Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

May 13, 2012

෴෴අම්මා වෙනුවෙන්ම෴෴


ලෝක මව්වරුන්ගේ දිනය  මැයි 13 වෙනිදා..මම නම් මේක දැනගත්තෙත් යුරෝපයට ආවට පස්සෙයි..

ඊට කලිනුත් තියෙන්න ඇති නේද..ඉතින් මේ ගමේ කෙල්ල ඕවා දන්න එකක්යැයි..

ඉස්සෙල්ලම අර වැලන්ටයින් උන්නැහැගේ දිනෙත් දැනගත්තේ සන්නස්ගල සර් මොකක්ද උත්සවයක් තිබ්බා කියලා ආරංචි උනාමයි.
ඉතින් අම්මලා වෙනුවෙන් දිනයක් වෙන් කරපු ගොඩක් හොදයි..

මොකද "ලෝක අත හෝදන දිනයකුත්" තියෙන ඒකේ අම්මට දිනයක් නැත්නම් හරිම අපරාදයක් නේ.

පුංචිම පුංචි කාලේ මම නිතරම ලෙඩ වුනා. අම්මා රෑ දවල් නැතිව වැඩටත් නොගිහින් ඇස්වල කඳුලු පුරෝගෙන මගේ ඔලුව අතගානවා අදටත් මට මතකයි..
අම්මා ගැන මතකය කොහෙන්ද ආවේ කියලා මම නිස්කලන්කව හිතුවම ඉස්සෙල්ලම අම්මා සම්බන්ද සිද්දිය මොකක්ද.. අනේ එහෙම එකක් මතක් වෙන්නේ නෑනේ..අපි දෙන්නා එකට මුන ගැහෙන්න ඇත්තේ මම බඩේ ඉද්දිම වෙන්න ඇති..

එදා ඉදන් මේ වෙනකන් ඒ සම්බන්දෙට වඩා ලොකු සම්බන්දයක් ජීවිතේ තියෙන්න ඇද්ද..ආදරය ජිවිතය වෙනස් කරපු එක ඇත්ත..ඒත් අම්මා නේද සදහටම ජීවිතේ එකම සෙවනැල්ල.

අම්මා කෙනෙක්ගේ ආදරය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ ලොකේ කොහෙත් මොන ජාතියේ උනත් "අම්මා කියන්නේ අම්මා ම තමයි"

ක්තරා පුතෙක් සහ අම්මා කෙනෙක් ගැන කතාවක් මම කොහෙන් හරි කියෙව්වා. ඒකත් කියන්නේ අම්ම කෙනෙක්ගේ ආදරේ ගැන කියලා දෙන්න නම් නෙමෙයි. අම්මලා එහෙමයි කියන්න..

අම්මෙකුයි පුතෙකුයි ලොකු බැඳීමකින් ජීවත් වුනා..පුතා විවාහයක් ගැන හිතුවෙත් නෑ අම්මා නිසා. මොකද පුතා බයයි ලේලි අම්මට වෙනස්කම් කරයි කියලා..

ඒත් පුතාත් බලන් ඉද්දි වයසට යනවා. අම්මත් මහලුයි. අම්මගේ වදේටම පුතා විවාහයක් කරගත්තා. ඒත් ඉතින් පුතාගෙයි අම්මගෙයි ආදරේ නම් වෙනස් වුනේ නෑ.

අලුත ආපු බිරිඳට මේ අම්මගෙයි පුතාගෙයි ආදරේට ඉරිසියාවක් තරහක් ඇතිවුනා. හැමදෙයක්ම අම්මගෙන් අහන එක ,අම්මට මූලික තැන දෙන එක ලේලිට දරාගන්න බෑ..

ඔහොම ගිහින් අලුත් බිරිඳට දරුවෙක් ලැබෙන්නත් අවා. බිරිඳට කල්පනා වුනා නැන්දම්මගෙන් බේරෙන්න හොදම ක්‍රමේ මේක කියලා.

සැමියට කියනවා..." අනේ මට දොලදුකක් ආවා. ඒක හොද කරේ නැත්නම් අපේ දරු පැටියා ලෙඩෙක් වෙයි  ඒක නිසා කොහොම හරි ඒක ඉටු කරන්න කියලා"

ඉඳලා ඉඳලා බැඳගත්ත තරුණ බිරිඳගේ මායම් වලට අහුවුන සැමියා එක හෙලාම ඒකට එකඟ වෙලා ඒ මොකක්ද කියලා ඇහුවම ඇය කියනවා "මට ආසයි ඔයාගේ අම්මගේ හදවත උයලා කන්න" කියලා.

පුතා සිහි එලෝගන්න බැරිවෙලා පුදුමෙන් දවස් කීපයක් හිටියත් බිරිඳ දිගින් දිගටම කන්කෙඳිරි ගගා ඉදලා ලෙඩ වෙලා වගේ ඇඳට වුනා.

වෙදතුමා කිව්වෙත් ඇයගේ හිතේ අසතුටක් නිසා ඇය ලෙඩ වෙලා කියලා. පුතා අන්තිමේ තීරනයක් ගත්තා.
අම්මාට කිව්ව අපි කාලෙකින් නොගියපු මාමා බලන්න යමු කියලා.

අම්මත් ගොඩක් සතුටෙන් ලෑස්ති වුනා..දෙන්නා එක්ක  ගියේ කැලයක් මැද්දෙන්..පිටි පස්සෙන් ගියපු පුතා එක පාරටම අම්මව මැරුවා. මරලා ඇගේ හදවත අතට ගත්තා.

හිතේ බයයි වේදනාවයි නිසා හදවතත් අරන් වේගයෙන් නිවස කරා දුවන්න ගත්තා. එහෙම දුවද්දි පුතා දේපා පැටලිලා බිම ඇදගෙන වැටුනා..

එක පාරටම අර අතේ තිබ්බ හදවත අහනවා "පුතේ උඹට රිදුනද"? කියලා.
අම්මලා එහෙමයි..

ඒක නිසා අමුතුවෙන් මව් වරුන්ගේ දිනය වෙනුවෙන් විතරක් කතා කතා කරන්න ඔනේ නෑ. .අපි කාන්තා දිනය ළමා දිනය..කම්කරු දිනය වෙනුවෙන් ගොඩක් කෑ ගැහුවා. මොනාත් උනේ නෑ.

ඒත් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කෑ ගහන්න ඕනේ නෑ.. අම්මා හැමදාම අම්මා තමයි..

මැක්සිම් ගොර්කි කිව්වා මෙලොව ඇති හැම සුන්දර වස්තුවක්ම බිහිවෙන්නේ හිරුඑලියෙන් සහ අම්මගේ කිරිවලින් කියලා. එතනින් එහාට හිතන්න දෙයක් නෑ නේද..
ඉර ලෝකයට ජිවය දෙනවා වගේම අම්මා මනුෂත්වයට ජීවය දෙනවා..

ලෝකයට ජීවිතය දෙන හැම අම්මා කෙනෙක්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා.!!!


14 comments:

  1. ලස්සනයි වටිනා අදහසක්

    ReplyDelete
  2. ලස්සන අදහස් ටිකක්... ගැමදාම අම්මට ආදරේ කරනවනම් සලකනවනම් මුළු අවුරුද්දම අම්මාවරුන්ගේ දවස..

    ReplyDelete
    Replies
    1. ඔව්..දිනෙෂ්.. හැමදාම අම්මාට සලකන්න. ඕනේ.. ඒකට දිනයක් ඕනේ නෑ..

      Delete
  3. අම්මට ආදරේ කරන..අම්මව අදහන කිසිම දරුවෙකුට වරදින්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිල්ලියේ.. අපිට ජීවිතේ වැරදුනාම අන්තිමේ අපි ලඟ ඉතුරුවෙන්නේ අම්මා විතරමයි..

      Delete
  4. Ammagen duras wela wena rataka inna matath ammage aduwa danena waara ematai. Hadissiye asaneepa unama amma oluwe thel gaala Vicks gaala athagaana Kota danena saneepe wachana walin visthara karanna ba..( e wagema Ithin punchi kale polbaayen,, athe thiyena elawaluwakin hari gutukapu ewath thiyenawa)

    Ithin blogg awakashaye inna siyaluma ayage amma lata " HAPPY MOTHER's DAY"

    Suja akka...

    ReplyDelete
    Replies
    1. ඔව් සුජා අක්කේ අම්මගේ ආදරේ අපිට දැනෙනේ අම්මගෙන් ඈත් වුනාමයි...

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන, ගුණ ගැන, ඒ සෙනෙහෙවන්තකම ගැන ලියලා කියලා ඉවරකරන්න බෑ කවදාවත්ම...

    සංවේදී ලස්සන අදහස් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතුවක්කාරිට...

      Delete
  7. කසාද බැන්දම ටික කාලෙකින් වයිෆ් කැමති නෑ අම්මට වැඩිය ආදරේ වෙනවට, අම්ම කැමති නෑ වයිෆ්ට වැඩියෙන් ආදරේ වෙනවට. ගෑණු අය කොහොමත් ආදරේ බෙදෙනවට කැමති නෑ. මොකක් උණත් පස්සෙ ගනිපු ගෑනුන්ට වඩා අම්ම වටිනව. ඒත් දැන් කාලෙ ඉන්න සමහර අම්මල දැක්කම මුන් අම්මලද කියලත් හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා..
      ස්තූතියි යසිත්..

      Delete
  8. Lassanay.
    Ammava godak mathak wuna meka kiyawala iwara wunata passe.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...