Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Dec 21, 2013

සුබ නව වසරකට ආසිරි...!!


වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.

ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.


අනෙකුන් පරයා යාමට හෝ රිදවීමට ඕනෑකමක් නොවුනු සිත යට කිසිවිටක තරඟකාරී හැඟීමක් හෝ සමාජගත වීමේ දැඩි ආශාවක්ද නොවුනි. කෙසේ හෝ අහම්බයෙන් ගලා යන ප්‍රවාහයකට අසුවී සිතට දැනෙන හැඟීම් අකුරු කල නිසාම දුක සතුට මෙන්ම අනෙකුත් බොහෝ දෑද ජීවිතයට කඩා වැදීම නිස්කලංකව ගෙවී ගිය දිවිය උඩු යටු කුරු වීමකි.

එහෙත් කිසිවෙකුට දොස්  කියා  හෝ දෛවයට ශාප කිරිමෙන් පලක් නැත.කෙසේ හෝ ඉදිරියට යනවා විනා ආපසු පසුපසට යාමට ජීවිත රෝදවලට නොහැක.ජීවිතය ගැලක් නම් එහි රිවස් ගියරයක් නොමැත.

එක්ව සිනාසුන වැලපුන කඳුලු හා සිනාවන් මේ වසර තුල අතැර දමා නව වසරට යායුතු වෙයි. සියල්ලක්ම මතකයන්ව ශේෂ වනු ඇත.

ජීවිතයේ හැටි එසේමය. සමහරුන් දිනන අතර තවත් සමහරු පරදිති. ඇතමෙක් අතරමගදී තරඟය අතැර දමනු ඇත. එහෙත් නිකන් බලා හිඳ මිය යාමට වඩා සටන් කර මිය යාම යෙහෙහැකියි සිතේ.

මියගියා සේ වසන් වන්නටද සිත බල කලද නැවත නැවතත් විත් හිස පොවන්නටද ඒ අතර හිත බලකරයි. සිතට ඇවැසි දේම කරන්නට යාමෙන් විඳවන සිතද සිතටම සහනයකි.

එදා ලඟවුන් අය අද නැත. අද සිටින්නන් හෙට නැත. කිසිවෙකුට කිසිවෙකුගේ සිත් තුල බලෙන් අරාජික විය නොහැක. මනඃස්තාපයන් මවන්නේ කළකිරීමය. බැඳිමද, ලෙංගතුකමද, ගෞරවයද බලෙන් සිතක ඇතිකල නොහැකි අරුම පුදුම හැඟීම්ම වන්නේය.

විටක ආපසු හැරී බලද්දී පුදුම සිතේ.

වසරක් පුරා සිත් තැවුල්, නින්දා, සිත් රිදීම් මැද නෙළාගත් දෙයක් නම් නැත. රිදවන්නට බලා සිටින්නෝත්, රිදවගන්නට බලාසිටින්නෝත් ඇර කිසිවෙක් නැත.

නමුදු ඉදිරියට යායුතුය වෙන කිසිවක් නිසා නොව නැවතීමට නැවතුමක් මේ කටුක මඟෙහි නොමැති හෙයිනි.

නන්දා මාලිනිය වහා දිව විත් ජීවිතේ කවියක්... යයි කියා දෙයි.

සෙනෙහසින් රැඳි උන් නෙක දන
පළායයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳි දස අත විසිර යන යාමේ
කවුරු නම් නවතීද තනියට...

විසිරුණ සිත නැවත එකතු කර එකතැනට ගෙන යලි යලිත් සකසාගැනීමේ සිට සිත පිරිපහදු කිරිමේ කාර්‍යය දක්වා කාර්ය බහුල විමට සිතේ. ඇත්තේ පසුතැවීමක් හා කළකිරීමක් පමනී.

වෛරයක් හෝ වෙනයම් පුද්ගලානුබද්ධ කෝපයක් සිත තුල ඇති නොවී සිත නිවී පහන් වී තිබීම එක්තරා අයුරක සහනයකි.

සැබැවින්ම සඳ පහන් රැයක බෝ මළුවක හෝ හඩ නොනඟා ගලා යන ගඟක් සේ හිත සංසුන්ය. ඈත්වීම වෙන්වීම පවා සිතට වේදනාවක් නොව මෛත්‍රියක් සැනසීමක් ගෙන දෙන්නේ නම් සතුටකි.

ඉදින් 2013 ද නිමාවේ සිට 2014 දෙස නෙත් අයා බලා සිටිමි. ගනන් තැබීම් දින ගැනීම් වලංගු වන්නේත් අවශ්‍ය වන්නේත් හැල්මේ දුව යන ලෝකයකටය. නැවතී බලා සිටින්නන්ට ඒවා අවැසි නැත. ජීවිතය එසේ වීනම් අප හිතින් ශතවර්ෂ ගනනාවක් ජීවත් වනු ඇත. මසිත එසේමය.

හිත තුල ඇත්තේ පහන් සිතිවිලි පමනකි. සියුම් කළකිරීමක් තිබුනද කාලයා විසින් එයද නැති කරදමනු නිසැකය

එකම  සිතිවිල්ලකින් සිත පිරේ. ඔබ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!!



31 comments:

  1. මා හට පැවසීමට ඇත්තේ ද ඔබට.,.,.,.
    >> ඔබ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!! <<
    කියා ය....

    ReplyDelete
  2. කේන්ති එන්නේ නැත්නම් මිනිස්සු වෙන්න බෑ නේ. එහෙනම් රොබෝලා වෙන්න ඕනා.. ඒත් ඒ කේන්තිය ඉක්මනින් නිවා ගැනීම තමයි දස්කම..

    ඔයාටත් සුබ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්. ඔයාටත් සුබ නව වසරක්ම වේවා!!

      Delete
  3. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!!

    එසේ සිතන ලෝකයක් (සැබෑවටම )බිහිවනතුරු නව වසරේත් බලාපොරොත්තුවෙන්

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවෙන් ඉමු. කවදා හරි දවසක් ඉටුවෙයි.
      ස්තූතියි ඉවාන්

      Delete
  4. ////වෛරයක් හෝ වෙනයම් පුද්ගලානුබද්ධ කෝපයක් සිත තුල ඇති නොවී සිත නිවී පහන් වී තිබීම එක්තරා අයුරක සහනයකි.//////
    මේ දේ තමයි වෙන්න ඕන...ආපහු ලියන්න. සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් ලියන්න උත්සහ කරනවා.වෙලාව තමයි අඩු.
      ස්තූතියි අරූ,.

      Delete
  5. අතීතයෙන් ගන්න දේවලුත් තියෙනව, අතාරින්න දේවලුත් තියෙනව, මතක තියාගන්න දේවලුත් තියෙනව, අමතක කළ යුතු දේවලුත් තිබෙනව.
    ඉදිරි වසර සැම අතින්ම සාර්ථක වේවායි පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධව. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා.

      Delete
  6. වාසනාවන්ත සුබ නව වසරක් වේවා ලකියෝ !!!!

    ReplyDelete
  7. අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවදක් නෑ.....එදා ස්නේහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ....

    හරිද මන්ද.. හිතට ආපු දේ කිවුවෙ...

    ඇත්තටම අතීතය කියන්නෙ අමතක නොකල යුතු දෙයක්.... කවමදාවත්ම.....

    ඔන්න කුමාරිහාමී ඔයාටත් ලබන්නා වූ නව වසර සුභම සුභ කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සියලු බලාපොරොත්තු ඉටු වන්නා වූ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!

      Delete
  8. වලව්වට කලින් ඇවිත් තිබුනත් මම මේ කොටන පළවැනි කමන්ට් එක.

    කුමරිහාමිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මනෝජ් කමෙන්ට් කරාටත් ආවටත්..
      ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!

      Delete
  9. එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ...
    සදාකාලික නොවූ ලොකේ...සදා කෙලෙසද පෙම් බදින්නේ....

    එදා ලග හිටිය අය අද ලග නෑ කියලා තිබුන නිසයි මේ පද පෙළ ලිව්වෙ...සියලු දුක්ඛ දෝමනස්සයන් සමනය වන 2014 වසරක් වෙන්ට කියා පතමි. අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා. අපි එහෙම පතමු නේද?

      සිරාටත් සුභ අළුත් අවුරුද්දක් පතනවා.!!

      Delete
  10. සුභ නව වසරක් ඔබටත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඔබටත් සුභ අළුත් අවුරුද්දක්..

      Delete
  11. මටනම් කාලය යනවා කියන එක දැනෙන්නෙවත් නැ. උදේට නැගිටිනවා හොස්පිටල් එකට දුවනවා, අයේ එනවා පඩම් කරනවා නිදා ගන්නවා ඔව්වා තමයී

    ReplyDelete
    Replies
    1. ඔයා බැදලද සුදෝ...මම මේ බදින්න දොස්තර නෝනා කෙනෙක් හොයනවා...

      Delete
    2. ස්තූතියි වෙද සිතට... ඔව් කාර්‍ය බහුල උනාම නම් කාලය යනවා දැනෙනේ නෑ තමයි.

      Delete
  12. කලින් මේ පැත්තේ ආව. ඒ උනාට මම ලින්ක් සේව් කරන හිටිය ෆෝන් එක අභාවප්‍රාප්ත උනාට පස්සේ ඒ කියෙව්ව ගොඩක් බ්ලොග් මග ඇරුනා.. මේ එයින් එකක්. අද ඉඳල මම ආපහු වලව්ව පැත්තේ එනවා!
    එහෙනම්,
    අක්කටත් සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නවවසරක් වේවා..!! ආවාට ස්තූතියි

      Delete
  13. ඔව් ජීවිතේදි අපිට හමුවන මිනිස්සු විවිධාකාරයි. ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තුවන දේවලුත් විවිධාකාරයි. ඒත් මිනිස්සු කොහොම හැසිරුනත් කොහොම ප්‍රතිචාර දැක්වුවත් අපිට නොවෙනස්ව මැදිහත්ව ඉන්න පුලුවන් නම් ඒක තමා අපේ ජයග්‍රහණය. අපේ හිත නිවිල නම් පිටස්තර කිසිම දෙයකින් අපේ හිත කලඹවන්න බැරි නම් අපි හදවතට එකඟව ජීවත් වෙලා දස දහස් වාරයක් පැරදුනත් ඒක තමා අපේ ජයග්‍රහණය. අලුත් අවුරුද්දට ඉස්සර හිතන්න යමක් එක් කලාට ඔයාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි සඳා.
      සුබම සුබ නව වසරක් වේවා..!!

      Delete
  14. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව කතා ලියවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මලා.
      ඔබටත් එසේම වේවා.!!

      Delete
  15. ස්තූතුයි නලින් අයියට. ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටමත් එසේම වේවා.!!

    ReplyDelete
  16. ඇයි ආපසු හැරී බැලුවම සතු‍ටුවෙන්න දෙයක් නෑ කිව්වේ? ඒක ඇත්තටම එහෙමද?

    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නව වසරක්.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...