Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

May 30, 2012

සෙනෙහසින් නුඹට ලියමි.....

දයාබර චුට්ටි..
කාලෙකින් ලියන්න බැරි මම වැඩ ගොඩක හිර වෙලා හිටි නිසයි ඉතින් මම මේක ලියන්න හිතුවේ අද කතා කරාම ඔයා ගොඩක් දුකෙන් කතා කරපු නිසා..


ජීවිතේ දරාගන්න බැරි තරම් හිත රිදුනොත් ඔයාමොනවද කරන්නේ. මේ මොහෙතෙත් ඔයා ඉන්නේ කෑ ගහ ගහ අඬ අඬ නම්.. ඔයාව අඬවපු අය ගොඩක් සතුටින් හිනාවෙනවනම් ඔයාට මොකද හිතෙන්නේ. 


මම කියන්නද ....ඉස්සෙල්ලම ඒ අය ගැන ලොකු තරහක් වෛරයක් ඇතිවෙනවා ..අනිත් පැත්තෙන් තමන් ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවෙනවා, එහෙම නේද.


මම දන්නවා ඔයාට හිතෙයි අනේ මේ මොහෙතෙම මාව මැරිලා යනවනම් කියලා. ඒ තරම් ඔයාට ජීවිතේ අප්‍රසන්න විදියට පෙනෙයි.


ඔය ඇස් වලින් ගලන කඳුලු පොඩ්ඩක් පිහිදාල මෙක කියවන්න. අපි කතා කරමු. දන්නවා ජීවිතේ අසරන වුනාම, ගොඩක් ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවාම දරාගන්න බෑ කියලා. අඬලා අඬලා මැරෙන්න හිතෙනවා. ඒ අවස්ථාව ජීවිතේට උදා වුනේ ඇයි කියලා හිතෙනවා


ඒත්.. මැරෙන්න්න හිතුනා කියලා මැරෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනුස්ස ජීවිතේ ගොඩක් අමාරුවෙන් ලැබෙන්නේ. අපි දන්නේ නෑ ආයෙත් වතාවක් අපිට මේ ලෝකෙට එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා ලැබුන ජීවිතෙන් පලා යන එක මිනිස් කමට නිගාවක්.


ඒක නිසා අපි මැරෙන අදහස අයින් කරගමු. 

ඊට පස්සේ බලමු ඇයි මෙහෙම හිත රිදුනේ කියලා.කවුරු නිසාද එහෙම වුනේ කියලා. ඔයාගේ හිත රිද්දුවේ ඔයා ගොඩක්ම ආදරේ කරන කෙනෙක් නම් ඒක ඔයාට ලොකු වේදනාවක් කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. 

ඒක වුනේ සාදාරන හේතුවක් නිසානම් එයාගෙන් සමාව ගන්න පුළුවන් ඒත් අසාධාරන ආත්මාර්ථාකාමී කම නිසා නම් ඔයාට කරන්න තියෙන්නේ එයාගේ හිතවත් කම ගැන දෙපාරක් හිතන එක.

ආදරේ කරන දෙන්නෙක් නම් දෙන්නට දෙන්නා අතරේ අවබෝධය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

අපි ආදරය කරන කාලයේ අනෙක් කෙනාගෙන් වෙන හැම වැරැද්දක්ම දකින්නේ සැහැල්ලුවෙන් ගොඩක් අයත් කියනවා "බැන්දම ඕවා හරි යයි" කියලා ඒත් මම කියනවා එහෙම හරි යන්නේ නෑ. 

ගොඩක් අය ආදරේ කරන කාලේ කරන වැරදි බැන්දම නවත්තන්නේ නෑ. ඒවා වැඩිපුර කරනවා. ආදරේ කරද්දි දාලා යයි කියන බය තිබුනත් බැන්දට පස්සේ ඊටත් වඩා නිදහස හම්බ වෙනවා.

මම දන්නවා එහෙම කිව්වට ආදර සම්බන්දයක් නවත්තන්න ගොඩක් අමාරුයි. ඒත් අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. ගොඩක් දරුනු විදියට හිත රිද්දන කෙනෙක්ට පවුල් ජීවිතේකට ගියාම ඒක නවත්තන්න පුළුවන් කමක් නෑ.

අපි ආදරේ කරනකොට හිතෙනවා අනිත් කෙනත් අපි වෙනුවෙන් කැපවෙලා ඒ ගැනම අවධානයෙන් ඉඳිවි කියලා. ඒත් හැමෝම එහෙම නෑ. එහෙම ඉන්න අයත් ඉන්නවා.

ජීවිතේ අසරන වෙලා හිතාගන්න බැරි විදියේ අභූත චෝදනාවලට ලක්වුනාම කෙනෙක්ට ජීවිතේ එපා වෙනවා. කලකිරෙනවා. හැමදෙයකින්ම පලායන්න හිතෙනවා. 

ඒත් එහෙම කරා කියලා ලැබෙන දෙයක් නෑ. කරන්න ඕනේ හොදම දේ නම් කාලයට ඉඩ දෙන එක. අමතක කරනවා කියන එක අමාරු දෙයක් බව අපි දන්නවා.

ඒත්කොහොම හරි අපි දරාගන්න ඕනේ. ඕනෙම ගෑනු හිතක මේ හයිය තියෙනවා. මම දන්නවා ඔයාට පුළුවන්. 

පුංචි කාලේ සෙල්ලම් කරද්දි වැටුනම රිදිලා කෑ ගහ ගහ ඇඬුවත් අපි ආයෙත් නැගිටලා ඒ සෙල්ලම කරනවා මතකද. ඒ වගේ තමා චුට්ටියේ ජීවිතෙත්. දාලා යන්න බෑ. පැනලා යන්න බෑ.

කවුරු කොහොම මොනවා කිව්වත් හිත හදාගන්න අමාරුයි කියලා මම දන්නවා. ඒත් එහෙමයි කියලා ජිවිතෙන් පැනලා යන්න බෑ. අපි ජීවත් වෙමු..

දැන් ඔයාගේ හිත ටිකක් විතර නිමිලා නේද. අඬන එක නවත්තලා දැන්වත් ටිකක් හිනාවෙන්න. 

ඇදෙන් බහින්න. ගිහින් හොදට නාගන්න එහෙම නැත්තන් ඇග සෝදගෙන හොද උණු තේ එකක් හදන් බොන්න. අපිට අපි විතරමයි චුට්ටියේ. කවුරුත් එන්නේ නෑ පොඩිකාලේ වගේ වඩාගෙන නලවලා අපේ හිත් හදන්න.

අද අම්මටයි තාත්තටයි වත් බෑ අපිව නළවන්න සනසන්න. ඔයාට පුළුවන්.. ඔයා නැගිටින්න ඕනේ... 

මම ආයෙමත් ඔයාට ලියන්නම්.. එතකන් දැනට ඇති

බුදු සරනයි..!!!
මද්දු අක්කා.









44 comments:

  1. අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. සහතික ඇත්ත​කුමාරිහාමි. සමහර මිනිසුන්ගෙ හිත පටුයි ගුප්තයි.. එත් මතක තියාගමු ලෝකය විශාලයි මෙතෙක් අපිට හමු නොවු පළල් හදවත් ඇති මිනිස්කමින් පිරිපුන් මිනිස්සු හමුවීමට වරම ලබාදෙන්නේද කාලය​. අවංක යාළුවෙකුගෙ හිතවත්කමෙන් සංවේදි ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාතිමා.
      ඔව් සමහර මිනිස්සු ගොඩක් අමුතුයි.තේරුම් ගන්න බෑ. එහෙම අය නිසා සංවේදී හිත් තියෙන අහිංසක හිත් ගොඩක් තැලෙනවා.
      එහෙම කවුරු හරි මේකෙන් ප්‍රයොජනයක් ගන්නවනම් මට සතුටුයි.

      Delete
  2. 'අපිට අපි විතරමයි චුට්ටියේ' ඒක නම් ඇත්ත අක්කියෝ.මම ඒක හුගක්ම අත් විදපු කෙනෙක්.කෙනෙක් අපිව පාගලා දාන්න අපිව මානසිකව වට්ටලා දාන්න හදනව නම් අපිත් තවත් ශක්තිමත් ‍වෙන්නම ඕන.
    ''ගසක් නම් මද පවන් හා සිනාසී විහිළුවක් කරන්නා සේ
    සුළි සුළං පැමිණි කල නොම සැලී, අතුරිකිලි සුරකිය යුතුම‍ වේ"

    ReplyDelete
    Replies
    1. ඒක නම් මමත් අත්විඳපු අත්දැකීමක් බට්ටියේ... අපි තනිවුනාම අසරන වුනාම කවුරුත් නෑ. හැමෝම ඉන්නේ අපිට හයිය තියෙනකන් විතරයි..

      Delete
  3. ම්...යම්දෙයක දැඩිව බැඳුනම දැනේන වෙදනාව වැඩී...ආදරය මහපුදුම දෙයක් නේ..වෙදනාව,සතුට,දුක,වෛරය..කොච්චර දෙවල්නම් ඔකේ ගැබ්වෙලා තියෙනවද....ආදරේ කරන කොට දෙන්නම හිතනවනම් ද්ව්‍යලොක මවන් නැතුව සැබැ විදිහට එකිනෙකාට ආලය කරන්න අන්න එතකොට වෙදනාවල් දැනේන එක අඩුවෙලා සතුට වැඩිවේවී...

    ReplyDelete
    Replies
    1. කොහොම ආදරේ කරත් රාජ් සමහර වෙලාවට නොගැලපෙනකම වැඩියි.. ඒක මහ දුකක්. හොදම දේ හිත හදන් අයින් වෙන එක. ඒත් කරන්නම බැරි දේත් ඒකමයි.

      Delete
  4. තමන්ගෙ හිත තමන්ම තමා හදාගන්න ඕන . කාටවත් බෑ තමයි එය කරන්න . ඒත් අපි වැටිල ඉන්න වෙලාවට සමහර යාලුවෝ හිත සනසන්න කියන වදන් මහා හයියක් වෙනවා .
    …ඔයත් මේ කරන්නෙ ඒකනේ . චුට්ටිට ඔයාගෙ වදන් ශක්තියක් වෙයි .

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ගිම්..
      හොද යාලුවෙක්ට පුළුවන් අපේ හිත හදන්න.. ඔයත් එහෙම කරා. මතකද මම දුකෙන් ඉන්නකොට..
      ස්තූතියි ඔයාට.

      Delete
  5. අනේ මන්දා මොනව කියන්නද කියලා.......
    ඒත් මෙන්න මේ ටික හිතට ගන්න හොදට
    ප්‍රශ්න නැති උනාම ජීවිතේ කිසි ගතියක් නැහැ ඒකාකාරි බව ජීවිතයට ආවාහමත් එපා වෙනවා ජීවිතේ ජීවත්වෙනවා කියලා දැනෙන්නේ ප්‍රශ්න වලට මුහුන දෙන කොට තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින් ඔයා හරි. ප්‍රශ්න නැති ජීවිතේ ඒකාකාරියි. ඒත් සමහර ප්‍රශ්න ජීවිතේට ලොකු බලපෑමක් කරනවා. ඒවා දරාගන්න සමහරුන්ට බෑ. ඒකයි මම මෙහෙම එකක් ලිව්වේ.

      Delete
  6. ප්‍රශ්න....... අම්මල,තාත්තලට තුරුලට අරගෙන නලවන්න බැරි වුනාට ඒ දෙන්න ලඟ ඉන්නකොට මාර ශක්තියක් හිතට එනවානෙ.අවංක යාලුවොත් හරිම ශක්තියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසු.. අම්මයි තාත්තයි ලඟ ඉන්න එක ශක්තියක් තමා. ඒත් අපි ලොකු උනාම එයාලටත් කියාගන්න බැරි ප්‍රශ්න එනවා නේද ජීවිතේට...
      හොද යාලුවෝ නම් හිතට හයියක් හැමදාම

      Delete
  7. //අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. ගොඩක් දරුනු විදියට හිත රිද්දන කෙනෙක්ට පවුල් ජීවිතේකට ගියාම ඒක නවත්තන්න පුළුවන් කමක් නෑ.//

    මේ කතාව ඇත්ත අක්කේ... හේතුවක් ඇතිව හෝ නැතිව රණ්ඩු කරනවා කියන්නේ පවුල් ජීවිතේ අප්සට් වෙනවා කියන එකම තමා.දෙන්නගෙන් එක්කෙනෙක්ට අසීමිතව ඉවසන්න පුළුවන්නම් මේක මෙහෙම වෙන්නේ නෑ හැබැයි එහෙම ඉවසුවා කියලා කරන වැරදි නිමක් නැත්තම් එහෙම ඉවසලා වැඩකුත් නෑ තමා...

    අක්කා කිව්ව විදියට යාළුවෙලා ඉද්දි නිතර වැරදි කරන කෙනෙක්ව හදාගන්න බෑ බැන්දට පස්සේ ඒ නිසා දැන්ම තීරණයක් ගන්න එක හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. ගොඩක් වෙලාවට වෙන්නේ එහෙම නේද. අද කරන වැරදි අනාගතේ වැඩියෙන් කරනවා.
      රන්ඩු කරන කෙනා හැමදාම කරනවා.

      Delete
  8. කාටද මේ ලියලා තියෙන්නෙ ? අදාල පුද්ගලයා ( චුට්ටි ) මේක කියෙව්වොත් ඇයගෙ දුක බොහෝදුරට තුනී වේයැයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා චුට්ටි මේක කියවයි .. එයා මොනා දෙයක් තේරුම් ගනියි. ඒ වගෙම කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් ලොකු දෙයක්..

      Delete
  9. ජිවිතේ කියන්නේ සෙල්ලමක් නෙමේ සැහැල්ලුවෙන් හිතන්න තරම්..අක්කා කෙනෙක් විදියට දෙන්න ඔනේම උපදෙස් ටිකක් දිලා තියෙනවා.

    ReplyDelete
  10. යාළු වෙලා ඉන්න කාලේ කරපු වැරදි බැන්දාම වෙනස් වෙනවා කියන දේ බොරුවක්. මේ ලියුමේ තියෙන විදියට වැඩ කලොත් වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න අසර් අද ඉදන් වැරදි කරන්නේ නෑලු එයාගේ පෙම්වතිට . :D..

      ස්තුතියි අසර්,..

      Delete
  11. මෙහෙම අක්කෙක් ලබන්න ඒ චුට්ටි හරි පින්වන්ත වෙන්න ඕනෙ.. හරිම වටින අදහස් ටිකක් දීලා තියෙන්නෙ අක්කෙ!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතු..
      අපි අපේ ගැහැනු ලමයි බ්ලොග් එකෙනුත් කතා කරේ මේකනේ..

      Delete
  12. සැහැල්ලුව ප්‍රශ්න නැති කරන උප්පරවැට්ටිය බව සෑමා උගත්තේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ චරිතයෙනි.

    අපේ තාත්තා එහෙමය. ජය !

    ReplyDelete
    Replies
    1. සෑමාගේ තාත්තා හරිය..
      මේ ඔයාගේ තාත්තා අර චිත්‍රපටි අධ්‍යක්ශකද..?

      Delete
    2. පුංචි,

      නිකමට හදලා බලන්න දැන් සෑමගෙ වයස කීයක් විතර ඇත්ද කියලා.. මූට පුත්තලම් බූරුවො හත් දෙනෙක්ගෙ විතර වයසයි, ඔය පොඩි කාලෙ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකේ දාගන හිටියට. හැක හැක හැකස්..

      Delete
    3. අලේ යකෝ.. මම ඊලග පෝස්ටුවේ මගෙ බර්ත් සැටිපිකෙට්ටුව දාන්න ඉන්නේ..

      මේක සෑමා ගෑල්ලමයි එක්ක තියෙන ඇයි හොදැයිය නැති කිරීමේ තැතක්

      Delete
    4. හිකිස්..හිකිස්...

      බයවෙන්ඩ එපා බන් ගෑල්ලමයි බොට මනාපයි.. උන් අපේ ලණු කන්නෑ... :-)

      Delete
    5. ඇත්තට සෙන්නා ඔය ගෑල් ලමයි කියන්නේ කවුද. අපි නම් දන්නේ ගෑනු ළමයිවනේ.. :D

      Delete
  13. ඇත්ත ඇසුරු කරන කාලෙදි වැරදි හදාගන්න බැරි කෙනෙක් බැන්ඳට පස්සෙ ඊට වඩා වැඩි වෙනවා..අර බලු වල්ගෙ ඇදේ අරින්න බැහැ වගේ.....ආදරය කරන්න ඕනෙ හදවතින් වගේම බුද්ධියෙනුත්.......

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිල්ලි.. ඒත් අපි ගොඩක් අය හිතන්නේ ඕවා බැන්දම අඩුවෙයි කියලානේ. අපි වටේ ඉන්න අයත් එහෙම කියනවා. අනික අපි ආදරෙ නිසාම ඒ වගෙ වැරදි හිතන්න කම්මැලි වෙනවා.

      Delete
  14. කියවිලා තියෙන කරුනු කාරනා වලට නම් සීයට සීයක්ම එකගයි. දිරියෙන් ඉදිරියට. ජය...!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබට..

      Delete
  15. අහම්බෙකින් ගොඩවැදුනු පුංචි කුමාරිහාමිගේ වලව්වෙන් ලැබුණු උපදෙස් ටිකනම් ගොඩක් වටිනවා....

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හරි ආවට ගොඩක් ස්තුතියි.. ආයෙත් එන්න.

      Delete
  16. මද්දු අක්කගේ කීම ඒ විදිහටම පිළිපැද්දානම් චුට්ටිට ආයේ දුක අහලකටවත් ගන්න හම්බෙන්නේ නෑ. එක ෂුවර් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්ට..

      Delete
  17. //මැරෙන්න්න හිතුනා කියලා මැරෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනුස්ස ජීවිතේ ගොඩක් අමාරුවෙන් ලැබෙන්නේ. අපි දන්නේ නෑ ආයෙත් වතාවක් අපිට මේ ලෝකෙට එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා ලැබුන ජීවිතෙන් පලා යන එක මිනිස් කමට නිගාවක්.//

    //අපිට අපි විතරමයි චුට්ටියේ. කවුරුත් එන්නේ නෑ පොඩිකාලේ වගේ වඩාගෙන නලවලා අපේ හිත් හදන්න.//

    මද්දු අක්කා වගේ කෙනෙක්ව ලබන්න චුට්ටි කොයිතරම් වාසනාවන්තද..!!
    කවදාවත් නොමැකෙන වටින අදහස්..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු ඔයාට.

      Delete
  18. Replies
    1. දාපු කමෙන්ට් එක දාලා ඩිලීට් කරාට දකින්න බලන්න ඕනේ අය ඒක දැකලා ඉවරයිනේ. අනික මේක ලියපු මට ඒ වගේ දෙයක් දරාගන්න බැරි නම් වැඩක් නෑ. ඒක නිසා අපරාදේ එහෙම කරේ...

      Delete
  19. Nanga oya dukin neda?
    Ashani fernando fb ekata f/re ekak danna.
    Suja akka

    ReplyDelete
    Replies
    1. එහෙමට විශේෂයක් නෑ. අක්කේ..හොදින් ඉන්නවා.

      Delete
  20. hmmmmm passe pasutawenawata wada hodai danma idan hita hada ganna 1 bandama prashna wadi wenawa misak adu wenne na...monawa unath hoda akkek labila tiyenawa nangita.mata inneth ohoma akkek tamai
    duk wenna epa nango dan idanma hita hada ganna amarui tamai eth tawa passe kalekadi vidawanna wenakota eata wada amarui....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත පසුවට පසුතැවිලි වෙනවට වඩා දැන්ම තිරනයක් ගන්න එක හොදයි නේද..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...