Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 18, 2012

~~~~කුමාරිහාමි - 07 ~~~~






සිසිර සෘතුවේ ආරම්භයයි..ගත වෙලා ගන්නා සීතල සුළග ගතේ දැවටී වේගයෙන් හමා යයි .ගස් වල කොල තැඹිලි පැහැගැන්වි හැලීමට ආසන්නය..තවත් සෘතුවක් පිලිගැනීමට පරිසරය සූදානම්ය.. පරිසරය සන්සුන්ය..ගඟ අයිනට වී නගරය දෙස බලා ඉන්න මගේ සිතද බොහෝ සන්සුන්ය

හිරු නැගී පැය කිහිපයක් ගත වුවද අහසේ අඳුරු බව එලෙසමය..මුලු නගරයම වසා ගත් සිහින් මීදුම් පටලය පරිසරයේ සීතල තව තවත් දැඩි කරවයි.මෙතරම් තද සීතලක වුවද නගරය ඇවිස්සුන කඩි ගුලක් මෙන් ජනාකීර්නය.

 සියල්ලන් වෙගෙයෙන් එකිනෙකා පසු කර යයි.හැම මුහුනකම ඇත්තේ උද්යෝගීමත් සැහැල්ලු පෙනුමකි.වියපත් වූවන් කිහිප දෙනෙක් බල්ලන් සමග ඇවිද යමින් ප්‍රිතිමත් පිලිසඳරකි.

මා මොහොතක් නැවතී ශේන් ගඟ දෙස බලා හුන්නෙමි. 

ඇඟෙහි හැපෙමින් ඇඳී යන සිහින් සුලඟ ගත හීගඩු නැංවූවද සිතටත් ගතටත් අපූරු සුවයක් ගෙනැතැයි මට සිතුනි..සීතලෙන් ගල් වී ඇති ගංදියෙහි ඇඳි යන නොයෙකුත් හැඩැති බෝට්ටුත් ඒවායේ නැගී යන සංචාරකයන්ද සිනා මුසු මුහුනින් අවට සිරි නරඹයි. 

මේ සීත කාලයේ ආරම්භයයි..වසන්ත කාලය මෙන්ම සීත කාලයද එකසේම සුන්දර පැරිස් නගරය පුරාම කිසිම විටක් සංචාරකයන් හිඟ වන්නේ නැත.

මා පැරිස් නගරයට පැමින මේ ගෙවී යන්නේ හත් වන වසරයි..

ජීවිතය බොහෝ පුදුමාකාරය. ගරා වැටෙමින් තිබූ වලව්වක අවසාන පුරුකේ සාමාජිකාවක් වූ මම මෙසේ ලෝකයේ දියුනුම නගර වල එකක නැවතී ජීවිතය ගෙවන අයුරු... 

මට දැන් නැවතත් මගේ රටට ගොස් සොයා යාමට මගේ යැයි කීමට කිසිවෙක් නැත.මා කවුරුන් සොයා ලංකාවට යන්නද..? එසේ සිතන විට නම් මගේ මුලු සිතම සියුම් ගින්නකින් දැවී යයි.

එදා මෙදා තුර කාලය ඇතුලත ජීවිතය මොනතරම් වෙනස් විනිද?..මට මා ගැනම විටක පුදුමයකුත්,දුකකුත් දැනේ..

දුක මම කාත් කවුරුත් නැති අසරනියක් ලෙස නාදුනන රටක තනිවීමයි.පුදුමය ජීවිතය එපා වීමට හෙතු තිබියදීත් මම ජීවත්වීමය.

මට අතීතය සිහිවෙයි..මෙයට හත් වසරකට පමන පෙර හිස් අතින් ප්‍රංශයේ "චාර්ල්ස් ඩි ගෝල්" ගුවන් තොටුපලට පැමිනි මම අද මෙහිම ස්ථීර පදිංචිකාරියක්මි.

"බොන්ශු වත්සලා"

කියමින් මිසිස් මර්ටීනා මා පිලිගත් ආකාරය මට අද මෙන් මතකය..

මර්ටීනා සාමාන්‍යෙන් ඉංග්‍රීසි යම් තරමක් දැනගෙන සිටියාය..අප අතර සිදුවූ සියලුම කත බහ ඇයගේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් සිදුවිය. 

සාමාන්‍යයෙන් ප්‍රංශ ජාතිකයන්ට ඉංග්‍රීසි බාෂාව නුහුරුය..මා මෙතන්ට අදුන්වා දුන් අමරනායක ටීචර් ගේ යෙහෙලිය මර්ටීනාගේ සොහොයුරියයි.

මම ඇය සමග ඇයගේ මෝටර් රියෙන් ඇගේ නිවස බලා ආමි..

රාත්‍රියේ පැරිස් නගරය දිව්‍ය ලෝකයක් මෙනි.මා දැක ඇති මහනුවරත් කොළඹත් අනුව බලන කල පැරිසිය අමුතුම ලෝකයකි..රැයෙහිත් දවාලෙහි මෙන් මිනිසුන් වීදි පුරා ඇවිද යනු පෙනේ..සියලු දෙනාම යන්නේ රාත්‍රී කෑම සදහා අවන්හල් කරා යැයි මර්ටීනා පහදාදුන්නාය.

පැරිසියේ කොහේ සිට බැලුවත් ඈතට දිස්වන අයිපල් කුලුන මගේ සිත තුල ඇති කරේ පුදුමයක්.මුලුකුලුනම විදුලියෙන් ආලෝක කර ඇති නිසා ඕනෑම් රැයක ඈත සිට ඉතා සුන්දරව පෙනෙන බව මර්ටීනා පැවසූවා.

"වත්සලාට හිමීට බලන්න බැරි යැයි ලඟටම ගිහින්"

කුඩා කල පාසලේ පොත් වලින් දුටු දේත් රූපවාහිනී තිරයෙන් දුටු සුන්දර යුරෝපයත් මගේ නෙත් ඉදිරිපිට මැවෙද්දී මට ඇති උනේ සතුටක් වගේම සියුම් දුකක්

අප්පච්චීත් අම්මත් අක්කාත් සමග ගෙවූ නිසන්සල දිවිය කෙලවර වූයේ හදිසියේම අප්පච්චි අප තනිකර දමා මෙලොවින් සමු ගැනීමෙනි.
             
               ~~~~~~~~~~~~~~~~


අම්මාගේ ඇඬීම් වැලපීම මැද අත්තම්මා ජය ගත්තා. 

අපේ අම්මට හිටියේ එකම පිරිමි සහෝදරයෙක් විතරමයි..
අම්මගෙයි මාමගෙයි නෑයෝ කිසි කෙනෙක් හිටියෙ නෑ.අම්මගේ අම්මා  මිය ගිහින් තියෙන්නේ අම්මලා කුඩාකාලෙමයි.

ඊට පස්සේ සීයා වෙනින් කසාදයක් කරගෙන.අම්මවයි මාමවයි හදාගෙන තියෙන්නේ අම්මගේ ආච්චි..

වයසට ගිහින් එයත් මියගියාට පස්සේ අම්මායි මාමයි මේ ලොකේ තනිවෙලා මාමට හයියක් තිබ්බේ නෑ අත්තම්මව නවත්තන්න..

අක්කා නම් මේ හැම දෙයක් දිහාම එයාගේ අමුතු බැල්මත් එක්කම බලන් හිටියා.. ඒත් අප්පච්චිව එලියට ගන්න සූදානම් වෙනකොටම අක්කා අත්තම්මයි, නැන්දම්මලයි ලඟට ගියා

"අත්තම්මා හිතනවා නම් මේ කරන්නේ හරි වැඩක් කියලා මගේ විරුද්ධ කමක් නෑ.හැබැයි අත්තම්මට විඳවන්න උනාට පස්සේ දුක් වෙන්න එපා"

අක්කා අත්තම්මගේ මූන දිහා කෙලින් බලාගෙන එහෙම කියනනකොට අත්තම්මා වගේම නැන්දම්මලා දෙන්නත් වෙව්ලලා ගියා.

අක්ක කොහොමත් වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි..ඒත් එයා දෙයක් කිව්වොත් අනිත් අය හැම කෙනෙක්ම ඒක පිලිපදිනවා.

අත්තම්මාගේ ඇස් අමුතු බයකින් සිහින් වෙනවා මම දැක්කා..එත් එක්කම එයාගේ පරන ආඩම්බර කම මතු උනා

"කිරි දරුවන්ට තීරන ගන්න දෙන්න මම රූකඩයක් නෙමෙයි..මම මැරුනහම උඹලාට ඕනෙ විදියට වැඩ කරපල්ලා..මේකා මගේ දරුවා..මම දහ මාසයක් කුසේ තියන් ඉඳලා වදපු දරුවගේ මගුල මට ඔනේ විදියට කරගන්න බැරි උනා..ඒකගේ අවමගුලවත් කරගන්න මට ඉඩ ඇරපල්ලා"

අත්ත්ම්මා අඬ අඬ කෑ ගැහුවා..අක්කා නිෂ්ශබ්ද උනා.                     

51 comments:

  1. හ්ම්ම්..
    එක දිගට මුලු නවකතාවම කියවන්න ඇත්නම් කියල හිතුනා..

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර උනාම පුලුවන් නේද..හි හි.ස්තූතියි ආවට සිත්..

      Delete
  2. ඉක්මනට ලියන්න.....බලන්න මග බලාගෙන ඉන්නවා...වෙනද වගේම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර උනාම පුලුවන් නේද..හි හි.ස්තූතියි ආවට සිත්..

      Delete
  3. හා හා ඉක්මණට ඊලග කොටස .... ලස්සනයි පුංචි ....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සම්මානි..ඔයාට මිල්ක් චොක්ලට්

      Delete
  4. කතාවනම් ලියවෙන විදිහ ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  5. මහ නපුරු අත්තම්මෙක් වැඩිහිටියෝ කියන හැමදේම හරි නෑ ටිකක් මුරණ්ඩු වෙන්න ඕනේ මම නම් එහෙමයි....කතාව නම් හරිම අපූරුයි අක්කේ ඊලඟ කොටසුත් ඕනේ ඉක්මන්ට

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම නම් හැමදාම එයාට බයේ නේ හිටියේ..ඒත් එහෙම බෑ තමා..ස්තූතියි ඔයාට

      Delete
  6. මේ ඔයාගේ ඇත්තම ජීවිත කතාවද ?? කතාවක් හැටියට් කියවන කොට ඒක ලස්සනයි.. ඒත් ප්‍රායෝගිකව ඔය වගේ තත්ත්වයන්ට මුහුණ දෙන එක කොච්චර කටුකද ?

    මොනවා උනත් දිගටම ලියන්ඩ.. අපි කියවමින්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙන්නා..මගෙම ජීවිත කතාව නොවුනත්..ඒකත් මීට ටිකක් සමානයි..

      Delete
  7. මට මතක විදියට මේක ඔයාගෙම කතාවක් නෙවෙයි නේද.කතාවේ සමහර තැන් තෙරුන්ම් ගන්න බැරි වුනා.ඒ කතාව මගදී කියවන්න පටන් ගත්තු නිසා වෙන්න ඇති.දිගටම ලියමු.කම්මැලි කෑමක් නැතුව කියවන්න පුළුවන්.

    --අසාර්--

    ReplyDelete
    Replies
    1. මොනවද බන් කම්මැලි කෑම කියන්නේ... ? හික් හික් මමනම් ජීවිතේට එහෙම කෑමක් කාලා නැහැ...

      අසාර් කියනවට වැඩිය හොඳයි අසර් කිව්වනම්..

      Delete
    2. මොනවද බං ඒවා කාලා නැද්ද.අයියෝ ලැජ්ජයි.. ඕනෙම හන්දියක තියෙන කඩේකින් ගන්න පුළුවන්..හෙක් හෙක්

      Delete
    3. අසර්...කම්මැලි කෑම මටත් ටිකක් දෙන්නකෝ..කතාව දිගටම තියෙනවා..කුමාරිහාමි කියන එකට උඩ ක්ලික් කරාම..මේකම 03wall වෙබ් එකෙත් තියෙනවා.එතනින් බලන්න පුලුවන් ලස්සනට..

      Delete
  8. ම්ම්ම්ම්ම්.. මේක ඇත්ත්ම කතාවක්ද?? ලස්සනට ලියලා තියෙනවා..ඒත් මේක අත්දැකීමක්නම්, හරිම වේද්නාකාරිබවක් හැංගිලා තියෙනවා..

    //පුදුමය ජීවිතය එපා වීමට හෙතු තිබියදීත් මම ජීවත්වීමය.//

    මෙන්න මෙතන හරි වටින අදහසක් තියෙන්නෙ.. මොන දේ වුනත් ජීවත්වෙන්න හයියක් තියෙනවා කියන්නෙ, වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ...පුදුමය, ඒකම තමා..ජීවත් වෙන්න ඔනේම හේතු තියෙනවා

      Delete
  9. huga davasakin aaye blog loketa aawe.den oyage okkoma post kiyavanna hadanne.

    ida thiyena velavaka mage blog ekatath evilla yannako!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා..ආවටත් ස්තූතියි..මම එන්නම්කෝ ඔයාගේ පැත්තේ..

      Delete
  10. අද අක්කේ මුලින්ම ආවෙ.. මාරම ලස්සන බ්ලොග් එකක්...
    කතාවෙ මෙ කියවපු ටික නම් නියමයි .. ඉතුරු ටිකත් කියවන්නම්

    ReplyDelete
  11. ටිකක් පරක්කු උනා මේ පැත්තට එන්න.ඉතිරියත් ලියන්නකො . බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  12. අම්මෝ ගිම් ඔයාව දැක්ක කල්..කොහෙද ගිහින් හිටියේ..

    ReplyDelete
    Replies
    1. පහු ගිය කාලේනම් හරියට ට්‍රිප් ගියා . ඒත් බ්ලොග් වලටත් ආව පුළුවන් විදියට .ඔයාගේ කලින් පෝස්ට් එකටත් ආවනේ මම. එච්චර කාලයක් නෑ .:D

      Delete
  13. අද ද මන්දා ඉස්සර වෙලා ම ආවේ! ම්ම්ම්... ලස්සන කථාවක්, දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාටත් ..මම හිතන්නෙත් ඉස්සර වෙලාම නේද ආවේ

      Delete
  14. මේ කතාව මගදි මට අත ඇරුන.මුල ඉඳන් කියවල එන්නම්...ලස්සනට ලියනව..

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාටත් ..අත ඇරුන කොටස් ඔක්කොම තියෙනවා. කියවනවටත් ආවටත් ස්තුතියි

      Delete
  15. කතාව ලියන විදිය නම් ලස්සනයි, කතාවත් ලස්සනයි.. ඊළඟ කොටස කෝ.. ඒකත් ඉක්මනට දාන්න, මේ අත්තම්මගෙ කෙරුවාව ටිකක් අප්සට්නෙ.. වයසට යනකොට ඔහොම තමා, හැමෝමත් එහෙම නෑ.. කොයි එක වුනත් ඉවසනඑක තමා හොඳ, වයසක උදවිය නිසා හිත රිදෙන්න මොකුත් කියන්නත් බෑනෙව... ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාටත් ..ඔව් අනේ වයසක අයගේ හැටිනේ නේද ?

      Delete
  16. මම කැමතිම විදියේ කතාවක්...අක්කගේ චරිතය ට ටිකක් ගුප්ත බවක් ගෑවිලා තියනවා කියල හිතෙනවා...පරණ කොටස් එක්කම කතාව කියෙව්වා.

    ReplyDelete
  17. ස්තුති සයුරි..ඔක්කොම කියෙව්වටත් ආවටත් ..

    ReplyDelete
  18. ඔන්න මමත් කියවන්න ආවා

    ReplyDelete
  19. අයියෝ මල්ලෝ එක ලියල මට මරණ තර්ජන ආවානේ..හි හි.. අනේ නෑ එක මගේ අතින් ඩිලීට් උනා නේ..

    ReplyDelete
  20. විහිළු නෙමේ අක්කේ සිරාවටම වෙව්ලලා ගියා පස්සෙනේ අනික් ටික කියෙව්වේ....ලියද්දි ඩ්‍රාෆ්ට් වෙලාවත් නැද්ද රිකවර් කරන්නවත් බැරිද කෙලින්ම බ්ලොග් එකේද ලිව්වේ?? අපරාදේ මට කියවන්න බැරි වුනා ගමනක් ගිය නිසා...

    මේ අක්කේ අඩු ගානේ RSS ලින්ක් එකටවත් ඕක save වෙන්නේ නෑලුද??

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මල්ලියෝ එක ආයි රිකවරි කරන්න බෑ..මම බැරි තැන අමතක කරා..

      Delete
  21. ඇත්තටම ලස්සනයි ......................බලන්න ආසයි

    ReplyDelete
  22. ada thama mulinma me blog eka kiyewwe..ithuru tikath kiyawanna asawen innawa...
    bohoma hangim barawa lassanata liyala thiyanawa...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට.
      ආවටත් ගොඩක් ස්තූතියි.

      Delete
  23. අද තමයි ඔන්න කතාවෙ ඔක්කොම කොටස් ටික එක දිගටම කියවන්න ලැබුණෙ... මේ කතාව හරිම ලස්සනයි...

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...