Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 15, 2012
~~~~අත්තම්මගේ දත් සෙට් එක~~~~
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට..
දතේ අමාරුව හැදුණ ගමන් එයා මහ රෑම යාළුවෝ හැමෝටම කතා කරලා මේක ගැන කියන්න..
මෙයා ඉන්නේ රැකියාවකට විදෙස් ගත වෙලා.ඉතින් මහ රෑ කතා කරාම මෙයාගේ යාළුවොත් ගොඩක් දුකෙන් එයාගේ ලෙඩේට බෙහෙත් කිව්වලු( දතේ අමාරුවකට මහ රෑ ඇහැරපු එකට යාළුවෝ එයාගේ හතර වරිගෙටම සුබ පැතුවා කියල නම් කිව්වේ නෑ)
ඉතින් එක එක යාළුවෝ එක එක විදියේ උපදෙස් දුන්නලු..එක්කෙනෙක් එයා ගාව තිබ්බ මන්තර පොතක් පෙරළලා ඒකෙ තියෙන මන්තරයක් කිව්වලු කියන්න..
ඒකේ තියෙන්නේ "දත් වෑයා වැටෙන්න කියලා" ලු..ඉතින් අපේ යාළුවා අහලා
" මචං ඕකා කටටම වැටෙයිද කියලා" යාළුවා මෙයාගේ දෙමව්පියන්ට සුබ පතලා කතාව නවත්තලා.
ඉතින් කොහොමෙන් හරි මෙයා ඊට පහුවෙනිදා ගිහින් දත් දොස්තර කෙනෙක් හොයාගෙන.ගියපු ගමන් දොස්තර ඇදලා අරන් දත ගලවල..
මෙයා නවාතැනට ඇවිත් අඬ අඬ කියනවා.."අපරාදේ ඔච්චර හොඳ දත ගැලවෙව්ව මදිවට දත් සෙට් එකක් ගන්න පුළුවන් තරම් සල්ලිත් ගත්තා"..
මේවා ඉතින් අපිටම කිව්ව හින්ද හොඳයි..
යව්වනයටත් ඔය වගේ දතක අමාරුවක් ආවලු පහු ගිය දවස් වල හැබැයි මම කිව්වේ එයා ගැන නම් නෙමේ..
මේ දත් සෙට් කතාව ඇහුවම මට පොඩි කාලේ වුණ සිද්ධියක් මතක් වුණා..
අපි පොඩි කාලේ අපේ අම්මගේ ළඟම නෑ කෙනෙක් වෙන අත්තම්මා කෙනෙක් හිටියා (හිටියා නෙමෙයි තාමත් ඉන්නවා)..
අම්මාට වෙන්නේ නැන්දා වුණාට එයා අම්මලා නැන්දා කියවනට කැමති නෑ..එයාට ආන්ටි කියන්න කියලා තමයි තිබුණේ..අම්මා නැන්දා කියනවට අකමැති කෙනා අපි අත්තම්මා කියනකොට ඉවසලා ඉඳීද..ඉතින් අපිටත් නියෝග දීලා තිබ්බේ ආන්ටි සුභා කියන්න කියලා..
ආන්ටි සුභා විවාහ වෙලා නෑ..එයා නම් කියන්නේ එයාව බඳින්න ඕනේ තරම් ලොකු ලොක්කො ආවත් එයාල මෙයාට මැච් වෙන්නේ නෑලු
"මගේ ලුක් එකට මැච් වෙන කෙනෙක් තමා මම මැරි කරන්නේ".. සුභා ආන්ටි රතු කරපු කට උල් කරලා එහෙම කියද්දී අප්පච්චි කට කොනෙන් හිනාවෙලා අහක බලගන්නවා..අම්ම අප්පච්චිට රවනව
සුභා ආන්ටිට ගොඩක් සල්ලි තිබ්බා..එයා ජීවත් වුණේ තනියෙන්ම මහා විශාල බංගලාවක..එයාගේ එකම විනෝදාංශය වුණේ රූ සපුව ගැන හිතන එකයි..ලස්සන ඇඳුම් ගන්න එකයි..
එයා කොහෙට හරි ගියත් වාඩිවෙන්නෙත් එතන පිහදාලා..පිරිසිදු කම ගැන පුදුමාකාර උනන්දුවක් තිබ්බේ..
අප්පච්චි නම් කිව්වේ ඕක මානසික ලෙඩක් කියලයි.
කවුරු හරි දාඩිය දාපු කෙනෙක් ළඟින් ගියත් එයාගේ ඇඟට සුවඳ විලවුන් ගහගන්න ආන්ටි, මමයි අක්කයි වැලි නාගෙන සෙල්ලම් කරලා ගෙට ආවම අපි දිහා බලන්නේ හරියට අලුතෙන් හොයා ගත්ත පණුවෝ ජාතියත් දිහා බලනවා වගේ පිලිකුලෙන්..ඒක දන්න නිසාම මම නම් එයා එන දවසට වැඩිපුර සෙල්ලම කරලා කුණු ගා ගන්නවා
සුභා ආන්ටි හැම අවුරුද්දෙම එයාගේ උපන්දින සාදේ ලොකුවට ගන්නවා..ඒත් වයස නම් දන්නේ එයාගේ උප්පැන්නෙත් එයත් විතරයි..
ඇහුවම කියන්නේ "මට තාම ෆෝටි ටූ අනේ" කියලා..
අපේ අම්මා කියන්නේ මීට අවුරුදු දහයකට කලිනුත් ඒකමලු කිව්වේ
ඉතින් මම මේ කියන අවුරුද්දෙත් ආන්ටි ලොකුවටම උපන්දින සාදය ලෑස්ති කරා..
අම්මත් අපි එක්ක ගිහින් උදේ ඉඳලා උදව් කරා..කෑම සැපයූවේ ඉහළම තත්වයේ කෑම සපයන ආයතනයකින්..
මඟුල් ගෙයක් වගේ හැම දේම සූදානම් කරලා තිබ්බා..සුභා ආන්ටිත් හිටියේ මනමාලියක් වගේ ලෑස්තිවෙලා..
හරියට ඇවිදින මල් පෝච්චියක් වගේ. එයාව ලෑස්ති කරන්නත් ආවේ නම ගිය රූපාලාවන්‍ය ශිල්පිනියක්..සුභා ආන්ටි කොහොමත් ලස්සනයි..මෙදා තමයි මම එයාව ලස්සනටම දැක්කේ..
ආන්ටි කොහොමත් එයාගේ ලස්සන ගැන හරියට ආඩම්බරෙන් ඉන්නේ..එය කියන්නේ
"මගේ නම් එක දතක්වත් දිරලා නෑ මේ වෙනකන්..ගොඩක් අය කැමති මගේ හිනාවට" කියලා..එයා කියනවා
ඉස්සර එයාව චිත්‍රපටිවලට ගන්න නිෂ්පාදකයෝ පොරකෑවලු..එයාගේ අම්මලු ඒවාට කැමති වුණේ නැත්තේ..
සාදය ආරම්භ වුණා..අමුත්තන් සෑහෙන පිරිසක් ඇවිත්..ඔක්කොම අය ආන්ටි ඇසුරු කරන නගරයේම ඉන්න ඉහළපේලේ අය..ඒ අතර ආන්ටිට විහාහ යෝජනා ගේනාපු අයත් හිටියා කියල අම්මලා පස්සේ කතා වුණා.
සාදය අතරතුරේ යෝජනා උණා උපන්දින කේක් එක කපමු කියලා.
ඉතාම ලස්සනට හදපු ලස්සනම ලස්සන කේක් ගෙඩියක් සාලේ මැද්දේ තිබ්බා. ඒකේ ඉටිපන්දම් ගහලා තිබ්බට මටනම් කීයක්ද කියලා මතක නෑ..හැමෝම වට වුණා කේක් එක කපන්න.
"හැපි බර්ත්ඩේ ටූ යූ" කියලා සංගීතේ වාදනේ වෙනකොට හැමෝම ඒක ගායනා කරා..
සුරංගනාවී වගේ හිනාවෙවී හිටිය ආන්ටි සිංදුව ඉවර වෙනකොට පහත්වෙලා ඉටිපන්දම් වලට පිම්බා..
මොකක්දෝ එකක් හයියෙන් විසිවෙලා ඇවිත් මගේ ඇඟේ හැපුණා..
ඒ වෙලේයි මම දැක්කේ ආන්ටි ගේ කටේ දත් නෑ නේද කියලා..මම කෑ ගැහුවා."අනේ ආන්ටි කෝ ඔයාගේ දත්" කියලා..මම හිතුවේ මම දකින්නේ හීනයක් කියලා.
ආන්ටි හොල්මනක් දැක්කා වගේ සුදුමැලිවෙලා කට අතගාලා බලලා හැමෝම තල්ලු කරන් දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා..
මගේ කකුල ලඟ වැටිල තිබ්බ දත් සෙට් එක අම්මා හිමීට අහුලලා අරන් තිබ්බා..සාදේට ආපු අය පිටවෙලා ගියේ සුභ පතන්නවත් අවස්ථාවක් නැතිව..
එදායින් පස්සේ සුභා ආන්ටිගේ උපන්දින සාදෙට යන්න තිබ්බ අවස්ථාව නැති උනේ ආන්ටි ආයෙත් උපන්දින සාද ගත්තේ නැති නිසා..
අක්කා නම් හැමදාම කිව්වේ "ඔයා තමා කෑ ගහලා ආන්ටිගේ පාර්ටි එක කෑවේ කියලා" එහෙම වෙලාවට අප්පච්චිගේ මූණට හීන් හිනාවක් එනවා මට අදටත් මතක් වෙනවා.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
පොත් පොත් පොත්4 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,380
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
අනේ පව් ඒ ආන්ටි. සමහරු ඉන්නව තමයි මෙහෙම අය. තමන්ගේ රූපෙ තනිකරම හදාගෙන ඉන්නෙ මේකප් වලින්. මේව හැමදාම හන්ගන්න බැනෙ නේද?
ReplyDeleteආන්ටි කිව්වට මෙයා ඉතින් අපේ අත්තම්මා කෙනෙක්නේ..හි.හි.. මේකප් වලින් හැමදාම තරුණ වෙන්න බෑ නේ.
Deleteසික්...කරපු වැඩේ....අක්ක කිව්ව වගේ ඔයා මහ කඩාකප්පල්කාරී ක්‍රියාවක්නෙ කරල තියෙන්නෙ....
ReplyDeleteකවුද අනේ දන්නේ..මම හිතුවේ මම බයානක හීනයක් දකිනවා කියලා..මගෙත් දත් හොරු ගනී කියලා බය හිතුනා
Deleteගිම්හනි පලවෙනි කොමෙන්ටුව දාපු නිසා මම දාන්න හිතන් හිටපු කොමෙන්ටුව නොදා ඉන්නම් .. හික් හික්
ReplyDeleteජෝන් ගෑනු අයගේ මෙක් අප් ගැන නේද කියන්න ගියේ..අපිට තේරෙනවා
Deleteඋඩම තියෙන කතාවට ඒ දතේ කැක්කුම හැදුනේ වර්ණ ලියන දිනේෂ්ටද නැත්නම් කස්සටද ?
ReplyDeleteයට කතාවට....
බුවහා හා හා හා... මොනවද කෙල්ලේ ඔයා ඒ කලේ.අර ආන්ටිගේ නම්බුව ඔයාගේ දෙපා මුල තියෙද්දී ආනාගතය ගැන දෙයක් කරන්න එපයි.ඒ කාලේ ඇත්තටම ඔය පුංචිද?
අයියෝ නෑ ඒ දෙන්නගෙන් කවුරුත් නෙමෙයි..යෞවනයත් නෙමෙයි..හි හි..
Deleteමම ඒක ඒතරම් හිතුවේ නෑ..දැන්නේ හිතේන්නේ එයාගේ අනාගතේ මගේ දෙපාමුලනේ තිබිලා තියෙන්නේ..අසාර් මතක් කරපු එක හොඳා..
තාම එයා බැඳලා නැතිව ඇති මයේ හිතේ "මගේ නම් එක දතක්වත් දිරලා නෑ මේ වෙනකන්..ගොඩක් අය කැමති මගේ හිනාවට" පුදුමයි වහ කෑවේ නැතුවා.....අක්කා අපරාදේ කෑ ගැහුවේ අක්කේ හි හි අත්තම්මට හිතෙනවා ඇති මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා
ReplyDeleteකෑ ගහන්නේ නැද්ද අනේ..එකපාරටම සුරංගනාවී බටකොල ආච්චි උනාම..හපොයි මම ප්ලෑන් කරේ නම් නෑ..
Deleteනෑ නෑ එයා තාම බැඳලා නෑ.කෙනෙක් එනකන් ඉන්නවා..එයාගේ නිල් ඇස් තියෙන කුමාරයා එයිලු දවසක
අයියෝ..පව් සුභා ආන්ටි..ඔයා තමයි පාටි එක කාලා දාල තියෙන්නෙ.. :D:D
ReplyDeleteමම නම් කැමතියි කොච්චර වයසට ගියත් පිලිවලට ලස්සනට ඉන්න අයට..ඒත් ඉතින් වයසට නොගැලපෙන තරම් ස්ටයිලිෂ් වෙන එකේනම් තේරුමක් නෑ..එහෙම අයවනම් ඉතින් සමාජයට හාස්‍යක් වෙනවා..
කියලා වැඩක් නෑ මම තමා කඩාකප්පල් කාරයා..දැන් නම් හිතෙනවා පව් කියලා..හි හි
Deleteහපොයි..හතර විලිලජ්ජාවේ බෑ... බොරුවට ආයුස නෑ කියන්නේ ඕක තමා..
ReplyDeleteම්.ම්. ඒකනේ..අඩු ගානේ ඕක ගැලවෙන්නේ නැතිවෙන්න හයි කරගෙනවත් ඉන්න තිබ්බනේ..අපි පුංචිකාලේ මිනිස්සු බොරු දත් දානවා කියලා අහලා තිබ්බේ නෑ.
Deleteපිස්සු හැදෙන සඳ කිව්වලු!
ReplyDeleteඔයා කුමරිහාමි කියල නම දාගත්තේ සුභා ආන්ටි නිසාද දන්නේ නෑ නේද?
:D
ඔව් ඔව් ආන්ටිට මගේ නමත් ඇලජික්..හි හි.
Deleteපව් තමා ඉතින්...ඕනෙවට වඩා තමන් ගේ රූපේ ගැන ආඩම්බර වෙන්න ගිහාමද මන්ද මෙහෙම වෙන්නේ :D
ReplyDeleteඒක නම් ඇත්ත..එයා හිතුවේ එයා තරම් ලස්සන කෙනෙක් නෑ කියලා
Deleteතමන් තරම් ලස්සන වෙන අය නෑ කියල නොහිතන ගෑණු කට්ටියත් ඉන්නවද?
Deleteහය්යෝ සල්ලි!
ReplyDeleteඅයියෝ පාටිය
Deleteඒකනේ මෙයා තමයි වැඩේ සවුතු කරලා තියෙන්නේ.. සද්ද නැතුව දත් සෙට් එක අරං සාක්කුවේ දාගෙන හිටියනම් මුකුත් වෙන්නේ නෑනේ.. කොහොමද එතකොට දත් නැති කටින් ඉටිපන්දම් නිවන්න හුළං පිබිද්දී...
ReplyDeleteඔයා ඕක කලින් කියලා තිබ්බනම් මම හීමීට අරන් ආන්ටිට හොරෙන් දෙනවා..කොහෙද ඒ කාලේ ටිකිරි මොලේ වැඩ කරන්නේ නෑ..
Deleteහී හී.....මාර සීන් එකනේ...
ReplyDeleteඒකනේ..ඔයා එහෙම දත් සෙට් එකක් දානකොට හොඳට හයි කරගන්න
Deleteහයියෝ... පවුනෙ ආන්ටි..:( හික්ස්ස්.. ඒ වුනාට ඌවමනාවට වඩා උඩපනින්න ගියාම ඔහොම වෙනවා
ReplyDeleteඋඩ පැන්න නම් සමහර විට කොන්ඩෙත් වැටෙන්න තිබ්බා..හි හි..කවුද දන්නේ ඒකත් බොරු එකක්ද කියලා..හික්ස්..
Deleteඅයියෝ පුංචි කුමාරි ඔයාත් හරිම වැඩක් තමයි කරල තියෙන්නේ..ඒ ආන්ටිට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති.
ReplyDeleteපොලව විතරක් නෙමෙයි ආන්ටි තව ටිකක් වෙලා ගියා නම් මගේ ඔලුවත් පලනව..හික්ස්
Deleteඅඩේ, අන්තිම කැත වැඩක් නෙව ඔය ළමය කරල තියෙන්නෙ.....ෂෙහ්....ඉරිසියාව තනිකරම ඉරිසියාව...හෙහ්, හෙහ්,
ReplyDeleteමේ ළමයා ඒ කාලේ කරපු වැඩ ගැන කිව්වොත් ඔයාලා මාත් එක්ක තරහ වෙයි..
Deleteහප්පේ පව්නේ ..හෙමීට අහුලල දුන්නනං වැඩේ ශේප් නේ....
ReplyDeleteමේ කාලේ වගේ උනා නම් එහෙම කරනවා..ඒත් එහෙම මොලයක් ඒ කාලේ නෑනේ අනේ
Deleteපව් ඒ ගෑණු කෙනා...
ReplyDeleteලස්සනට ලියල තියනවා...
අයියෝ මිහිරි මම පව් නැද්ද..ආයිත් පාර්ටි තිබ්බෙත් නෑ..ස්තූතියි ඔයාට
Deleteකවද හරි ඔයගෙ දත්වලට ඔයදෙ උනොත්
ReplyDeleteතවත් කෙනෙකුට හොද සිද්දියක් වෙවි වෙවා,,,,,,,,,,
මම දත් දානකොට ආයෙත් ගැලවෙන්නේ නැති වෙන්න හිටව ගන්නවා.එතකොට ෂේප් නේ..
Deleteහිහි ඇන්ටි ටත් මාර වැඩේ තමයි උනේ නේද..
ReplyDeleteකියලා වැඩක් නෑ..පව් ආන්ටි ..
Deleteහික් හික්....... පව් අනේ.. :)
ReplyDeleteපව් අනේ තමා තනිකඩ..මම නිසා..අංකල්ලා ටික් පැනලා ගියානේ
Deleteවිලිලැජ්ජාවේ සංතෝසේ බැහැ වෙච්ච වැඩේට....මේ යෞවනයට දත් කැක්කුම් නැහැ හරිද(දත් නැත)
ReplyDeleteයෞවනයගේ දත් සෙට් එකට බර වියදම්ලු නේද
Deleteඬපේ පැත්තෙ ඉස්සර ඉදියා කොස් විකුනන එකෙක්..... මිනිහගෙන් තමයි මම දන්නෙ කොස් වලට හෙරලි කියලත් කියනව කියල... බයිසිකලේ දෙපැත්තෙ කොස් ගෙඩි බැදගෙන හෙරලි හෙරලි කිය කිය යනවා...
ReplyDelete" ඇයි මාමෙ අරය කොස් කියන්නෙ නැතුව හෙරලි කියන්නෙ,,, "
මම දවසක් අපෙ මාමගෙන් අහුවා,,,
" ඇයි බං කොස්ස් කිවුවාම ඔය යකාගෙ බොරු දත් කූට්ටම එලියට විසි වෙනවනෙ... "
පොඩ්ඩගේ ගෙවල් පැත්තේ ඉන්න අංකල්ලා හොඳ මොල කාරයෝනේ.ඔයා දත් මැද මැද විසිල් ගහන්න දන්නවද?
Deleteපව් සීන් එක..
ReplyDeleteහිනා ගියත්, හිනා වෙන එකත් හොද නැ වගේ නේ..
අනේ කමක් නෑ හිනාවෙන්න..නැත්නම් මම පව්
Deleteඑත් හිනා යනෝ
ReplyDeleteඑහෙනම් හිනා වෙන්න
Deleteආන්ටි සුබා ඉවරයි....හිකි හිකි කුමරිහමිත් හරි හරි වැඩ තම කරන්නේ නේද?
ReplyDeleteඑකනේ මම නරකයි නේද පොඩි කාලේ..මම හිතුවේ බෝම්බයක් කකුල් ලඟට වැටුන කියලා
Deleteආන්ටි පව් අප්ප..
ReplyDeleteමම පව් නැද්ද ..අයෙත් පාටිත් නෑ
DeleteSupiri Seeen Ekak
ReplyDeletemama Tharaka
www.Gamedroidlk.com