Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jul 2, 2013

මල් මාවත -3



ජීවිතය එක්තරා විදියක වන්දනා ගමනක් එහෙමත් නැත්නම් චාරිකාවක් කියලා ඔබට හිතිලා නැද්ද.
ඇත්තෙන්ම ජීවිතය නමැති වන්දනා ගමනේදී එහෙමත් නැත්නම් චාරිකාවේදී අපිට නොයෙකුත් පුද්ගලයන් මුනගැසෙනවා. සමහරු ගමන පටන්ගත්ත මොහෝතේ ඉදන් අවසාන වනතෙක්ම අපත් සමග ඉන්නවා. තවත් අය අතරමගින් නැගලා අතරමගදී බහිනවා. එහෙම බැහැල යන සමහර අය ජීවිතේටම අමතක නොවන මතකයන් තියලා යනවා.

සමහරු අපේ දෙයක් අරන් අපිටත් හොරෙන් බැහැලා යනවා. ඉතින් මේ චාරිකාව යන ඔබ ඔබේ ගමනේ සහායකයන් ගැන බොහෝම කල්පනා කාරීව සිතන්න ඕනේ. අපි අපේ ජීවිතේට ගොඩක් ලන් කරන් ඉන්නේ සමහරවිට ගොඩක්ම වැදගත් කෙනා නොවෙන්න පුලුවන්. ඔබ ඔබේ සමීපම අයට වටිනා කම දෙන්නේ කොහොමද..

සහෝදරියන්,සැමියා,බීරිඳ,දූ දරුවන්,පෙම්වතා,පෙමිවතිය, යහලු යෙහෙලියන්.. මේ අයගෙන් සමහර අය ඔබේ ජීවිතේ අංක එක ලෙස ඔබ සිතාගෙන ඇති.දෙමාපියන් සැමවිටම ඔබේ අංක එක එයින් පරිභාහිර පුද්ගලයින් ගැන සිතද්දී නම් ඔබට වර්ග කිරීම ඉතාම අසීරු බවක් හැඟෙනවා නේද?

එක්තරා පොතක මෙහෙම තිබ්බා. අපේ ජීවිතෙත් සාදයක් වගෙයි.අපි ගොඩක් අයට ආරාදනා කරනවා. සමහරු සාදයට එනවා.සමහරු එන්නේ නෑ.තවත් අය ඇවිත් ඉක්මනින්ම පිටවෙලා යනවා. තව සමහරක් ඉන්නවා සාදය ඉවරවෙනකන්ම ඉදලා සුද්ද කරන්නත් උදව්වෙන අය, හැබැයි මේ අය අපිරිසිදු කරපු අය නෙමෙයි.අපිරිසිදු කරපු අය පිටවෙලා ගිහින්.

අපි අපේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනේ අර සාදය ඉවරවෙනකන් ඉදල පිරිසිදු කරන්න උදව් වුන අයට නේද?

ඔබ හීනෙන්වත් නොහිතන පුද්ගලයින් ඔබේ ජීවිතයට ඇතුළුවෙලා මුලු ජීවිතේම විනාස කරලා ඔබව දුකට පත් කරලා යන අවස්ථාවන් සමහර විට තිබෙන්න ඇති ඔබ දුක් වෙන්න ඔනේ ඔබෙන් ඈත් වුන පුද්ගලයන් ගෙන් ඈත්වීමට සිදුවීම  ගැන නෙමෙයි පුද්ගලයන් වෙනුවෙන් අපතේ හැරි ඔබේ ජීවිතේ වටිනා කාලය ගැන. ඔවුන් ඔබේ ජීවිතේ ඔවුන්ට රිසිසේ කාලය ගෙවා ගැනීමට යොදාගත්තත් ඔබ ඔවුන් වෙනුවෙන් අවංකවම ඔබේ ජීවිතේ වටිනා කාලය විනාස කරගත්තා.

අප හැරදමා යන පුද්ගලයින් ගැන ලත්වීමට වඩා ඔවුන් නිසා අපට ලැබුන ජීවිත අත්දැකීම් වලින් ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.අපට ඇත්තෙන්ම ආදරය කරන අය ඉවත්ව යන්නට මොනතරම් හේතු තිබ්බත් නැවතිලා ඉන්නට එකම එක හරි හේතුවක් හොයාගන්නවා. ඉවත්ව ගියත් නැවත් සොයා එන්නේ අන්න එහෙම අය. ඒ අය ජිවිත කාලේම අපේ ලඟ නවතින දුකේදිත් සැපෙදීත් ලඟ ඉන්න අය.

අතීතය ගැන සිතා දුක් වීම ඔනෑම කෙනෙක්ට ලෙහෙසියෙන් කරන්න පුළුවන් බව ඔබ දන්නවා. ඒත් කාට හරි පුළුවන් නම් වැරදි දිහා බලල ජීවිතේට පාඩමක් එකතු කරගන්න. අතීත අත්දැකීම අලුත් ජීවිතයක ආරම්බය කරගන්න එයා තමයි සාර්ථක පුද්ගලයා..
මොහොතක් සිතන්න ඔබ වටිනාකම් දීලා තියෙන්නේ ඔබේ ජීවිතයේ ඔබ වටිනාකම දෙන්න ඔනේ කෙනාටද එහෙම නැත්නම් ඔබ තවමත් ඉන්නේ වැරදි ස්ථානයකද?..


ජීවිතේ කෙටියි ඔබ නියම වටිනාකම දෙන කෙනාට ඔබ එය දෙනකොට එයා ඔබේ ජීවිතේ නැති වෙන්නත් පුලුවන්. සිතලා බලන්න.
Created with Artisteer

22 comments:

  1. දවල් ආවා. ඒත් සටහනක් නැ. දැන් ආවා. එත් පිස්සුවක්.කොමන්ට් නොලැබුණත් හරවත් දෙයක් කරන්න.මේ බොරු වැඩ එපා.නැතිනම් අරමුණක් ඇතිව කරන දෙයක් කරන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ නලින් අයියේ කේන්ති ගන්න එපා. වලව්ව පොඩි රෙපයාර් එකක්. හරි ඒකට හරි යන්න එහෙනම් මොනා හරි දාන්නම් හොදේ. කේන්ති නොගෙන එහෙනම් ඒකත් කියවලා යන්න.

      Delete
    2. ඔය දාල තියෙන්නේ ලස්සන කතාවක්.හරි හරි රෙපයාර් එක කරගන්නකෝ හරියට.

      Delete
    3. ඔය වයසට කේන්ති ගන්න හොද නෑ අප්පා. :D

      Delete
  2. සාදයේ කතාව කියල වැඩක් නැහැ.
    අනිවා අපි මුල් තැන දිය යුත්තෙ,සාදය ඉවර වෙනකන් ඉදල පිරිසිදු කරන්න උදවු වුන බුවාලට තමා එකෙන්ම.
    මොකද නලිට තද වෙලා.වේලාසනම දෙකක් හලා ගත්තද බොල :)?

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ආවා කෙන්ජි අයියා. දෙවැනි පාරත් තියෙන්නේ මොකක් පිස්සු වදන් ටිකක්. ඇත්තටම දෙකක් නමාගන යනගමන් කොමෙන්ටුව කෙටුවේ. ගණං ගන්න එපා.

      Delete
    2. ස්තූතියි කෙන්ජි අයියට, හැමදාම අදහස් දක්වලා දිරිමත් කිරීමට..

      නලින් අයියට උදේම කේන්ති ගිහින්. :D

      Delete
  3. ඒත් අක්කෙ. . . . .
    "ජීවිතය කියන්නෙ වන්දනාවක්"

    පණ තියෙන, මොළය තියෙන හැමෝටම ජීවිතය වන්දනාවක්මද?
    ඒක එහෙම නැහැ.
    සමහරු වන්දනාවෙ ටනව පුද බිම අපිරිසිදු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් සසිනි හැමෝටම ජීවිතය වන්දනවක් නොවෙන්න පුලුවන්. අනික් අතට වන්දනා ගමනක් යන හැමෝගෙම පිරිසිදු පිංවත් අදහස් නෑ නේද? සමහරු වන්දනා ගමනක් ගියත් ඉන්නේ අපිරිසිදු සිත්වලින් නේද.

      Delete
  4. මම කැමතියි ඒ ජීවිතය සාදයක් වගේ කියන උදාහරණෙට. මම ඒ විදියට හිතලම නෑ. ඇත්ත තමයි නේ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න දැන් ඉදන් හිතන්න.

      ස්තුතියි dude.. :D

      Delete
  5. වචන ටික නම් හිතට දැනුණා.ඒත් කොහොමද මෙහෙම හිතන්නෙ කියන එක යි ප්‍රශ්නෙ....

    ReplyDelete
    Replies
    1. කොහොම හරි හිතන්න ගත්තොත් හැමදාම මෙහෙම හිතෙයි..

      Delete
  6. මම බ්ලොග් කියවන්න ගත්ත මුල් දවස්වල ඔයාෙග බ්ලොග් ඒක අාසාෙවන් බැලුව ඒ්ත් දැන්නම් බ්ලොග් ඒක දියාරු ෙවලා වගෙ

    ReplyDelete
  7. අතීත අත්දැකීම අලුත් ජීවිතයක ආරම්බය කරගන්න එයා තමයි සාර්ථක පුද්ගලයා!
    මේ අදහස නම් නියම්යි කුමාරිහාමි, අපිට අවංකවම යහපත විතරක් පතන අයව ලං කරගෙන ජිවිතය අරුතවත් කරගමු!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆාති ඔයාට.

      Delete
  8. ඇත්ත...ජීවිතේ සාදයක් වගේ...මං නිකන් මගේ සාදෙම අමුත්තෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමද ඔයාගෙම සාදේ අමුත්තෙක් වෙන්නේ.. ඒක ටිකක් අමුතුයිනේ..

      Delete
  9. ජීවිතේ නියම වටිනාකම ගන්න නං ඒක වෙන කාට හරි දෙන්නම ඔනේද !!!

    ReplyDelete
  10. ජීවිතේ සාදයක්, හැබැයි පටන් ගන්නෙවත් ඉවර වෙන්නෙවත් අපිට ඕන විදිහට නෙවෙයි.

    ReplyDelete
  11. දුක සතුට පිරි ආදර්ශමත් නිහතමාණි, ආදරයට ආදරය කරන ලස්සන කාතවක් ලියවුන පොතක් මම දවසක් කියෙව්වා , කියලා දුන්නා. අද එ පොතම ඇතින් කියවද්දි සතුටක් දැනෙනවා , දුක කියන දේ ජිවිත වලින් ඇත් වෙලා සතුට පිරුනු ලස්සන කතා පොතක් වෙලා, සතුටුයි.. සමහර අය අපි ජිවිත වලින් ඇත් වෙන්නේ නැහැ...

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...