Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 22, 2012

සමුගැනීමට පෙර...


කෙතරම් උත්සහා කල මුත් දැවී වියලී ගිය කර්කෂ පොලවක නැවුම් මල් පූදන්නට හැකිද.?
ඔබ කියාවී පුළුවන්.. නමුත් එයට කාලය සහ කැපවීමද එකසේ අවශ්‍ය බැව් ඔබ පිලිගන්නා බව මම සිතමි.

වියලී පාලුවී ගිය හුදකලා සිතකත් එසේම නැවුම් සිතිවිලි පහල වන්නේ නැත. ගිම්හානය නිමාව වස්සානය පැමිනෙතැයි ඔබ පැවසුවද නැවතත් ගිම්හානය එළබෙතැයි මම කියමි. එනිසාම ගිම්හානයට හුරුවෙමි.

නොකියාම නිහඬව සිටීම මගේ වටා උන් මිතුරු මිතුරියන්ට කරන ආසාදාරනයක් නිසාවෙන්ම මෙය ලියා තබන්නට සිතීමි.

කුමාරිහාමි නවකතාව ප්‍රමාද වෙන වාරයක් පාසා මට පනිවිඩ එවමින් සහ කමෙන්ට්වලින්ම මැසිවිලි නඟමින් ගිය මගේ දයාබර මිතුරු මිතුරියන්ට අනේකවත් ස්තූති කරමි.

පහුගිය මාස කිහිපය පුරාවටම ඔබේ උනන්දු කිරීම මත මම කෙසේ හෝ වචනයක් දෙකක් ගලපා ගත්තද තවදුරටත් එසේ කල නොහැකි බැව් මගේම සිත මට කියයි. එම නිසාම ටික කලකට බ්ලොග් අවකාශයෙන්ද ඔබෙන්ද මද කලකට සමුගැනීමට සිතීමි..

මුහුණු පොත තුලින්ද මා ලියන කියන දෑවලින් මා කවුරුන්දැයි සොයා නොබලා ඔබ ඉතාමත් ලෙන්ගතුකමින් මා පිළිගත් අයුරු සිහිකරන්නේ හදපිරි සතුටුනි.

නොකියාම යනවාට වඩා කියා යාම ලඟ සිටි ඔබ සැමට කරන ගෞරවයක් නිසාම මම මුහුණු පොතේ මෙම ගිණුම වසා දමන බැව් ඔබට පවසන්නේ දුකක්ද සමඟය.

ඉදහිටක සිතේ දැවටුන කිසිවක් ලියා තැබූ පන්හිඳ මටත් නොකියාම නිහඬය. බලහත්කාරයෙන් සෙලවෙන පන්හිදෙන් එන්නේ සිතට අප්‍රිය දෑ පමනය.

කෙසේ නමුත් මා වටා සිටි ලබැදි ඔබ සැමට අනේක වාරයක් පින් පෙත් දෙමි. නැවත දිනක හැකිවූවොත් කුමාරිහාමිගේ ජිවිතයේ අවසානය ලියා තබන්නෙමි..


අපේ කාලයේ පුංචි කුමාරිහාමියකගේ කතාව මින් නිමාකරන්නෙමි..!!!

38 comments:

  1. හ්ම්ම්ම්ම් අනේ මන්ද...
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. සිනා බෝ තියෙනවනම් මෙහෙම වෙයිද පනුච්චියේ.. ස්තූතියි ඔයාට.

      Delete
  2. ඇතිවීම හට ගන්නේ නැතිවීමත් සමගිනි. ඇතිවූ සැමදේම නැතිවීම ලෝක ස්වභාවයයි. අප නොදන්නේ නැතිවන්නේ කවදාද යන්න පමණයි. එය කුමාරිහාමිටත් අපටත් එකසේ පොදුය. අප එකිනෙකා පුද්ගලිකව නොහැදින්නද, මේ අකුරු හරහා බැඳුනු මානසික බැම්මකින් බැදී ඇත. එබැවින් මෙවන් තාවකාලික වෙන්වීමක් වුවද හිතෙහි අනිත්‍ය මුසු හැඟීම් ඇතිකරවයි.

    එසේනම් ගොහින් එන්න. ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුළුවන්.

    පුංචි කුමාරිහාමිගේ පුනරාගමනය අපේක්ශාවෙන් නවතිමි.

    ඔබට ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නාට හැමදාම වගේ.

      Delete
  3. Liyanna ta athi de apamani,,,
    Aye enna dawasaka enna...
    API ayeth muna gahemu,,,,
    Dukai,,
    Suja akka....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුජා අක්කේ ඔයාට.

      Delete
  4. මට කෙනෙක් කිව්වා මේක ලියන්නේ සොඳුරු සිත කියලා. ඒත් මං විශ්වාස කලේ නැහැ. දැන්නං මට හිතෙනවා එයා හරි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයාට ලොකු වැරදීමක් මම සොඳුරු සිත නෙමෙයි. ස්තූතියි ඔයාටත්

      Delete
  5. ඔබ බ්ලොග් අවකාශට අවතීර්ණ වන විට සතුටු වූවා වගේම යනවිට දුක් වන්නන් අතර මාද සිටින බව මතක තියාගන්න . කියන්නට බොහෝ දේ ඇති මුත් කිසිවක් නොකියමි .

    …ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. හැමදාම ලගින් හිටිය බ්ලොග් ලෝකයේ හමුවුන මිතුරිය ගිම්. ඔයාට ගොඩක් ස්තූතියි..

      Delete
  6. hm.... ikmanata gihin enna. hitha hada ganna beri wena ekak ne kalayak yanakota.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූ.. මම හිතනවා. ඔයාට ගොඩක් ස්තූතියි හැමදාම ඇවිත් මාව දිරිමත් කරාට..

      Delete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. හිත ඇතුලෙන් මොකක්දෝ මංදා දුකක් හිරකරගෙන ඉන්න බව හැමදාම දැනුනා.. නමුත් කවමදාකවත් ඒ ගැන කත අකරන්න වුනේ නෑ.. කොහොම නමුත් තවත් පොළොවෙ පයගහලා ඉන්න , කෙල්ලෙක්ගෙ සමු ගැනීම සතුටක් නම් නෙවෙයි!!!

    යන්න... ඒත් කවදාහරි ආයෙත් එන්න.. එච්චරයි අක්කෙ!!! බුදුසරනයි!! ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තූතියි හිතූ..
      ම්ම්ම්.. දුක කියන එක ජීවිතේට නුහුරු වෙලාම හිටපු මට ජීවිතේම එකම දුකක් කියලා දැන් දැනෙන්න අරන්. ඔයාලට ඒක තේරෙන්න ඇත්තේ ඔයාල මගේ ලගින්ම හිටපු නිසයි

      පුලුවන් කාලෙකෙ ආයෙත් එන්නම් හිතු.. බුදුසරනයි ඔයාටත්

      Delete
  8. හ්ම්ම්........... ඔයා අපූරු ලියන්නියක් අක්කේ... :D
    ඇයි කියල මං අහන්නේ නෑ ...... ගියාට කමක් නෑ ඒත් ආයෙත් එන්න...
    ඔයා එනකම් අපි හැමෝම මග බලාගෙන ඉන්නවා..
    සුබ අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයිෂ් ඔයාටත්..
      ආයෙත් එනවා ලගදිම නොවුනත් එනවා. කිසිම සමුගැනීමක් සදාකාලික නොවෙන නිසා.

      Delete
  9. ඔබ නැවත එනතුරා බලා සිටිමි!!!!!
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජිත් ඔයාටත්

      Delete
  10. ප්‍රශ්න විසඳුනාට පස්සේ ආයෙම එන්න..!

    ReplyDelete
    Replies
    1. හොදයි නැවත හමුවෙමු.
      ගොඩක් ස්තූතියි ප්‍රමුදි..

      Delete
  11. බුදු සරණයි....ඔබට..!
    සිතුම් පැතුම් සියල්ලක්ම ඉ‍ටුවේවා..!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි..
      ඉටුවෙන්න කිසිම පැතුමක් හිතේ නැති වුනත් ඔයාගේ ප්‍රාර්තනාවට ස්තූතියි

      Delete
  12. ගිහින් එන්න
    සුභ ගමන්...!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රියන්ත ඔයාටත්..

      Delete
  13. කෙටි නිවාඩුවට සුභ පැතුම්, දීර්ඝ නිවාඩුවට වඩා කෙටි නිවාඩුව ඉක්මනට ඉවර වෙනවා. ඒක හින්ද ඔයා ඉක්මනටම ඒවි කියල හිතනවා අක්කේ.

    ReplyDelete
    Replies
    1. අපි බලමු පැතුම්.. සමහර විට මේ නිවාඩුව කෙටි වෙයි. ඒත් ඒ කෙටි නිවාඩුව මුලු ජීවිතේම වෙනස් කරන එකක් උනොත්??..
      කොහොම උනත් නැවත හමුවෙමු.

      Delete
  14. සිරා බ්ලොග්කරණයට පිවිසිලා ලියපු දෙවන පෝස්ටුවට ඔබ එක්ක කල කොමෙන්ටුව

    හරිම ලස්සනට ලියලා. ඔයා ඔහොම කිව්වම මටත් මතක් වුනා. අපේ තාත්තත් ඔහොම කතාවක් කිව්ව. හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරි උන මගේ නහයට කට තියලා ඉරුවා කියලා.. අනේ අපේ දෙමව්පියො ජාති ජාතිත් වාසනාවන් කියල හිතෙනවා නේද..

    ඔන්න ඔහොමයි...එදින සිට හදුනාගත් ඔබේ මේ වෙන්වීම තාවකාලික එකක් වේවා යැයි මම පතමි. සිතේ කණස්සල්ලට හේතුව මම නොදනිමි. එහෙත් මධ්‍යම ප්‍ර‍තිපදාවෙන් සිතුවොත් ඔබට ඔය සිත නැවතත් එකලස් කරගන්නට ගත වන කාලය බොහෝ අඩුවේවි...

    සියලු සුභ දේ ඔබ වෙනුවෙන් පතමි... ජය ! ලගදීම දවසක ආයෙත් එන්න...

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වම ඇස්වලට කදුලුත් ආවා. ඔයාලව කවුද කියලවත් දන්නේ නැති උනත් සැබෑ නම් ගම් වත් අපි නොදැන මොනතරම් හිතවත් කම් මේ අකුරු හරහා අපි බෙදාගෙනද කියලා මට හිතුනා.
      සත්තකින්ම මේ හිතවත් කම් මට ලොකු හයියක්. අඩන වැලපෙන හිතට මේ සහෝදර කම් ගේන්නේ සිසිලක්.
      සිරාට ගොඩක් පින්.. ආයෙත් නැවත දවසක හමුවෙමු..!!

      Delete
  15. කවදාහරි ආයෙත් එන්න! ඔයා එනකම් අපි හැමෝම මග බලාගෙන ඉන්නවා..!
    Have a beautiful life :)

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි Reeza.. ඔයා මට හමුවුන හොදම යාලුවෙක් මේ බ්ලොග්වලයි මුහුනු පොතෙයි..
      නැවත හමුවෙමු..

      Delete
  16. ගමනක නිමාව නව ගමනක ඇරඹුමයි... ඒ නව ගමනෙදිත් ඔබ හා එක්වන්න බලාපොරොත්තුවෙන් සිටිනවා..

    ReplyDelete
    Replies
    1. නව ඇරඹුමක් නොතිබුනත් මම නැවතත් ඔයාලා බලන්න එනවා. එතකන් ආයුබෝවන්..

      Delete
  17. කලයත් එක්ක ගොඩක් දෙවල් වෙනස් වෙනවා කතවට කියනවා නම් කෙනේ කුට දුක හිතෙන්නේ වෙනස් විම නපුරු හෝ මග ඇරිම නොව ඉස්සර ගෙවුනු අතීතය සතුට දැන් නැහැ කියලා, ඉස්ස වගේ අක්කේ ඔයා හැම දෙම පැහැදිලි හොද කෙනෙක් හරියට කන්ණාඩියක් වගේ එත් මිදුම් බැදිලා පොඩ්ඩක් අදුරු වුනාද මන්ද අවා පිහිදැම්මා ම යනවා සිත කියන දේ මතක ඇත්තේ සිතින්ම සිතද්දි හැම දෙම හොදට වෙයි මව නම් දලා ගිහින් ගොඩක් කල් ගොඩක් තරහ වුනා නේ එත් අමතක නැහැ .. හැම පියවරක් ම තියපූ හැටි ගොඩක් දෙවල් කියලා දුන්නා ජිවිතේ ටත් කවිලියන්නත් තවත් ලස්සන දවසක් එවි ඔක්-29 වෙනිදාට සතුටින් ඉන්න හැමදාම මගෙන් හැම සුබ පතුම් හැම දෙටම බුදුසරණයි අක්කේ !!!

    ReplyDelete
  18. පුංචි කුමාරිහාමි හැමදාම මම ආසා කරපු ලියන්නියක් කොහොම හරි ඔයාගේ කතාව හොයල කියවනවා...ඉක්මනින් පුනරාගමනයක් බලාපොරොත්තු වෙනවා..
    පාළුයි ..
    ඔබේ පන්හිඳ රටා
    නොමැතිව මුළු බුකියම

    ReplyDelete
  19. ඔයා ඒ කියන්නේ යනවද?.. හැකි ඉක්මනින් ආයෙත් එන්න කියා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  20. aiyo කුමාරි NAWA kathawa.. oekane kynne pawdgalika pasna blog jivitheta gewa ganna epa kynne. pothak lynna taram watina katawa mokak hari pawdgalika hethuwak nisa newththuwa. කුමාරිහාමි selenna epa. Ahelepola කුමාරිහාමි wage sakthimathwa enna. jaya vewa.

    ReplyDelete
  21. දුවේ අන්තර්ජාලය කියයන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි . ඔයා ආපහු මේ මඩගොහුරට එන්න එපා,
    ආගම දහමට සිත යොමු කරන්න. ගස් වැල් ටිකක් ඇසුරු කරන්න. ඔය බිදුනු සිත සුවපත් වෙනවා ඔයාටත් නොදැනීම .
    මනුස්ස ජීවිතයක වටිනාකම විතරක් අමතක කරන්න එපා.
    ගොඩක් දුකෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න එපා

    ReplyDelete
  22. ආයෙත් ඉක්මනින් එන්න..

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...