Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 3, 2012
ලාබෙට මුද්දක්....
අද අන්තර්ජාලයේ දැක්ක විශේෂ ලිපියක් නිසා මට මේක ලියන්නම් ඕනෙ කියලා හිතුනා...
එක පැත්තකින් හිනා යන දෙයක් උනත් හිතලා බැලුවම හිනාවෙන්නත් අමාරුයි මේ මුදු කතාව දැක්කම මට ඉස්සෙලම හිනා ගියා පස්සේ ලංකාවේ අපේ අය ගැන දුක හිතුනා..ඔක්කොටම වඩා හිනා යන්නේ එකේ කමෙන්ට්ස් බලලා.
කතාව කෙටියෙන්..
ඒකේ තියෙන වීඩියෝ එකේ හැටියට පරිප්පු උයන කෙනාගේ අතින් තමා මේ මුද්ද වැටිලා තියෙන්නේ..
කතාව කෙටියෙන්..
ප්‍රසිද්ද හෝටලයකින් කෙනෙක් බත් පැකට් එකක් ගෙනල්ලා..ඒකෙ මුද්දක් තිබිලා ...
("රත්තරන්ද..???" ඔයාලත් අහන ඒවා... ඒක රත්තරන් උනා නම් මේ පෝස්ට එක ගොසිප් එකට එයිද.බත් එක විසිකරලා හිනාවෙලා මුද්ද සාක්කුවෙ දාගන්නවා මිසක්)
ඒකේ තියෙන වීඩියෝ එකේ හැටියට පරිප්පු උයන කෙනාගේ අතින් තමා මේ මුද්ද වැටිලා තියෙන්නේ..
පස්සේ ව්‍යාපාරය හිමි කෙනා අදාල අයගෙන් සමාව ඉල්ලලා තිබ්බා වගේම හීනියට පබ්ලිසිටි එකකුත් කරලා තිබ්බා.."අපිට ගොඩක් හතුරො ඉන්නවා" කියලා.."
මේ සිද්දිය වෙන දියුනු රටක උනා නම් අද මේ ව්‍යාපාරය වසා දමලා වගේම අදාල පුද්ගලයාට වන්දියකුත් දීලා.
ඕක බැලුවම පුංචිට මැවිලා පෙනුනා බත් එක කාපු කෙනා ආපහු බත් එකත් අරන් අර හෝටලේට ගියාම කළමණාකරුයි ගනුදෙනු කරුයි අතර ඇතිවෙන දෙබස මොනවගේද කියලා..
මෙහෙම වෙන්න පුලුවන් නේද.. ???
ගනුදෙනු කරු : Mr බලන්න ඔයාලගෙන් ගත්ත ලන්ච් පැකට් එක ඇතුලේ මුද්දක් .තිබුනා..
කළමනාකරු : ඔව් සර් ඉතින් ලන්ච් පැකට් එකක් එක්ක ඊට වඩා ලොකු දෙයක් දෙන්න බෑනේ..සර් හිතුවේ ඔටුන්නක් වගේ එකක් තියෙයි කියලද.?
කළමනාකරු : ඔව් සර් ඉතින් ලන්ච් පැකට් එකක් එක්ක ඊට වඩා ලොකු දෙයක් දෙන්න බෑනේ..සර් හිතුවේ ඔටුන්නක් වගේ එකක් තියෙයි කියලද.?
ගනුදෙනු කරු: හරි දැන් ඔයා මට මොනාද මේකට කියන්නේ
කළමනාකරු : මේකයි සර් සාමාන්‍යෙන් මේ වගේ මුද්දක් පිටින් ගද්දි රුපියල් 500ක් විතර වෙනවා..ඒත් සර් අපේ ඩේලි කස්ටමර් කෙනෙක්නේ..රුපියල් 300ක් දෙන්නකෝ
ගනුදෙනුකරු: ................... (නොලියමි )
හොදම සිද්දිය ..මුද්ද අයිතිකාරයා මුද්ද නැති බව දැනගෙන තියෙන්නේත් අන්තර්ජාලය බලද්දී..
කළමනාකරු : මේකයි සර් සාමාන්‍යෙන් මේ වගේ මුද්දක් පිටින් ගද්දි රුපියල් 500ක් විතර වෙනවා..ඒත් සර් අපේ ඩේලි කස්ටමර් කෙනෙක්නේ..රුපියල් 300ක් දෙන්නකෝ
ගනුදෙනුකරු: ................... (නොලියමි )
හොදම සිද්දිය ..මුද්ද අයිතිකාරයා මුද්ද නැති බව දැනගෙන තියෙන්නේත් අන්තර්ජාලය බලද්දී..
බලන්නකෝ සිරි ලංකාවේ තොරතුරු තාක්ෂනයේ වේගවත් බව..මේ අපේ කට්ටියත් ඔය තම තමන්ගේ මොන මොනා හරි නැතිවුනොත් කෙලින්ම ගූග්ල් සර්ච් කරන්නලා....! හම්බවෙනවා සිකුරුයි.
මට මේක කියවද්දී මතක් උනේ අපේ මාරයා උන්නැහැ
ඒ වගේ කටට රසට කම්මැලි නැතිව උයාගෙන කෑවනම් අනේ අද මුදුත් එක්ක පරිප්පු කන්නේ නෑ නේ
මේ තරඟකාරීත්වයත් එක්ක අපි හැමෝම යාන්ත්‍රික වෙලා..
මට මේක කියවද්දී මතක් උනේ අපේ මාරයා උන්නැහැ
ඒ වගේ කටට රසට කම්මැලි නැතිව උයාගෙන කෑවනම් අනේ අද මුදුත් එක්ක පරිප්පු කන්නේ නෑ නේ
මේ තරඟකාරීත්වයත් එක්ක අපි හැමෝම යාන්ත්‍රික වෙලා..
අර්ධ නාගරික ජීවන රටාව හරිම අවුල් සහගතයි..ඒත් අපිට ඒකෙන් මිදෙන්න අමාරුයි..වේගයෙන් දුවන ලෝකයක නැවතිලා බලන් ඉන්න බැරි කමද..?
අපි ඉස්සර අයට වඩා කම්මැලි නිසාද මංදා අපිට කඩෙන් කන එක නවත්තන්න දැන් බෑ.
ඉස්සර අපි පුංචි කාලේ අම්මා කවදාවත් කඩෙන් කන්න දුන්නේ නෑ..
අපි ඉස්සර අයට වඩා කම්මැලි නිසාද මංදා අපිට කඩෙන් කන එක නවත්තන්න දැන් බෑ.
ඉස්සර අපි පුංචි කාලේ අම්මා කවදාවත් කඩෙන් කන්න දුන්නේ නෑ..
අම්මා ඉස්කොලේ යනකොට කෑම දෙකක් හදනවා..
ඒකක් 10.30ට අනික හවසට..
අපි ඉස්කොලේ ඇරුනම අක්කත් මමත් අම්මා ලඟට දුවන්නේ දවල් බත් එක කන්න..
අම්මත් සේවය කරේ අපේම ඉස්කෝලේ නිසා අපි තුන් දෙනාම එකම බත් එක කනවා..
අම්මා බත් එක ලිහනකොට එන සුවඳ මට මේ දැනුත් දැනෙනවා වගෙයි..එකේ මහ ගොඩක් ජාති නම් නෑ ඒත් පිරිසිදු කම,අත්ගුනය වගේම අම්මගේ ආදරෙත් එක්ක කෙසෙල් කොලේ එතුව ඒ බත් එක පුදුමාකාර රසක් අපිට දුන්නා..
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
පොත් පොත් පොත්9 hours ago
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,367
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
මුද්ද මොකක්ද අනේ...ඊට වඩා ලොකු කැරපොත්තොත් බත් වල ඉන්නව ලංකාවෙ කඩවල...හික්ස්.!
ReplyDeleteකිරිල්ලි...ආ එහෙනම් කැරපොත්තටත් එක්ක ගෙවලා යන්න.. හි හි..
ReplyDeleteමම දවසක් 100 බත් එකක් කනකොට සත පනහක් තිබුනා බත් එකේ...
ReplyDeleteමම සතපනහ සාක්කුවේ දාගෙන ආවා..
මගේ බත් එක 99.50 එතකොට :D
@පොඩි මෑන් ඊලඟ දවසෙත් ඒ කඩෙන්ම ගන්න..ඔයාට ඩිස්කවුන්ට් ඇති..රුපියලක් තියෙයි අනිවාර්යෙන්ම
ReplyDelete"අම්මගේ ආදරෙත් එක්ක කෙසෙල් කොලේ එතුව ඒ බත් එක පුදුමාකාර රසක් අපිට දුන්නා.." ඒකතාවනම් ඇත්තම ඇත්ත.....
ReplyDeleteකඩේ කෑම රසගන්වන්නෙ දහදිය මුසුකරල.....ඒත් අම්ම හදන කෑම එක රසගන්වන්නෙ ආදරය මුසුකරල........ඔන්න ඉතින්...කඩෙන් කෑමකන අයනම් මට දැන් බනින්න එපා......
කෙසෙල් කොලේ බත් කිව්වම අම්මගේ බත් එක අමතක වෙන්න ඉතින් හුස්ම ටික යන්නම ඕනේ..ඒ සුවද..රස මේ ලෝකේ කාටවත් උයන්න බෑ ඒ විදියට....හැමෝගෙම අම්මලා ඒවගේ...ඒත් ඇයි මේ ගෙදර උන්දැලට මේක තේරෙන්නේ නැත්තේ....
ReplyDelete@සිහින...ඇයි සිහින පෙම්වතිය හොරෙන් ඔතන් එන බත් එක..??කොහොමද කැම්පස් එකට බත් එකක් අරන් ඇවිත් දෙන්නත් එක්ක ගහක් යට බංකුවක වාඩිවෙලා කනකොට..ආදරයයි..එකමුතුවයි..එකතුවෙලා රසවත් වෙනවා නේද
ReplyDelete@ඔබ නොදුටු ලොවක්..ගෙදර උන්දැලා බිසීනේ..අනික දැන් උන්දලා පොල් සම්බෝලේ හදන්න ඉගෙන ගන්නෙත් ඔන් ලයින් නේ...ඒක නිසා හරියට අඩු වැඩිය දාන්න දන්නේ නෑ(ඔය කිව්වට මම තුමීත් එහෙමම තමා)..අම්ම..අගේ බත් එකේ පොලොස් මාලුවයි,කරවල බැදුමයි,පරිප්පුත් තියෙනවා..ඔන්න කෙල ගිලිනවා...හි හි..
ReplyDelete28 වෙනියට මමත් ගොඩවැදුනා වලව්වට..
ReplyDeleteහිහිහී.. මොන මොනා හරි නැතිවුනොත් කෙලින්ම ගූග්ල් සර්ච් කරන්නලා....! හම්බවෙනවා සිකුරුයි..
පොලීසියත් මේ සිම්පල් ප්ලෑනට මාරුවෙයිද.. :D
ආදරණීය දියණිය,
ReplyDeleteහරිම ලස්සන ලියවිල්ලක්... අන්තිම කොටස “...අම්මා “උයා” දුන් බත් එක ලිහනකොට එන සුවඳ මට මේ දැනුත් දැනෙනවා වගෙයි..එකේ මහ ගොඩක් ජාති නම් නෑ ඒත් පිරිසිදු කම,අත්ගුණය වගේම අම්මගේ ආදරෙත් එක්ක කෙසෙල් කොලේ එතුව ඒ බත් එක පුදුමාකාර රසයක් අපිට දුන්නා...” හරිම සංවේදීයි... යමක් අලුතෙන් හිතන්න පොළඹවන විචිත්‍ර ලියවිල්ලක්...
විපුල සුමනසේකර
අර මුද්ද ඉමිටේශන් නැතුව දියමන්ති උනානම් නේද ?
ReplyDelete…ඔයාගේ ලිවිමේ රටාවට මම කෑමති . කාටවත් මඩ ගහන්නෙ නැතිව
…හින්ට් පාස් කරන්නේ නැතිව අහින්සකව ලියන කෙනෙක් .
ඔන්න අපිත් ගොඩවැදුනා වලව්වට !!!
ReplyDeleteකාලයක්ම මමත් තුන්වේලම කඩෙන් තමා කෑවේ. ඒකටත් එක්ක දැන් කඩේ තියෙන හැම එකම අපි දැන් ගෙදර හදන් කනවා...!
අපේ බ්ලොග් සහෝදරයෙක් ලියලා තිබුනා එයා කාපු කොත්තුව ඇතුලේ ප්ලාස්ටර් එකකුත් තිබ්බා කියලා... ඈක් !!!
@ ඔබ නොදුටු ලොවක් ................
ReplyDelete//කෙසෙල් කොලේ බත් කිව්වම අම්මගේ බත් එක අමතක වෙන්න ඉතින් හුස්ම ටික යන්නම ඕනේ..ඒ සුවද..රස මේ ලෝකේ කාටවත් උයන්න බෑ ඒ විදියට....හැමෝගෙම අම්මලා ඒවගේ...ඒත් ඇයි මේ ගෙදර උන්දැලට මේක තේරෙන්නේ නැත්තේ.... //
අපි හැමෝම බිසී ජීවන රටාවකට හුරු වෙලා ඒකයි.. වෙන එකක් තියා කෙසෙල් ගස් කොච්චර තිබ්බත් කොලයක් කපල දර ලිප උඩින් ඕක තියල ගානට තවල කුල්ල උඩින් තියල බත් එක බෙදන්න ගියොත් දෙය්යනේ වැඩට යන්න පරක්කුවෙලා......... ඒක නිසා ගත්ත ලන්ච් ශීට්.. බෙදුව බත් එක.... හිහ්.
මේ කතාව නිසා මගේ අතීතයට ගියා මමත්.. අනිවා මම හෙට ගේනව කෙසෙල් කොලේ බත් එකක් ..... (මහත්තය මොනා කියයිද දන් නෑ ...)
නරක් වෙච්ච තැම්බිච්ච එළවලු එහෙම දාලා නරක් වෙච්චි මසුයි මාස ගනන් උයලා ෆ්‍රිජ් වල දාලා තියලා රත් කර කර දෙන බතුයි ටේස්ට් එක කොහොමද හි හි..කොත්තු හදන මිනිහෙක්ට හෙම්බිරිස්සාව තිබ්බොත් බටරුත් නිකන් හික්ස්...
ReplyDeleteඅම්මා කොහොම ඉවුවත් මටනම් රසයි කෙහෙල් කොලේ කන්න තමයි වැඩියෙන්ම ආසා ඒ රසට ගහන්න රසක් නෑ...
ජය වේවා අක්කෝ මම මේ මෙහෙ ආපු මුල්ම පාර ජය වේවා
හානේ තව කුමාරි හාමියෙක්!
ReplyDeleteඔය මුද්ද අඩුම ගානේ රත්‍රං වත් උනානම්.... එහෙනම් අර ගොසිප් එකත් නෑ මේ පෝස්ට් එකත් නෑ :D
@නන්දු..ආයුබෝවන් කියලා පිලිගන්නවා..ආවට ගොඩක් ස්තූතිය්..අයියෝ එනකොට අඩුම ගානේ ඊතලයක්වත් විදලා එන්න..එතකොට පිලිගැනීමක් ලෑස්ති කරන්න පුලුවන්...
ReplyDelete@විපුල සමනසේකර මහතා.ස්තූතියි ඔබ තුමාට..ආවටත් සටහනක් තියා ගියාටත්...
ReplyDelete@ගිම්හානි... ඔයා නම් මට හැමදාම දෙන්නේ පොසිට්ව් මාර්ක්ස්..ගොඩක් ස්තූතියි..අර මුද්ද රත්තරන් උනානම් එයත් එක්ක බත් කාපු අනිත් අයවත් ඔය ගැන දැනගන්න එකක් නෑ..හි හි
ReplyDelete@Chathuranga perera ආවට ගොඩක් ස්තූතියි ..ඊයා..ප්ලාස්ටර් එකක්..මම දැක්කා කන්කුන් එක්ක සර්ප පැටියෙක් කපලා තිබ්බ කතාවක්..අපි ඊක් ඈක් කිය කියා කඩෙන් නොකාම ඉන්නේ නෑ නෙද..ඒත් ඕවා හිතනකොට නම් බඩගින්නේ මලත් කඩෙන් කන්න නම් හිතන්නේ නෑ....
ReplyDelete@Sammani.....
ReplyDeleteසම්මානි අපි බිසී වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා නෙමෙයිද කියලා මට හිතෙනවා..ඉස්සර අපේ අම්මලා ආච්චිලා බ්ලොග් ලිව්වෙත් නෑ ෆෙස් බුක් ආවෙත් නෑ..හි හි..ඒත් අපිට ඒකටත් කාලයක් ඕනෙ..ඇයි ෆෝන් එකට උත්තර දෙන්න.සැලුන් යන්න..ජිම් යන්න..මෙකී නොකී හැමදේම නිසා අපි බිසී..හි හි..ඒත් අම්මගේ කෙසෙල් කොලේ බත් එක නම් ඒ හැමදේම අතරේ මතකයි
@පූසා...
ReplyDeleteඅනේ පූසෝ ඔය "කුමාරිහාමි" කතාවට නම් මම ගොඩක් උත්තර දීලා තියෙනවා..ඒක නිසා ආයෙත් ලියන්න බෑ අත රිදෙනවා..ආවට ගොඩක් ස්තූතියි..පුසොත් ගොඩක් ඉන්නවා වගේ..කුමාරිහාමිලත් ගොඩක් ඉන්න පුලුවන් නේද...
අපිත් දහසක් වැඩ අතරෙ උයාගෙන කන්නෙ අම්ම උයන කෑම වල රස මතක් කර ගෙන. අම්මගෙ අතින් හදපු කෑම වේලක රස බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඔන්න මමත් ආව එහෙනම් වලව්වට. බිත්ති පුරාම පරන පිංතූර එල්ලලා තිබුනත් බලන්න බෑ දැන් මහන්සියි.....
ReplyDeleteඅර කැකිරාවෙ ඉස්පිරිතාලෙ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගෙ මුද්ද මතක් උනා. මේ වගේ රෝසපාට ලස්සන තැන්වල කියන්න හොඳනැති නිසා ගියා.
ReplyDeleteගැමියාගේ පත් ඉරුවෙන් දැකලා තමා මේ පැත්තට ගොඩ උනේ.
ReplyDeleteතරගකාරී ලෝකේ ඔහොම තමා අප්පා... කොච්චර ඕනා උනත් දැන් අපිට බෑ ඕවයෙන් මිදෙන්න... බෑ..
සම්මානි නම් අද කෙහෙල් කොලේ බත්.. කන්ඩ ඇතිනේද... ?
ම්ම්..මමත් කෙසෙල් කොලේ බත් කන්න නම් පුදුම තරම් කෑදරයි..කඩෙන් කනවට වඩානම් ගෙදරින් පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් අරන් ගියත් හොඳයි තමයි..
ReplyDeleteමේ පැත්තෙ ආවෙ අලුතින්..හරිම චාම් ලස්සන බ්ලොග් එකක්..හෙමීට ඉතුරු පෝස්ට් ටිකත් කියවලම එන්නම්කො..:))
අපේ නම් කෑම තුන් වේලම කඩෙන් තමා. රත්තරන් මුද්දක් දාපු අතකින් උයපු බත් එකක් කවදා ලැබෙයිද මන්දා?
ReplyDelete@Shaggi..ආවට ගොඩක් ස්තූත්යි..පරන පින්තූර නිදහසේ බලමු..ආයේ ඕවා ගට්ලවන එකක්යැයි.අපරාදේ කියලා ආවනම් කිතුල් හකුරු එක්ක කහට ටිකක් වත් දෙන්න තිබ්බා..කෙසෙල් කොලේ බත් එකක් කන්න ආසයි කියලා පෙම්වතියට කිව්ව නම් ඉල්ලීම ඉෂ්ට වෙයි ඉක්මනින්...(නැන්දම්මගේ හෝටලෙන්)
ReplyDeleteඇත්තටම කෙල ගිලුනා....
ReplyDelete@ඉන්දික..කියන්න බැරි කතාවක් නම් කමක් නෑ.මම නම් එහෙම එකක් අහලා නෑ..කොහොම උනත් ආවටනම් ස්තූතියි
ReplyDelete@Senna...ඔන්න එහෙනම් ඔයාවත් ආයුබොවන් කියලා පිලිගන්නවා...කොහෙන් හරි දැකලා අපිව බලල යන්න ආවට ස්තූතියි..
ReplyDeleteඔව් ඔව් සම්මානි කෙසෙල් කොලේ බත් එක කාලා හුස්ම ගන්න බැරුව වැටිලා ඉන්නවලු කියලා දැනගන්න ලැබුනා(බොරු...)...
@සිත් රූ ආවට.... ස්තූතියි..ඔයාගේ එක තරම්ම ලස්සන නෑ..මේක අලුත්..තාම ගොඩක් පුංචියි සති 3ක් විතර තමා ඉපදිලා මෙයා..
ReplyDeleteමමත් හරිම ආසයි කෙසෙල් කෙසෙල් කොලේ බත් කන්න..මම අහලා තියෙනවා ඉස්සරම අයනම් බත් පාර්සල් බැන්දේ කොලපත් වල කියලා..ඒත් කෙසෙල් කොලේ වගේ සුවඳක් නම් නැතිව ඇති..
තවත් අය නෙලුම් කොලවලත් බත් ඔතනවලු..කොහොම උනත් සිත් රූ කිව්වා වගේ බත පාර්සලේට තෙල් දාපු පොල් සම්බෝලයකුත් තිබ්බ නම් තමා හොඳ
@රෙප් මහත්තයා හැමදාම කඩෙන් කෑවොත් දොස්තරලටවත් හොයාගන්න බැරි ලෙඩ හැදෙයි..ඉක්මනින් මංගල කිංකිණි එකට යන්න...
ReplyDelete@ඔබනොදුටු ලොව...හා හා..හෝටලෙකට ගිහින් නම් කෑම දිහා බලන් කෙලගිලින්න එපා.ඒවටත් ගෙවන්න කියනවා....
ReplyDeleteසයිබර් අවකාශයේ මට හමු වුනු දෙවෙනි වලව්ව... කියවනකොට මට ගිම්හානි අක්කාගේ කමෙන්ට් එකට 100% ලකුනු දෙන්න කැමතියි මටත් එහෙම දැනුන නිසා..
ReplyDeleteඇත්තටම ගෙදරින් කන කැම එක තරම් වෙන කොහෙන් කැවත් හිත පිරෙන්නේ නැ
ජය වේවා
කෙසෙල් කොලේ ඔතන බත් එකේ රස සුවඳ මටත් දැනුනා. දැන් ඉතින් ඒකත් පොලිතීන් කොලේට යටවෙලානේ.
ReplyDeleteඔය මුද්ද රත්තරන් උනානම් අද මෙතන පෝස්ට් එකක් නැතිව ඇති නේද?..:DD
@දේවා .....ගොඩක් ස්තූතියි..ගිම්හානි හොඳ යෙහෙලියක්..මම ආදුනික නිසාත් කීපදෙනෙක් අය මගේ නම ගැන ගොඩක් ඒවා කියපු නිසාත් මම අවුල් වෙලා හිටපු වෙලාවක ගිම්හානි මාව දිරිමත් කරා..
ReplyDeleteඇත්තටම ඉතින් ගෙදර කෑම එක තරම් වෙන කොහෙවත් ඒවා රස නෑ තමා..ඒත් මම ආසයි දානේ ගෙදරකින් බත් පාර්සලයක් කන්න(ඔන්න ඔයාටත් කටට කෙල ඉනුවා)
@ප්‍රියන්ත මුද්ද රත්තරන් උනානම් මේ පෝස්ට් එකත් නෑ..අර කෙනා හැමදාම ඒ හෝටලෙන් බත් කනවා..හි හි..කෙසෙල් කොලේ බත් තරම් ඉටි කොලවල රස නෑ..එත් දැන් කෙසෙල් ගහක හොයන්න ලේසියෙන් බෑ නේ...
ReplyDeleteඅද ඉදං කඩෙන් කාල බලන්න ඕනෙ වැරදිලාවත් මැනිකක්වත් හම්බුනොත් ....
ReplyDeleteඔය කෙසෙල්කොලේ බත් ගැන කියන තව අය හිටියා මේකේ
ReplyDeleteඒත් ඒ බත් කන්න කවුරුවත් අවේ නැහැ.තාමත් පිළුණු වෙවී තියෙනවා මං හිතන්නේ
This comment has been removed by the author.
ReplyDeleteමං අවුරුදු 7 ක විතර ඉඳල කඩෙන් කන්නේ දවල්ට.සමහර කාලවලට තුන් වෙලාම.ඒත් කවදාවත් කරපොත්තෙක් හැකරල්ලෙක් ඇරෙන්න ශතයක්වත් ලැබිල නැ.ආවාසනවා. අප්පා..
ReplyDeleteකුමාරිහාමිලා දෙන්නයි. මට කොයිල් වෙයිද මන්දා.
ReplyDeleteඅපෝ කෑමවල තියෙන දේවල් ගැන නම් මතක් කරන්නවත් එපා.
කනියා කඩෙන් කනකොට කන්න කලින් හදිසි ඇමතුම් එකේ නම්බර් එකත් ලඟින් තියන් කන්න..කවුද දන්නේ මොනා හම්බ වෙයිද කියලා.
ReplyDelete@අපෝ අසරනය නම් හරිම අසරනයි..
ReplyDelete1.කඩෙන් කන්න නාස්ති කරන සල්ලි..
2.වල්ලලක් දාපු අතක් තාම හොයාගත්ත නැති එක
3.අඩුම ගානේ කැරපොතු අන්ඩක්වත් හොයාගන්න බැරි උන එක(ඔයා කන්නේ අහක් බලන් වෙන්න ඇති..එතකොට බත් එකේ ඒව පෙන්නෙ නෑ නේ)
@මදුරංග..එහෙම වෙන එකක් නෑ..මම වෙනස් නේ..මෙ නමෙ අවුල මටත් ඉතින් ඔහොම තමා ඒත් දැන් කරන්න දෙයක් නෑ..අනිත් එක්කෙනා මට වඩා පරන නිසා අවුලක් වෙන එකක් නෑ.මම මේ ගැන විස්තරයක් කිව්ව කලිනුත් මම පස්සේ පොස්ට් එකක් දාන්නම්..
ReplyDeleteඔන්න මමත් ගොඩ උනා වලවුව පැත්තට... දැං ඉතින් හෙමීට වලවුවේ තියෙන දේවල් බලන්නම්..
ReplyDelete