi kiyala hithanawad,,,,

    Adath kathawa lassanai,,,meka ara baya hithena jathiye chiththara patiyak wage,,,,, ikmanata kathawa danna,,,
    Love u
    Suja akka,,,
    P.s. oya chaminda malli( novel liyanne) dakkoth kiyanna adarayen mathak kala kiyala..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි සුජා අක්කේ බලන්න ආවට.
      ඔයාත් හොදින් නේද. මොකේ මේ ඇනෝ එන්නේ.. ඔයාගේ නමෙන් එන්නකෝ...

      Delete
    2. Nangi mata oya ekka private katha karanna one,,,

      Ada blogg ekaka dakapu deyak nisa...samahara vita oyath dannawa athi,oya langa email ekak thiyenam lux ta denna Facebook eken,, man eyagen illagannam,,,

      Oyata puluwan am please,,,
      Suja akka.,

      Delete
  6. අදනම් පොඩ්ඩයි වගේ කතාව. අක්කා කාගෙ හරි පුනරුප්පත්තියක්ද???

    ReplyDelete
    Replies
    1. අද පොඩ්ඩයි නිසූ මම ටිකක් අසනීපෙන්.. ම්ම් බලමු නේද කාගේ හරි පුන්රුප්පත්තියක් වෙන්නත් පුලුවන්..

      Delete
  7. අම්මෝ භයේ බෑ... කවුද ඒ යටි ගිරියෙන් කෑ ගැහුවෙ... භූතයෙක් වත්ද ?

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා. භුතයෙක් නෙමෙයි...

      Delete
  8. අයියෝ හරිම ටිකයි හරිම ටිකයි...... හොදම තැනදී මෙන්න නවත්තලා

    ReplyDelete
    Replies
    1. බොලා වගේ තමා එයත්

      Delete
    2. Eka aththa lux,, mun dennama ekai.,
      Suja,,,

      Delete
    3. කාව්‍යත් එහෙමද. මම නැවත්තුවේ ලක්ෂ් මල්ලි බය වෙන නිසයි..

      Delete
  9. හෆොයි හොදම හරියෙන් නවත්වලා කැතයි හරිය

    අක්කි ඔයා fb ඒකෙන අයින් උනාද ???

    ReplyDelete
    Replies
    1. බය වෙන්න බෑ හරිය..
      ඔව් මල්ලියෝ.. ටික දවසකට අයින් වුනා.

      Delete
    2. බය නැ හරිය වැඩිපුර දෙන්නකෝ අනේ අගේ නොකර

      Delete
  10. මොකද ඒ එක සැරේම ආපු සද්දේ...?? සමහර විට ඔයාලට ඔත්තුව දුන්න කෙනාට ලොකු නැන්දලා කරදරයක් කරනවද දන්නේ නැහැ.

    මොකද අද පොඩ්ඩක් ලියලා.

    ReplyDelete
    Replies
    1. අද පොඩ්ඩයි වගේද.. ඔත්තු දුන්න කෙනා ගුටි කනවා ඇති නේද අසර්... :D

      Delete
  11. ගෑනියෙක් යටිගිරියෙන් කෑ ගහනව කිව්වම....මටත් බය හිතුනා....!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි මෝහිනි මතක් වුනාද...?

      Delete
  12. මට එක පාරටම මතක් උනේ ''ජේන් අයර්'' නව කතාව...ඔයාලගෙ පරන අශ්ව ගාල..අපෙත් පරන කරත්ත මඩුවක් තිබුනා..'පොහොරියි මමයි' මගෙ පෝස්ට් එකේ ලිව්වෙ ඒක ගැන....

    ReplyDelete
    Replies
    1. ම්ම් අපි දෙන්නා ලියන දේවල් වගේම අපේ අත්දැකීමුත් ගොඩක් සමානයි කියලා මට හිතෙන්වා කිරිල්ලි.. ඔයා පහුගිය කාලේ වින්ද දේවල් දැන් මම විදිනවා. ඒත් මට ඔයා තරම් හයිය හිතක් නෑ..

      Delete
  13. ඔන්න අදත් බය කරල යන්න ගියා නේද ? හ්ම්ම් ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නකෝ .

    ReplyDelete
    Replies
    1. ගිම් කාලෙකින් දැක්කේ. ඔයා දැන් වැඩිය පේන්න නැහැනේ..

      Delete
  14. හොඳම හරියෙන් නැවැත්තුවනේ අයියෝ..... ඒක නෙමෙයි අක්කේ වෙනදා කතාව කියවද්දි වැඩිය නොතේරුනු දෙයක් අද තේරුණා ඔයාගේ ලිවීමේ ශෛලිය ගැන...

    //"ඉතින්"..?? අක්කා ඇසුවේ ඇස් විශාල කරගෙන කුතුහලෙන්.//

    මෙහෙම දැම්මම පොඩි දෙබසක් වුනත් අලංකාර වෙනවා කියලා තේරුණේ අදයි.මම මේ ක්‍රමය පාවිච්චි කලේම නෑ.මෙහෙම කලාම නීරස නෑ ලස්සනට කතාව ගලාගෙන යනවා....

    දැන් නම් මට හිතාගන්න බෑ මෙයාලට මොනා වෙයිද කියලා.මාර ලස්සනයි කතාව.ඇත්තටම මේක පොතක් විදියට ගහනවද?? මම හිතන්නේ ලොකූ පොතක් වෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගැමි මල්ලිට.. තාම නම් එහෙම අදහසක් නෑ මල්ලි.. ඉස්සරහට බලමු ..

      Delete
  15. ekamanata dennakooo. mm mey kathwata godak aesai :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට. පුලුවන් ඉක්මනින් දාන්නම්

      Delete
  16. මම අද තමා වලව්වට ගොඩ වැදුනේ.. :)
    ඉතුරු ටිකත් ඉක්මනට පබ්ලිෂ් කරන්න.
    මට හිතෙන්නේ වලව්වේ කෙනෙක් අතින් මොකක්හරි අසාධාරණයක් වෙලා මැරුණ කෙනෙක්ගේ පුනරුත්පත්තියක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමුදි එහෙම වෙන්නත් පුළුවන්..
      ස්තූතියි ඔයාට ආවට..

      Delete
  17. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධික කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට ඔයා හොඳට මේක කරගෙන යනවා. (0718064226)

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...