Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 10, 2012

~~~කිරි සුවඳ~~~







බසයෙන් බැස්ස සුමනාවතී වේගයෙන් ගමන් කරන්න වුණෙ හිස ගිනි ගත්තාක් මෙනි.


දවස පුරාම කීර විකුණලා අරගත්ත සොච්චම සුරක්ෂිතව ඇද්දැයි ඇය නැවතත් හැට්ටය තුළට අත දමා බැලුවාය..


"ආ..සුමණක්කේ අද කලින් මොකෝ...?"


"පලා ටික ඉක්මනට විකුණුණා බං? ගිහින් එන්නම්"


හමුවන අය නොයෙකුත් දේ විමසුවද අද ඇගේ හිස යකාගේ කම්මල මෙනි. 


ඊයේ හවස් ජාමයේ දියණියන් දෙදෙනා අතර ඇති වූ හබය ඇගේ සිත පාරවයි..කිසිම දිනක මේ අයුරින් ඔවුන් දෙදෙනා රංඩු කරගන්නවා ඇය  දැක නැත


සැමියා මිය ගිය දින පටන් දියණියන් දෙදෙනා උස් මහත් කරගැනීමට සුමනාවතී නොවිඳි දුකක් නොමැත..කිසිවෙකුටවත් අත නොපා ඇය ඇස් දෙක මෙන් දරුවන් දෙදෙනා හදා ගත්තාය..


අකාලයේ මිය ගිය සැමියා සිහිවී සුමනාවතීගේ දෑස් අග තෙත් වී ගියේ ඇයටත් නොදැනුවත්වමය.


සුමනාවතීලගේ ගමට පාලම හදන්න ආ වැඩ පාටියේ අත් උදව්කරුවෙකු ලෙස අමරපාලද සිටියේය..


අමරපාල ලා දවල් කෑම ගත්තේ සුමනාවතීලාගේ නිවසින්ය..


කෑම කන්නට ආ අමරපාල සමඟ ඇරඹි ආදර පලහිලව්ව කෙළවර වූයේ ලොකු කෙලී ශ්‍රියානි ඉපදෙන්නටත් ආවාට පසුවය...


කාටත් හොර රහසේ අමරපාල සමග ගමෙන් පිටවී ජැම්සන් වත්තට පදිංචියට ආ සුමනාවතී නැවතත් මව සහ සහෝදරිය බලන්න ගමේ ගියේ දෙවෙනි කෙලී ප්‍රියංවදාද ඉපදුනාට පසුවය..


ගමේ හැදී වැඩී නගරයේ පැල්පත් පේළියකට වාසයට ආ සුමනාවතීට සැබවින්ම මේ නුහුරු දිවිය පුදුමාකාර හිත්වේදනාවක් මෙන්ම අපහසුවක් දුන්නේය..


හවස් වන විට බීගත් මිනිසුන්ගේ කංකරච්චලයත්,ගෑනුන්ගේ අඬදබරත් මුලින් මුලින් සුමනාවතීට පුදුමයක් වුවද පසුව ඇය එම ජීවිතයට හුරු වූයේ පියෙකු නැතිව දරුවන් දෙදෙනෙකුත් සමඟ ගමට ගොස් මවට බරක් විය නොහැකි නිසාමය..


අමරපාල කුලී වැඩවලින් සොයාගන්නා මුදල ඔවුන්ට යන්තමින් කා දිවි රැකගන්නට ප්‍රමානවත් වුවද කල්ගත වෙත්ම ඔහුගේ බීමත්කම එන්න එන්න වැඩිවුයෙන් දියණියන් දෙදෙනා සමඟ සුමනාවතී වැටුනේ කබලෙන් ලිපටය..


"අනේ අමරේ කෙල්ලෝ දෙන්නා ගැනවත් හිතලා ඔය බොන එක නවත්තන්න"
යැයි කකුල් අල්ලා වැඳ ආයාචනා කලද ඔහු එය කිසිසෙත්ම නවත්තන්නට සූදානමක් නොවීය..


"කොන්ක්‍රීට් එක්ක ඔට්ටුවෙලා අතපය නෑ වගේ ගෙදර එන්නේ...ඒ ඇවිල්ලාත් උඹේ කරච්චලේ ..කට වහන් ඉඳපන් ගෑණියේ." 


අමරපාල සමඟ බහින් බස් වීම ගුටි පූජාවක මුල මෙන්ම එක වේලකට හෝ උයාගත් බත් පත දරු දෙදෙනාට කවා ගැනීමට නොලැබෙන පොටක් බව දන්නා සුමනාවතී නිහඬ වන්නීය


බීමතින් උස් ගොඩනැගිල්ලක් මත වැඩ කරමින් සිටියදී එයින් ඇද වැටී අමරපාල මිය ගොස් දැනට වසර පහළවකටත් වඩා වැඩි නොවෙදැයි සිතෙන විට සුමනාවතීගේ සිත සියුම් වේදනාවකින් බර වෙයි..


සැමියා මිය යන අවධියේ තරුණ වයසේ දරු දෙන්නෙකුත් සමඟ තනි වූ ඇය..මහ කැලෑවක අතරමංවූ මුවැත්තියක් මෙන් අසරන විය..


වත්තෙත්‍- ඉන් පිටත් ඇයට ප්‍රසිධියේ අයුතු යෝජනා කිරීමට තරම් සමහරුන් සැහැසි වූ ආකාරය සිහිකරන විට සිතෙහි ඇති වන්නේ තදබල කෝපයකි..


අහිංසක ළඳ බොළඳ ගැහැනියක් වූ තමා කර්කශ,කටුක,කටසැර ගැහැනියක වූයේ මේ මිනිසුන් නිසාම නොවෙදැයි ඇය ශෝකයෙන් සිතුවාය. 


අමරපාල මිය ගිය අලුතම මහ රාත්‍රියේ ගෙට රිංගන්න ආ වලස් ගුණේ ආපසු ගියේ ඔළුව පලාගෙන කෑ ගසාගෙන බව සිහිකරන විට නම් ඇයගේ මුවඟට සිහින් සිනාවක් නැගිණ..


"මොකද මේ ගෙවල් දොරවල් හායි ගාලා ඇරලා දාලා කෝ මේ ගෑනු ලමස්සියෝ"..


වේගයෙන් ගෙට ආ සුමනාවතී දියණියන් දෙදෙනාට බැණ වැදුණත් ගෙතුළින් කිසිම හඬක් නොනැගුණි.. 


"ලොක්කියෙ..කෝ බං උඹ" 


ඇය නැවතත් කෑ ගසා ගෙතුළ පුර ඇවිද දියණියන්ගේ කුඩා කාමරයට එබී බැලුවාය




දුටු දෙයින් මවිතව දෑස් උඩ තියන් ටික වේලාවක් බලා උන් සුමනාවතී 


"අනේ මගේ ලොකු දුවේ" කියා ඇද වැටුණාය..


~~~~~~~~
ශ්‍රියානි මිය ගොසින් අවුරුද්දකට කිට්ටු වේගෙන එයි..අසන හැම කෙනෙක්ටම සුමනාවතී කියන්නේ 


"කෙලීගෙ අවුරුද්දේ දානේ මහ ඉහළින් කරන්න ඕනෑ" කියාය..


ගතවුණ අවුරුද්ද පුරාම ඇය කිසිම විටකවත් ප්‍රියංවදාව සිහි නොකළාය.. 


ඇගේ වැඩිමහල් දියණිය ශ්‍රියානි ත්‍රී රෝද රියදුරකු වූ ජයන්ත සමග ඇතිකරගත් ප්‍රේමසම්බන්ධයට ඇය විරුද්ධ නොවූයේ ඊට වඩා කෙනෙකුට දියණිය විවාහ කර දීමට තරම් ඇයට ශක්තියක් නොවූ නිසාය.. 


මවගෙන් ලැබූ අනුමැතිය නිසා ජයන්ත නිතර නිතර ශ්‍රියානි හමුවීමට ඇගේ ගෙදර පැමිණි අතර ඔවුන් දෙදෙනා විවාහ වීමට දින වකවානුද යොදා ගෙන සිටියහ.


මේ සිදුවීම් අතරේ ශ්‍රියානි ගෙල වැල ලාගෙන මිය යාමට හේතුව වූයේ..ජයන්ත ඇගේ නැගණිය ප්‍රියංවදා සමගද සම්බන්ධයක් ඇති කරගෙන එය දුර දිග ගිය නිසා බව සුමනාවතී දැනගත්තේ වැඩිමහල් දියණිය මිය යාමට පෙර ලියා තැබූ ලිපියකිනි. 


වැඩිමහල් දියණිය කෙරෙහි ශෝකයත් බාල දියණිය කෙරෙහි කෝපයකිනුත් ඇය පසුවෙන් බව ඇගේ වදන් වදන් වලින් හෙළිවූවද..


"තමන්ගේ එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරීට පිටු පාපු එකී මගේ මල ගමටවත් එපා"


 යැයි ඇය කියන්නේ සත්‍යක් නොවෙන බැව් ඇය දෙස බලන දන්න කියාන අයට වැටහේ. 


දවසින් දවස දිරාපත් වන ගතත් යට ගිළුන රත් පැහැ ගැනුණ දුක්මුසු දෑසත් දකින ඕනෑම කෙනෙකුට ඇය විඳින සිත් වේදනාව තේරුම් ගැනීමට අපහසු නැත.


"මොකද සුමන්නම්මේ මේ දිරලා ගිහින්" කියා කිසිවෙකු විමසුවහොත් ඇය කියන්නේ


 "ඕවා ඔහොම තමා දරුවෝ කුණු ශරීරේනේ" කියාය...


හිත යටින් බාල දියණිය බලාපොරොත්තුවෙන් සිටියද ඇය තද හිතක් ඇත්තියක බව ලෝකයට පෙන්වයි...


"දුකේ බෑ බං මම ඊයේ යනකොට සුමනම්මා කෙල්ලෝ දෙන්නගේ ඇඳුම් දෙකක් ඉඹ ඉඹ කඳුළු පෙරනවා මම දැක්ක ගමන් ඉක්මනට වහ ගත්තා"..   


වත්තේ ගැහැනියක් තවත් කෙනෙකුට මෙසේ කියන්නේ නොයෙක් විට මෙවැනි සිද්ධීන් ඔවුන් දැක ඇති නිසාය.


"ඈ සුමනම්මේ බාල කෙලී ආවෙම නෑ නේද ආයි" කිසිවෙකු විමසුවහොත්.


"මතක් කරන්න එපා ඒකිව..ආවොත් මම ගන්නේ කොස්ස" ඇය එසේ කීවත් එය සැබෑවක් නොවන බැව් ඇගේ දෑස දෙස බලන කෙනෙකුට වැටහේ...


දිනක සුමනාවතී කුස්සියට වී ඔහේ බලා සිටියා..


"උයලා කාට කන්නද කිටියෝ..ඔන්න ඔහේ උඹ අදටත් මොනා හරි හොයන් කාපන්"..


තනියට සිටින පූස් පැටියාට කතා කර කර සිටින ඈ තිගැස්සුණේ අල්ලපු ගෙදර ගැහැනියගේ කටහඩිනි


"සුමණක්කේ ඕං අවුරුද්දටත් කලින් නෑයෝ ඇවිත්"..


සුමනාවතී වේගයෙන් ඉදිරිපස දොර වෙත ගියේ කුතුහලයෙනි...


"අනේ අම්මේ අපිට සමාවෙන්න"..බාල දියණිය අතේ හුන් දරුවා බිම තබා බිම වැටී වැන්ඳේ කෑ ගසා අඬමිනි..ඇය සමග ඇගේ සැමියාද ඇගේ දෙපා වැන්ඳේ සමාව ඉල්ලමිනි.


"අනේ මගේ හුරතල් පැටියෝ.." කියමින් සුමනාවතී මුනුපුරාගේ මුහුණ සිප ගත්තේ කඳුළු පිරි දෑස සඟවමිනි.


මවකට දරුවන් මිස.....!!



























28 comments:

  1. අදයි වලව්වට ගොඩ වැදුනේ !
    අම්මලට දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනේ!

    ReplyDelete
  2. හ්ම්ම්.. දරුවො මොනව කලත් අම්මගෙ ආදරේ වෙනසක් නෑ..

    ලස්සනයි.. :)

    ReplyDelete
  3. අම්මලගේ හැටි....ලස්සනයි

    ReplyDelete
  4. පපුව උණු වෙලා යන තරම් දුක්ඛිත කතාවක් ලියලා තියෙන්නේ හරිම හැගුම්බරයි....

    //වත්තෙත්‍- ඉන් පිටත් ඇයට ප්‍රසිධියේ අයුතු යෝජනා කිරීමට තරම් සමහරුන් සැහැසි වූ ආකාරය සිහිකරන විට සිතෙහි ඇති වන්නේ තදබල කෝපයකි..//

    සමාජයේ ඇත්තම තත්වේ පෙන්නලත් තියෙනවා ඒ කථා සහතික ඇත්ත....ඔයාගේ කථා කීමේ හැකියා හරිම අපූරුයි අක්කේ ජය වේවා....

    ReplyDelete
  5. මොන වැරද්ද කලත් දරුවන්ව හැමදාමත් දෙමාපියන්ට මැණිකක්.....

    ReplyDelete
  6. කිරි සුවඳ පරයන තවත් දෙයක් නෑ තමයි... ලස්සන කතාවක්... සේරම කියෙව්වා...

    ReplyDelete
  7. @Nuwan tharaka..ස්තූතියි නුවන්..ගොඩවැදුනට ගෞරවයෙන් පිලිගන්නවා

    ReplyDelete
  8. @සිත්..ඔයාටත් ස්තූතියි..
    අම්මා අම්මම තමා..වෙන වචනයක් නෑ නේද..?

    ReplyDelete
  9. @තරූ..ස්තූතියි..
    අම්මලාගේ ආදරේ සුන්දරයි.

    ReplyDelete
  10. @ ගැමියාගේ පත් ඉරුව..
    ස්තූතියි මල්ලි ඔයාගේ දිරිමත් කිරීමට...ඔයාලාගේ වචන මට ලොකු ශක්තියක්..

    ReplyDelete
  11. @දේවා..
    ස්තූතියි..අම්මලාට දරුවන් හැර වෙන මොනාද..

    @Beetle
    ස්තූතියි බීට්ල් ඔයාටත්

    ReplyDelete
  12. හිත බර උනා මේක කියවලා....

    ReplyDelete
  13. අපූරුයි.. කියන්න වචන නෑ.. අම්මලාගේ දරු සෙනෙහස වගේම දරුවන්ට අම්මලාගේ සෙනෙහස තරම් උතුම් දෙයක් මේ ලෝකේ තියෙනවද...

    ReplyDelete
  14. අදත් ලස්සනයි කතාව...ඔයාට නව කතා පොතක් ලියන්න අදහසක් හෙම නැද්ද?

    ReplyDelete
  15. අම්මලාගේ සෙනෙහස ඔහොම තමයි නේද? දුවට මවක මිස . වෙන කව්ද නේද ?

    ReplyDelete
  16. @Senna
    බර උනාට කමක් නෑ කඩන් වැටෙන්න නම් එපා..හි හි...ස්තූතියි senna

    ReplyDelete
  17. @Dinesh..
    දිනේෂ් ඔයා හැමදාම මාව දිරිමත් කරන යාලුවෙක්..ස්තූතියි ගොඩක්..

    ReplyDelete
  18. @වින් කිරිල්ලි..
    ගොඩක් ස්තූතියි..මම මේ පුංචි කුමාරිහාමි කතාව පොතක් විදියට තමයි ලියන්නේ..

    ReplyDelete
  19. @ගිම්හානි..
    ඒක නම් ඇත්ත..දුවකට මවක්ම තමයි..ඔයා බ්ලොග් එකක් කරන්නේ නැද්ද ගිම්..?

    ReplyDelete
  20. @ පුංචි කුමාරිහාමි :
    ඇයි අලෝ... ඔයා දන්නැද්ද ? ගිම්හානි තමයි බ්ලොග් නොකරන අය අතර හොඳම රසිකයා... දන්නැද්ද ? සම්මානේ හම්බවෙලා ගොඩක් කල් නේ... (විහිළු හොඳේ !!!)

    කථාව නම් ලස්සනයි නංගි. හේතුව මොකක්ද මන්දා මට කරුණාසේන ජයලත්ගේ ගැහැණු ලමයි මතක් වුනා...

    කෙටි කථා කියන්නේ මේවට තමා. ඒත් මේක කෙටි වැඩිද මන්දා ? එහෙම නම් අපි දාමු මයික්‍රෝ කෙටි කථාවක් කියලා... හි හී...!!!

    ජයවේවා !!!

    ReplyDelete
  21. අම්මා කෙනෙක්ගෙ ආදරේ කොහොමවත් කවදාවත්ම මනින්න බෑ... ලස්සනයි!!

    ReplyDelete
  22. ඔයාට ඇත්තටම ලේඛන හැකියාවක් තියෙනවා.කෙටි කතාවක් වුනත් සමාජේ මේවගේ සිද්දි සුලබයි.

    ReplyDelete
  23. @අසරණයා....

    ගොඩක් ස්තූතියි..අසර්..හි හි..මම අකමැතියි ඔයාට අසරනයා කියන්න..නමක් කියන්නේ අපේ ජීවිතේට බලපාන දෙයක්..ඒක නිසා නිතරම "අසරනයා" කියලා ඔයාට කතා කරන එකට මම කැමති නෑ..අපි කවුරුත් අසරන නෑ.

    ReplyDelete
    Replies
    1. අසාර්.. හික් හික් නියම නම.

      Delete
  24. @Chathuranga Perera
    අහා.එහෙමද..ඒකත් හොඳ සම්මානයක්..කොහොමටත් අපි මේ (මම ) ලියන පිස්සු විකාර කියවන්න කෙනෙක් ඉන්න එකම මදෑ..ස්තූතියි ඔයාට Chathuranga.

    ReplyDelete
  25. @හිතුවක්කාරි...
    ගොඩක් ස්තූතියි හිතු..ඔව් අම්මා කියන්නේ අම්මම තමා

    ReplyDelete
  26. Replies
    1. @ඔබ නොදු‍ටු ලොවක්....

      ස්තූතියි ඔයාට ගොඩක්

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...