Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 6, 2012
~~~ගිලෙන ඔරුව~~~~
දියත් කර බැලීමි එක දිනකට
මගේ ඔරුකඳ
බොහෝ සිදුරුය..
ගිලෙන බව දනිමි නිසැකවම...
කලකට පෙරත් මෙලෙසම
දියත් කලෙමි එය දියඹට...
දියෙහි නොගිලී ගොඩ
ආවෙමි ගැලවී මරුගෙන්.....
බොහෝ වෙහෙසව
වසා සිදුරු නැවතත්
ටිකෙන් ටික සැකසුවෙමි
ඔරුකඳ මාස ගනනක්....
අත්හදා බැලූවෙමි නැවතත්...
අහෝ සිදුරු පෙර ලෙසමය..
ඔරුව නොගිලුනත් වතුර පිරී ඇත...
දියෙහි නොගිලී ගොඩ
ආවෙමි ගැලවී මරුගෙන්.....
බොහෝ වෙහෙසව
වසා සිදුරු නැවතත්
ටිකෙන් ටික සැකසුවෙමි
ඔරුකඳ මාස ගනනක්....
අත්හදා බැලූවෙමි නැවතත්...
අහෝ සිදුරු පෙර ලෙසමය..
ඔරුව නොගිලුනත් වතුර පිරී ඇත...
ජීවිතයේ සමහර දෑ කෙසේ සකස් කලද වරදි..එයට හේතුවක් නැත..සමහරු එයට දෛවය යැයි කියති..මා දෛවය පිලිගන්නේ නැත කියා මට කියන්න බැරිය..ඒත් හැමදෙයක්ම දෛවයට භාරදීම නම් මා අනුමත නොකරමි.
"මේ මොකද මූන එල්ලන්"...?
අමාලිගේ හඩින් මම තිගැස්සී ගියෙමි. "මොනාත් නෑ"
"නැති බව පේනවා..මූන නිකං හැම් බර්ගර් එකක් වගේ තියෙනකොට"
වෙනදාට නම් අමාලි කියනා මේ වදන් වලට මම සෑහෙන වෙලාවක් සිනාසෙමි..එහෙත් අද?..
සැබවින්ම මම මෙසේ විස්සෝප වන්නේ කුමක් නිසාදැයි මම පවා නොදනිමි..
"ප්‍රනීත්"..? ඔව් එයා තමයි..
කිසිම දිනක මට ඔහුව අමතක නොවේ..අමා ඒ ගැන නොදන්නා සේ සිටියද ඇය මගේ සිත රිදේ යැයි කිසිවක් නොකියන්නීය
"ඔයා ලංකාවෙද?."
මා ශ්‍රී ලාංකිකයෙකු බව පෙනි පෙනීත් ඔහු එසේ ඇසුවේ ඇයිදැයි මා පසු දිනක ඔහුගෙන් විමසූ විට ඔහු සිනාසී කීවේ ..
"ලංකාවෙ කෙල්ලක් එක්ක කතා කරන්න වෙන ක්‍රමයක් මතක් උනේ නෑ" කියාය
මා සේවය නිමවා උමං දුම්රිය ස්ථානයට පැමිනි අවස්ථාවක පලමුවෙන් මුන ගැසුන අප ,නැවත නැවතත් එහිදීම මුන ගැසුනි. කාලයත් සමග බෝහෝ දෑ සිදුවිය..අප පෙම්වතුන් විමු..
මා සේවය නිමවා උමං දුම්රිය ස්ථානයට පැමිනි අවස්ථාවක පලමුවෙන් මුන ගැසුන අප ,නැවත නැවතත් එහිදීම මුන ගැසුනි. කාලයත් සමග බෝහෝ දෑ සිදුවිය..අප පෙම්වතුන් විමු..
කාලය වෙගයෙන් ගමන් කොට වසරකින් වසරකට සෙන්දු විය...ඒ කාලය තුල අප සිනාසුන වාර මෙන්ම හඬා වැටුන අවස්ථාද එකසේම විය..
"තාම ඇඹුල් කන්න හිතුනේ නෑ නේද..?"
"තාම ඇඹුල් කන්න හිතුනේ නෑ නේද..?"
අප දිනක් එක්ව ආහාර ගනිමිනි සිටිද්දී ප්‍රනීත් මගෙන් විමසුවේය
" නෑ නෑ ඒවට තව කල් තියෙනවානේ.." මම උත්තර දුන්නේ ලැජ්ජාවෙනි..
සැබවින්ම මා ඔහු වෙත ආසාමාන්‍ය ලෙස ලංවීමි..එය මටම විස්වාස කර ගත නොහැකි වූවක් වූයේ..ජීවිතයට බොහෝ වැදගත් දෑ මටත් නොදැනී මගෙන් ගිලිහුනු බැවිනි...
මා සියලු මිතුරු මිතුරියන්ගෙන් ඈත් වීමි.නිවසට කතා කොට අම්මාගේ දුක සැප ඇසීම පවා සතියකට එක වරකට සීමා විය..සැබැවින්ම මගේ ලොව ඔහු පමනක්ම විය...
"උඹට තියෙන්නේ ආදරේට වඩා ඇඩික් එකක්..ඔන්න මම නොකිව්වයි කියන්න එපා අඩන්න නම් ලෑස්ති කරගන්න එපා"..
මා සියලු මිතුරු මිතුරියන්ගෙන් ඈත් වීමි.නිවසට කතා කොට අම්මාගේ දුක සැප ඇසීම පවා සතියකට එක වරකට සීමා විය..සැබැවින්ම මගේ ලොව ඔහු පමනක්ම විය...
"උඹට තියෙන්නේ ආදරේට වඩා ඇඩික් එකක්..ඔන්න මම නොකිව්වයි කියන්න එපා අඩන්න නම් ලෑස්ති කරගන්න එපා"..
අමාලි බොහෝ දිනවල මට දොස් කීවාය
සැබවින්ම ප්‍රනීත්ගේ කඩවසම් පෙනුමටත්,ඔහුගේ අසාමාන්‍ය ආදරයටත්,සොඳුරු කතා බහටත් මම දෑස් අඳ කර ගතිමි..මම දැඩි අඳුරේත් ඔහුගේ දෑස් හොයන කළාමැදිරියක් වීමි.
සියල්ල වෙනස් වූයේ කොපමන වේගයෙන්ද..
මට හදිසියේම නගරෙයෙන් පිට යාමට සිදුවිනි..මා බොහෝ සේ දුක් වූයෙත් හිත් අමාරුවට පත් වූයෙත් ප්‍රනීත් තනිකර දමා යාමට සිදුවීම පිලිබඳවය...ඒ මීට පෙර මා ලැබූ අමිහිරි අත්දැකීමක් නිසාමය...
නැවත එවැන්නක් සිදුනොවන බැව් ප්‍රනීත් දිවුරා පොරොන්දු වුයෙන් මා මගේ රාජකාරී ගමන ගියෙමි..
මා වේදනාවෙන් පසුවීමි..ඔහුට පනිවිඩයක් දීමටවත් නොහැකි වුයේ මා අතිශයින් කාර්‍යබහුල වීම හා දුරකතනය විසන්දී වී තිබීම නිසාය.
දින දෙකකින් මා පෙරලා පැමිනියෙමි..වහා දුරකථනය ක්‍රියාත්මක කරේ ඔහුගෙන් පනිවිඩයක් ඇතැයි සිතාය..පරිඝනයකය හරහාවත් කිසිම පනිවිඩයක් නැත..පුදුමයක් සමග බයක් දැනේ..
මම ඔහේ බලා සිටියෙමි..අමා කාමරයට පැමිනි වගක් වත් දන්නේ නැත
"මේ දන්නවද වැඩක්..?.."
''නෑ.ඇයි..අයිපල් පෙරලිලාද?"..
"ඉටිගෙඩිය එහෙනම් තව කමක් නෑ..එත්.." අමාලි කතාව නැවැත්තුවාය..
"කියපන් මොනා වෙලාද?"...
අමාලි ඉතා අනුකම්පාවෙන් මා දිහා බලා ඉන්නා අයුරින් මට විශාල බයක් සැකයක් දැනේ...
"අනේ කියන්න අමා..මට බයයි..ඇයි කියන්නකෝ..ප්‍රනීත්ට කරදරයක්ද?"...
"ඔව් ඒ වගේ..."..
"අනේ අමා !!" මා කෑගැසුවෙමි..
අමා මා ලඟට විත් මා වැලඳගත්තාය...
"අඬන්න එපා..එහෙම කරදරයක් නෙමෙයි..ප්‍රනීත් වෙන කෙල්ලක් එක්ක ෂොපින් ඇවිත් හිටියා..පෙනුන විදියට නම් යාලුවෙක් වෙන්න බෑ.."
මා සැබවින්ම තිගැස්සීමී..මහා වනයක අතරමං වූවාක් මෙනි..මගේ දෑත් මගේ කුස කරා ගියේ නිරායාශයෙනි...
"දැන් ඉතින් තාත්තෙක් නැති දරුවෙක් මොකටද? අනික ඔහොම වෙනස්වෙන කෙනෙක්?..කලිනුත් මතකනේ ඔයා හිටි නැති කාලේ..?
අමාලි බොහෝ දෑ කියයි..මට ඒවා ඇසීමට සිතක් නැත..
මා බොහෝ වෙහෙසව නැවත් වරක් මගේ ඔරුව දියත් කලෙමි..එය නැවත නැවතත් ගිලේ..මා කකුල කැඩුන වෙළඹක් මෙනි..පලා යාමට ශක්තියක් නැත..එහෙත් ජීවිතයට මුහුන දිය යුතුය...
ප්‍රනීත්...!! ඔබ නැවතත් මා රැවටීය..මේ අවසානයයි...
ප්‍රනීත්...!! ඔබ නැවතත් මා රැවටීය..මේ අවසානයයි...
පියෙක් නැති දරුවෙක් හදා වඩා ගැනීම මේ රටේ ප්‍රශ්නයක් නැත..මම ජීවිතයට මූන දෙමි.දෛවය මට ලෙමන් ගෙඩියක් දී තිබේ..ඉදින් මම ලෙමනෙඩයක් සාදා ගනිමි...
පලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි...
මගේම ලෙයින් බිහිවෙන කුරුලු පැටියෙක් හෙට දින මා ලොව එලිය කරනු ඇත...මා ඒ වෙනුවෙන් ජීවත් වෙමි...
මා වැරදිද...?
පලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි...
මගේම ලෙයින් බිහිවෙන කුරුලු පැටියෙක් හෙට දින මා ලොව එලිය කරනු ඇත...මා ඒ වෙනුවෙන් ජීවත් වෙමි...
මා වැරදිද...?
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
පොත් පොත් පොත්13 hours ago
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,367
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
වලවුවට ගොඩ උන ගමන්ම අළුත් ලිපියක්..
ReplyDelete" මා වැරදිද?" ඇත්තටම හොද ප්‍රශ්ණයක් අන්තිමට අහලා තියෙන්නේ.. වැරදි නුඹද එහෙමත් නැත්නම් ප්‍රනිත්ද??
naha waradi kiyannath baha adareta sima naha anika pita rataka thaniyama innakota simawa hithaganath baha
ReplyDelete"පලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි..."
ReplyDeleteජීවිතයට මුහුණ දුන් ඔබ වැරදි නැහැ.. :)
ඔයාට වෙන මොනවත් නෙමේ හරියන්නේ, කතා ලියන එක. මේ ලියන ශෛලියට මම කැමතියි. එහි තියෙන්නේ නිරායාසයෙන් කියවාගෙන යන්න පුලුවන් ගතියක්. (මම කියන්නේ readability කියන එක). සරල හා මට සිලිටු බස් වහරක් ඔබට තියෙන්නේ. ගලා යෑමත් ලස්සනයි. කාලයත් එක්ක වස්තු විෂයයේ වැදගත් කමත් අපූරු බවත් දියුණු වේවි, නොකඩවා ලියන්න. කවි ලියන්න වැඩිපුර වෙලාව ගන්න එපා කිව්වොත් තරහ නෑ නේද? :)
ReplyDeleteකම්මැලි කමට මාත් ගොඩ උනා වලව්වට...කාලෙකට පස්සෙ හොද බ්ලොග් එකක් රස වින්දා......ස්තුතියි ඔබට......
ReplyDeleteහිතට වදින කතාවක් යාලුවා.....
ReplyDeleteමොනවා කියන්නද? ආදරේ ගැන මම හොදට දන්නවා. විශ්වාසය ගැනත් දන්නවා. කියෙව්වට පසුව ලොකු දුකක් ඇතිවුනා.
ReplyDeleteකිසිවක් නොකියමි,මාව හොඳින් හඳුනාගත් යෙහෙලියක් වශයෙන් මගේ සිතුවිලි ඔබට පවසන්නට උවමනා නැත.
ReplyDelete//දෛවය මට ලෙමන් ගෙඩියක් දී තිබේ..ඉදින් මම ලෙමනෙඩයක් සාදා ගනිමි...පලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි...//
ReplyDeleteධෛර්‍යමත් වාක්‍යක්.... නියම ශෛලියක්... අපූරුයි කුමාරිහාමි... වැරදි නෑ.... මෙහෙම මොහොතක ශක්තිමත් වෙන්න පුළුවන් ගෑණීයක්, ලෝකෙම වුනත් දිනාවි...
ජය වේවා!!!
@සත්‍යා....දහස් වාරයක් ස්තූතියි සත්‍යා..මුලින්ම මා වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කරලා මේ වගේ දෙයක් ලියපු එකට..ඒ වගේම ඔබ හැමදාම දෙන වටිනා අවවාද අනුශාසනා...සත්තකින්ම අපි වගේ නවකයන්ට ඔබ වගේ අය දෙන ලෝබ නැතිව කරන මේ අගය කිරීම මට නම් ලොකු සම්මානයක් ගත්තා හා සමානයි..
ReplyDeleteකිසිම තරහක් නෑ කවි ලියන්න එපා කිව්වට..ඇත්තෙන්ම මම කවියට ඒ තරම් දක්ෂ නෑ(ලියන්නත්.., මම හිතන්නේ නෑ හි.හි.) ඒත් සමහර වෙලාවට මට හිතෙන දේවල් මම ඔහේ පද පේලි වලට ලියාන්වා..ඒක මානසික විරේකයක් වගේ. එහෙම නැතුව කවියක් ලියන්න ඕනේ කියලා හිතලා නෙමෙයි ලියන්නේ..
ඔබ හරි..මමත් දන්නවා ගොඩක් ව්‍යාකරන අක්ෂර දෝශ තියෙන බව..මම උසස්පෙලටත් සිංහල විෂයක් විදියට කරේ නෑ..සාමාන්‍ය පෙලට විතරයි විෂිශ්ඨ සාමාර්තයක් තියෙන්න.. ඉතින් නොදන්නා දේ ඉගෙන ගනිමින්..ඔබලා වගේ උගත් නැනවතුන්ගෙන් අවවද ලබමින් හිමින් යන මේ ගමනෙදී හැමදාම මාත් එක්ක ඉඳී කියල මම හිතනවා..නැවතත් ගොඩාක් ස්තූතියි..
@Dinesh..ආවට ගොඩක් ස්තූතියි...වැරදි කවුද මම දන්නෙත් නෑ
ReplyDelete@Ano...ඔව් එක එක සංකෘතීන්වල අපි හිතන පතන විදිහ වෙනස්..අපේ රටේදී වැරදි දේවල් වෙනත් රටක හරි වෙන්න පුලුවන්
ReplyDelete@නන්දු..ස්තූතියි නන්දු...
ReplyDelete@කබුචි..අමුතු නමක් ...ලස්සනයි ..ස්තූතියි ඔයාට
ReplyDelete@මහ වෙදනා...ආවටත් කියෙව්වටත් ස්තූතියි...ආදරයත් විශ්වාසයත් කඩ කරලා පිරිමි ලමයි මග ඇරියම ලංකාවෙ නම් ගොඩක් අසරන වෙනවා නේද...ඒක හරිම අපරාදයක්
ReplyDelete@ගිම්හානි..ඔබේ සිත අදුනමි..ලඟින් ඉන්නවාටත් දිරි දෙනවාටත් පින් දෙමි
ReplyDelete@හිතූ...ගැහැනිය කුඩා දේට අඩා වැලපීමටත් විශාල දුකක් දරා ගැනීමටත් දක්ෂයි කියලා මම විශ්වාස කරනවා....ස්තූතියි ඔයාටත්...
ReplyDeleteමේක ඇත්ත සිද්ධියක්ද..?? එහෙම නම් දරා ගන්න බැරි තරම් දුකයි, කවදාවත් කිසිම කෙනෙකුට එහෙම නොවේවා කියල මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනව. හදපු කතාවක් නම් ඔයාගෙ හැකියාව ගැන ගොඩාක් සතුටුයි. මට නම් ඒක බොක්කටම වැදුන, නියමෙටම ලියල.. සුභ පැතුම්...
ReplyDeleteලස්සන නිරිමාණයක්, තව තවත් ලියමු.
ReplyDeleteඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් ,හරිම ලස්සන භාෂාවකින් සමාජ සිදුවීමක් එළිදක්වල තියෙන එක ගැන සතුටුවෙනවා.ඉවසීමේ සහ ගුණාත්මක භාවයට ඔන්න අපිත් උණුසුම් ලෙස සුභ පතනවා..හරිම ලස්සනය්..
ReplyDeleteහ්ම්...අද තමයි ඉස්සෙල්ලාම ආවෙ...ජීවිතේ තවත් එක පැතිකඩක්..කෙල්ල මෝඩද..කොල්ල කපටිද කියන්න බැරිවුනාට ජීවතේ තවත් එක නැවතුම්පලක්...
ReplyDeleteලස්සනයි අදහස..එන්නම්නෙකා ආයිත්...
ඔබ නිවැරදිය... දෙදෙනාම ජීවත් විය යුතුය.. කුරුළු පැටියා වෙනුවෙන් ඇය ජීවත් විය යුතුමය..
ReplyDeleteහරිම ලස්සනට ලියලා තියනවා... ජය !!
සින්ගල් මම්මල මේ රටවල ගොඩාක් ඉන්නවා...අපේ රටේ නම් එහෙම කෙනෙකුට සමාජයෙන් ලැබෙන්නෙ මොනාද කියල මම කිව යුතු නැහැ...මම හිතන විදියට තනියම දරුවෙක් හදන් ජීවත් වෙන අම්ම කෙනෙකුට වැඩි ගරුත්වයක් හිමිවෙන්න ඕනෙ..මේක ඇත්ත කතාවක් නෙවේ නේද?
ReplyDeleteඅපූරු කතාවක්...
ReplyDeleteහප්පේ ලස්සන කථාවක්....ඔබ නිවැරදියි....
ReplyDelete@මන්ඩි..නෑ ඇත්ත කතාවක් නම් නෙමෙයි..හිතුන නිසා ලිව්ව..ඒත් මේ වගේ කතා ඕනෙ තරම් තියෙනවා නේද
ReplyDelete@Ravinumalස්තූතියි ඔබට...
ReplyDelete@Tharinduhw122 .....ස්තූතියි ඔබට.
ReplyDelete@තරූ..ස්තූතියි ගොඩ වැදුනට මම ඒවා ගැන ඒ තරම් හිතුවේ නෑ..ඔහේ ලිව්වා
ReplyDelete@Senna...ස්තූතියි සෙන්නා..ආවටත් සටහනක් තිබ්බටත්
ReplyDelete@වින්චැට්කිරිල්ලි..නෑ කිරිල්ලි ඇත්ත කතාවක් නෙමෙයි..ඒත් මෙහෙම අය මේ රටවල් වල ගොඩක් ඉන්නවා නේද..ගෑනියෙක්ට් ලමයෙක් හම්බවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්..ඒකට තාත්තා නෑ කියලා සමාජෙන් ගරහන එක පවක්....
ReplyDelete@චමී..ස්තූතියි..ඔයා මේ මගේ කතාවකට කමෙන්ට් කරාමයි..
ReplyDelete@ඔබ නොදුටු ලොවක්....හප්පේ ස්තූතියි..
ReplyDelete@පුංචි කුමාරිහාමි
ReplyDeleteහේ හේ.....කුමරිහාමි මහේ නමත් වෙනස් කොරල වගේ....:D
කමෙක්ට් කරන්න හිතුනා කලා එපමනයි..නිතරම ගොඩවෙලා පුත්ගලික කාරණයක් හරි වෙන යමක් හරි කියනවාට වඩා එහෙම හොඳයි නේද?
ReplyDeleteමම ඔයාව සෙව්ව මූණු පොතේ . මොකද උනේ?
ReplyDeleteමේ වගේ දේවල් ඕනෙතරම් පිටරට නෙමෙයි ලංකාවේ පවා මම අහලා දැකලා තියෙනවා ළමයාව හදාගන්නවා කියලා දාපු එකට කැමතියි ඇබෝෂන් කියනවට වඩා.කථාව හරිම ලස්සනයි කෙල්ලෙක් සීමාවක් තියාගන්න ඕනේ මේකයි අවම වශයෙන් මේ වගේ පසුවට පසුතැවීම් නොවෙන්න ආරක්ෂාකාරි වුනානම් කියලා හිතුනා....විශ්වාසය මායාවක් වාගෙ.....
ReplyDelete//ගෑනු ලමෙක් කියන්නේ වීදුරු භාන්ඩයක් වගේ පළුදු දේවල් ගන්න කවුරුත් කැමති නෑ//
මේක මම අහලා තියෙන කතාවක් ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ ඒ වුනාට මෙහෙම දේවල් ගන්න අය නැත්තෙමත් නෑ
@ගැමියගේ පත් ඉරුව.... ආවට ස්තූතියි..කමෙන්ට් කරාටත් ස්තූතියි.."ගෑනු ලමයෙක් වීදුරු බඩුවක් වගෙයි කියන්නේ එයා රැකගත් යුතු දෙයක් තියෙන නිසා වෙන්න ඕනේ..එතකොට පිරිමි ලමයිට එහෙම නැද්ද..අනික ගෑනු ලමයෙක්ට එක පාරක් ජීවිතේ වැරදුනාට පස්සේ ඒ ලමයාගේ මුලු ජීවිතේම අවසනාවන්ත වෙනවා කියලා තීරනය කරන්නේ අපේ රටවල් වල..
ReplyDeleteලස්සන කතාවක්..ගෑණු දරුවෙක් දෙතුන් වතාවක් හරි කියවල ජීවිතේට පාඩමක් ගත යුතු කතාවක්..ආදරේ අන්ධලු තමයි..ඒත් මේ තරම් ..
ReplyDeleteඔබ වැරදි නැහැ..ඒත් පියෙක් නැතුව ඉපදෙන මේ අහිංසක දරු පැටියට වරදින්නෙ නෑ කියල හිතන්නත් බැහැ.. :(
@සිත් රූ ආවට ස්තූතියි..ඔව් වරදින්නත් පුලුවන්..එත් අපේ රටේ වගේ මේ රටවල පියෙක්ගේ ආරක්ෂාව ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නෑ..හැබැයි පිය සෙනෙහස නම් අඩුව දැනෙයි
ReplyDeleteපලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි...
ReplyDeleteexcellant
ස්තූතියි ජෝන් බාස් මේ පැත්තට ආවට..
ReplyDelete