Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
Jul 2, 2013
මල් මාවත -3
ජීවිතය
එක්තරා විදියක වන්දනා ගමනක් එහෙමත් නැත්නම් චාරිකාවක් කියලා ඔබට හිතිලා නැද්ද.
ඇත්තෙන්ම
ජීවිතය නමැති වන්දනා ගමනේදී එහෙමත් නැත්නම් චාරිකාවේදී අපිට නොයෙකුත් පුද්ගලයන් මුනගැසෙනවා. සමහරු ගමන පටන්ගත්ත මොහෝතේ ඉදන් අවසාන වනතෙක්ම අපත් සමග ඉන්නවා. තවත් අය අතරමගින් නැගලා අතරමගදී බහිනවා. එහෙම බැහැල යන සමහර අය ජීවිතේටම අමතක නොවන මතකයන් තියලා යනවා.
සමහරු අපේ දෙයක් අරන් අපිටත් හොරෙන් බැහැලා යනවා. ඉතින් මේ චාරිකාව යන ඔබ ඔබේ ගමනේ සහායකයන් ගැන බොහෝම කල්පනා කාරීව සිතන්න ඕනේ. අපි අපේ ජීවිතේට ගොඩක් ලන් කරන් ඉන්නේ සමහරවිට ගොඩක්ම වැදගත් කෙනා නොවෙන්න පුලුවන්. ඔබ ඔබේ සමීපම අයට වටිනා කම දෙන්නේ කොහොමද..
සහෝදරියන්,සැමියා,බීරිඳ,දූ දරුවන්,පෙම්වතා,පෙමිවතිය, යහලු යෙහෙලියන්.. මේ අයගෙන් සමහර අය ඔබේ ජීවිතේ අංක එක ලෙස ඔබ සිතාගෙන ඇති.දෙමාපියන් සැමවිටම ඔබේ අංක එක එයින් පරිභාහිර පුද්ගලයින් ගැන සිතද්දී නම් ඔබට වර්ග කිරීම ඉතාම අසීරු බවක් හැඟෙනවා නේද?
එක්තරා
පොතක මෙහෙම තිබ්බා. අපේ ජීවිතෙත් සාදයක් වගෙයි.අපි ගොඩක් අයට ආරාදනා කරනවා. සමහරු සාදයට එනවා.සමහරු එන්නේ නෑ.තවත් අය ඇවිත් ඉක්මනින්ම පිටවෙලා යනවා. තව සමහරක් ඉන්නවා සාදය ඉවරවෙනකන්ම ඉදලා සුද්ද කරන්නත් උදව්වෙන අය, හැබැයි මේ අය අපිරිසිදු කරපු අය නෙමෙයි.අපිරිසිදු කරපු අය පිටවෙලා ගිහින්.
අපි
අපේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනේ අර සාදය ඉවරවෙනකන් ඉදල පිරිසිදු කරන්න උදව් වුන අයට නේද?
ඔබ
හීනෙන්වත් නොහිතන පුද්ගලයින් ඔබේ ජීවිතයට ඇතුළුවෙලා මුලු ජීවිතේම විනාස කරලා ඔබව දුකට පත් කරලා යන අවස්ථාවන් සමහර විට තිබෙන්න ඇති ඔබ දුක් වෙන්න ඔනේ ඔබෙන් ඈත් වුන ඒ පුද්ගලයන් ගෙන් ඈත්වීමට සිදුවීම ගැන
නෙමෙයි ඒ පුද්ගලයන් වෙනුවෙන් අපතේ හැරි ඔබේ ජීවිතේ වටිනා කාලය ගැන. ඔවුන් ඔබේ ජීවිතේ ඔවුන්ට රිසිසේ කාලය ගෙවා ගැනීමට යොදාගත්තත් ඔබ ඔවුන් වෙනුවෙන් අවංකවම ඔබේ ජීවිතේ වටිනා කාලය විනාස කරගත්තා.
අප හැරදමා
යන පුද්ගලයින් ගැන ලත්වීමට වඩා ඔවුන් නිසා අපට ලැබුන ජීවිත අත්දැකීම් වලින් ජීවිතයට
යමක් එකතු කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.අපට ඇත්තෙන්ම ආදරය කරන අය ඉවත්ව යන්නට මොනතරම්
හේතු තිබ්බත් නැවතිලා ඉන්නට එකම එක හරි හේතුවක් හොයාගන්නවා. ඉවත්ව ගියත් නැවත් සොයා
එන්නේ අන්න එහෙම අය. ඒ අය ජිවිත කාලේම අපේ ලඟ නවතින දුකේදිත් සැපෙදීත් ලඟ ඉන්න අය.
අතීතය
ගැන සිතා දුක් වීම ඔනෑම කෙනෙක්ට ලෙහෙසියෙන් කරන්න පුළුවන් බව ඔබ දන්නවා. ඒත් කාට හරි පුළුවන් නම් ඒ වැරදි දිහා බලල ජීවිතේට පාඩමක් එකතු කරගන්න. අතීත අත්දැකීම අලුත් ජීවිතයක ආරම්බය කරගන්න එයා තමයි සාර්ථක පුද්ගලයා..
මොහොතක්
සිතන්න ඔබ වටිනාකම් දීලා තියෙන්නේ ඔබේ ජීවිතයේ ඔබ වටිනාකම දෙන්න ඔනේ කෙනාටද එහෙම නැත්නම් ඔබ තවමත් ඉන්නේ වැරදි ස්ථානයකද?..
ජීවිතේ
කෙටියි ඔබ නියම වටිනාකම දෙන කෙනාට ඔබ එය දෙනකොට එයා ඔබේ ජීවිතේ නැති වෙන්නත් පුලුවන්. සිතලා බලන්න.
Created with Artisteer
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
දවල් ආවා. ඒත් සටහනක් නැ. දැන් ආවා. එත් පිස්සුවක්.කොමන්ට් නොලැබුණත් හරවත් දෙයක් කරන්න.මේ බොරු වැඩ එපා.නැතිනම් අරමුණක් ඇතිව කරන දෙයක් කරන්න.
ReplyDeleteඅයියෝ නලින් අයියේ කේන්ති ගන්න එපා. වලව්ව පොඩි රෙපයාර් එකක්. හරි ඒකට හරි යන්න එහෙනම් මොනා හරි දාන්නම් හොදේ. කේන්ති නොගෙන එහෙනම් ඒකත් කියවලා යන්න.
Deleteඔය දාල තියෙන්නේ ලස්සන කතාවක්.හරි හරි රෙපයාර් එක කරගන්නකෝ හරියට.
Deleteඔය වයසට කේන්ති ගන්න හොද නෑ අප්පා. :D
Deleteසාදයේ කතාව කියල වැඩක් නැහැ.
ReplyDeleteඅනිවා අපි මුල් තැන දිය යුත්තෙ,සාදය ඉවර වෙනකන් ඉදල පිරිසිදු කරන්න උදවු වුන බුවාලට තමා එකෙන්ම.
මොකද නලිට තද වෙලා.වේලාසනම දෙකක් හලා ගත්තද බොල :)?
දෙපාරක්ම ආවා කෙන්ජි අයියා. දෙවැනි පාරත් තියෙන්නේ මොකක් පිස්සු වදන් ටිකක්. ඇත්තටම දෙකක් නමාගන යනගමන් කොමෙන්ටුව කෙටුවේ. ගණං ගන්න එපා.
Deleteස්තූතියි කෙන්ජි අයියට, හැමදාම අදහස් දක්වලා දිරිමත් කිරීමට..
Deleteනලින් අයියට උදේම කේන්ති ගිහින්. :D
ඒත් අක්කෙ. . . . .
ReplyDelete"ජීවිතය කියන්නෙ වන්දනාවක්"
පණ තියෙන, මොළය තියෙන හැමෝටම ජීවිතය වන්දනාවක්මද?
ඒක එහෙම නැහැ.
සමහරු වන්දනාවෙ ටනව පුද බිම අපිරිසිදු කරන්න.
ඔව් සසිනි හැමෝටම ජීවිතය වන්දනවක් නොවෙන්න පුලුවන්. අනික් අතට වන්දනා ගමනක් යන හැමෝගෙම පිරිසිදු පිංවත් අදහස් නෑ නේද? සමහරු වන්දනා ගමනක් ගියත් ඉන්නේ අපිරිසිදු සිත්වලින් නේද.
Deleteමම කැමතියි ඒ ජීවිතය සාදයක් වගේ කියන උදාහරණෙට. මම ඒ විදියට හිතලම නෑ. ඇත්ත තමයි නේ?
ReplyDeleteඑහෙනම් ඔන්න දැන් ඉදන් හිතන්න.
Deleteස්තුතියි dude.. :D
වචන ටික නම් හිතට දැනුණා.ඒත් කොහොමද මෙහෙම හිතන්නෙ කියන එක යි ප්‍රශ්නෙ....
ReplyDeleteකොහොම හරි හිතන්න ගත්තොත් හැමදාම මෙහෙම හිතෙයි..
Deleteමම බ්ලොග් කියවන්න ගත්ත මුල් දවස්වල ඔයාෙග බ්ලොග් ඒක අාසාෙවන් බැලුව ඒ්ත් දැන්නම් බ්ලොග් ඒක දියාරු ෙවලා වගෙ
ReplyDeleteඅයියෝ.. එහෙමද? :D
Deleteඅතීත අත්දැකීම අලුත් ජීවිතයක ආරම්බය කරගන්න එයා තමයි සාර්ථක පුද්ගලයා!
ReplyDeleteමේ අදහස නම් නියම්යි කුමාරිහාමි, අපිට අවංකවම යහපත විතරක් පතන අයව ලං කරගෙන ජිවිතය අරුතවත් කරගමු!
ස්තූතියි ෆාති ඔයාට.
Deleteඇත්ත...ජීවිතේ සාදයක් වගේ...මං නිකන් මගේ සාදෙම අමුත්තෙක් වගේ...
ReplyDeleteඔයා කොහොමද ඔයාගෙම සාදේ අමුත්තෙක් වෙන්නේ.. ඒක ටිකක් අමුතුයිනේ..
Deleteජීවිතේ නියම වටිනාකම ගන්න නං ඒක වෙන කාට හරි දෙන්නම ඔනේද !!!
ReplyDeleteජීවිතේ සාදයක්, හැබැයි පටන් ගන්නෙවත් ඉවර වෙන්නෙවත් අපිට ඕන විදිහට නෙවෙයි.
ReplyDeleteදුක සතුට පිරි ආදර්ශමත් නිහතමාණි, ආදරයට ආදරය කරන ලස්සන කාතවක් ලියවුන පොතක් මම දවසක් කියෙව්වා , කියලා දුන්නා. අද එ පොතම ඇතින් කියවද්දි සතුටක් දැනෙනවා , දුක කියන දේ ජිවිත වලින් ඇත් වෙලා සතුට පිරුනු ලස්සන කතා පොතක් වෙලා, සතුටුයි.. සමහර අය අපි ජිවිත වලින් ඇත් වෙන්නේ නැහැ...
ReplyDelete