Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 26, 2012

~~ආදරය~~



උදේ පාන්දරම ගේ ඉස්සරහ ලොකු රංඩුවක්..කන රිදෙනවා සද්දෙට..


ඇඳෙන් බැස්සේ තරහෙන්..රංඩුවෙන්න ගේ ඉස්සරහටම එන්න ඕනද.


"හපොයි මෙහෙම කරදරයක්" මට කියවුණේ තරහටම..


දෙන්නත් එක්ක ලොකු වාදයක්..මොනාට රංඩු වෙනවද මංදා. 


කරන්නම දෙයක් නැති නිසා මාත් ඔහෙ බලන් හිටියා..මෙයාලා දෙන්න නවත්තන පාටක් නෑ..
දෙන්න දෙමහල්ලන්ගේ රංඩු වලට අපි මොනාට පැටලෙනවද..ඕවට ඔලුව දාන්න ගිහින් අපිනේ අන්තිමට තරහ කාරයෝ වෙන්නේ..


ටිකකින් රංඩුව ඉවර උනා වගේ..දැන් දෙන්නම සද්ද නෑ..



කියන්නත් අමතක වුණා. මේ රංඩුව ගෙදර ඉස්සරහ තියෙන කුරුලු කූඩූවේ ඉන්න කුරුල්ලයි කිරිල්ලියි..මොනාට රංඩු උනාද නම් දන්නේ නෑ..


මට නම් හිතෙන්නෙම කුරුල්ලා වෙන කිරිල්ලියක් දිහා බලන්න ඇති..කිරිල්ලියන්ට කේන්ති යන්න ඊට වඩා දෙයක් තව නෑ නේ.


එහෙම නැත්නම් පරන කිරිල්ලියක් මතක් කරන්න ඇති..හපොයි ඒක ඊට හපන්..


කිරිල්ලි තරහ වෙලා වගේ පැත්තකට වෙලා බිම බලාගෙන හිටියා.. කුරුල්ලත් හොර ගල් අහුල අහුල ඉන්නවා ඉගිල්ලිලා යන්නෙත් නෑ..මොනතරම් රංඩු උනත් දාලා යන්න දුකයි කියන්න වගේ ලඟට වෙලා ඉන්නවා



කුරුල්ලා හිමීට හිමීට ලඟට කිට්ටු උනා..ඇඟේ හැප්පෙන ගානට ආවා..කිරිල්ලිත් කිසිම සද්දයක් නැතිව එතනම හිටියා..ටිකකින් කුරුල්ලා හීමීට හොටෙන් පිහාට්ටකට ඇන්නා. ප්‍රතිචාරය නරකම නෑ..


තව ටිකක් ලං වෙලා හොටෙන් ඇන්නා හිමීට..විරුද්ධත්වයක් නෑ..තව පියවරක් ඉදිරියට සියලු ධෛර්‍ය අරගෙන..මූණටම හොට තියලා ටිකක් හුරතල් වුණා.ඒ පාරනම් හොන්දටම සාර්තකයි..


කිසිම දෙයක් වුණේ නෑ වගේ කිරිල්ලි හිමීට තුරුල් උනා.. 


කිරිල්ලියෝ මේ විදියට හිමීට යාලු කරගන්න කුරුල්ලෝ කොහොමත් දක්ෂයිනේ..


කිරිල්ලියොත් ඉතින් කඳුලක් දෙකක් හලල අයෙත් ඒ පස්සෙන්ම යනවා..ඇත්තටම ඒ මෝඩකම නෙමෙයි..බැඳීම.අහිංසකත්වය..


ඔය අතරෙ කෙවිඩියෝ වගෙ අයත් නැත්තෙම නෑ. 


මම හිතන්නේ ඕනෙම කුරුල්ලෙක් ආසයි අහිංසක කිරිල්ලියෙක්ගේ හුරතල් බලන්න. ඒ වගේම සැර පරුශ වගේ පෙනුනත් ආඩම්බර කුරුලු හිතක ආදරේ ලබන්න කිරිල්ලියොත් ආසයි.



රංඩු ඉවරයි.දෙන්න දෙමහල්ලෝ සාමදානයි..


ඕක නිසානෙ කියන්නේ ඔය රංඩු තියෙන්නේ බත් හැලිය ඉදෙන කන් විතරයි කියලා..අපි ඕවට අත දැම්ම නම් අපිනෙ නරක් වෙන්නේ.


මේ කුරුලු විස්තර බලන්න ගිහින් උදේ වැඩත් පාඩු වෙනවා..මම යනවා.


53 comments:

  1. අපේ ගෙදර මගෙ කාමරේ වහලෙ අස්සෙ ඉන්නව කොබෙයියො දෙන්නෙක්,ලංකාවෙ ඉන්න අලුකොබෙයියො වගේමයි..ඒ දෙන්නත් බැල්කොනියට වෙලා ඔහොම රන්ඩු වෙනවා...ටිකකින් යාලුයි...

    ReplyDelete
    Replies
    1. එකනේ කිරිල්ලි ඔයා දන්නවනේ හොඳට කුරුල්ලෝ කිරිල්ලියෝ රණ්ඩු වෙනවා යාළුවෙනවා ..ආදරේ එහෙම තමා

      Delete
  2. කොල්ලොන්ට හීනියට මඩක් ගැහුවා වගෙයි.කුරුළු ලෝකෙත් මනුස්ස ලෝකේ වගේම තමයි වැඩිය කිචි බිචිය කිරිල්ලිගෙන්.කුරුල්ලා කොහොම ඉවසන් ඉන්නවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලෝ ඉල්ලන් මඩ නාන්නේ..කවුද අනේ මඩ ගැහුවේ.මම කිව්වේ සාමාන්යෙන් කොහෙත් වෙන දේ..හොඳයි ඔයා ඔයාගේ ගෑනු ළමයට හොරෙන් වෙන ලස්සන අය දැක්කම බලන්නෙම නැද්ද..හීනියට හිනාවක් ගියා නේද අසාර්

      Delete
    2. බලනවා බලනවා. හික් හික්..

      Delete
  3. කුරුල්ලෝ කියලා වෙනසක් නැහැ නේ..තරහ යනවා..ඉරිසියා හිතෙනවා..බැන ගන්නවා..යාලු වෙනවා...හරිම සුන්දර ජිවිත :)

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි ආදරේ සුන්දරයි.පුන්චි පුංචි රණ්ඩු එක්ක ඒ ආදරේ ගොඩක් ලස්සනයි

      Delete
  4. කොහෙන් ගියත් පුරුෂ පක්ෂයට මඩ වදිනවා කැත නැතුව!:p

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මේක මඩක් නෙමේ. සාමාන්‍ය ලෝකේ වෙන දේ.අනික මේ දෙගොල්ලන්ටම දෙගොල්ලන් නැතුව ඉන්න බැරි බව ඔයා දන්නවනේ ..ඉතින් මොනාටද මඩ ගහ ගන්නේ.

      Delete
  5. මේක බැලුවම මට කතාවක් මතක් වුනා. දවසක් මම හිටපු ගෑණු ළමය එක්ක බස් එකේ යද්දි බස් එකට ලස්සන කෙල්ලෙක් නැග්ග.

    මං ඒක දිහා බැලුව කියල මූණ 2 කරගෙන හිටිය. පස්සෙ රටේම තියෙන බටර් ගාල ෂේප් වුනා. කුරුලු ලෝකෙත් වැඩි වෙනසක් නෑ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔයා නම් නමටම ගැලපෙනවා.මදැයි ඔයින් ගියා.මම නම් දවසම කතා කරන්නේ නෑ.. හි හි.

      Delete
  6. ‍මොකද මේ හැමවෙලේම කොල්ලෝ එක්කම වලි... කමක් නැ ඉතින්.....
    ආදරය කියන්නේ තේරෙන්‍ නේ නැති දෙයක් මයි

    ReplyDelete
    Replies
    1. අයියෝ මෙතනත් එහෙම එකක් තියෙනවද..මම කිව්වේ ආදරේ ගැන මිසක් කොල්ලෝ කෙල්ලෝ ගැන නෙමෙයි.කෙල්ලෝ ගොඩක් අහිංසකයි කොල්ලෝ හොඳ නෑ කියල මම කොහෙවත් කිව්වේ නෑ.එත් මම කෙල්ලක් නිසා මගේ අත්දැකීම් අනුව තමා මට කොල්ලන්ව පෙන්නේ.

      Delete
  7. හප්පේ උදෙන්ම කුරුළු තොරනක් බලලා වගේ.....

    ReplyDelete
    Replies
    1. හප්පේ අපි දන්නේ නෑ ඕවා .ඔයා තම ඒවා බලන්න ඇත්තේ.

      Delete
  8. //ඕක නිසානෙ කියන්නේ ඔය රංඩු තියෙන්නේ බත් හැලිය ඉදෙන කන් විතරයි කියලා..//
    කුරුළු ලෝකේ කියලා වෙනසක් නෑ වගේ...

    මෙහෙම ඉඳලා හිටලා පොඩි රණ්ඩුවක් දාගත්තම සම්බන්ධතාවය තව තවත් යහපත් වෙනවා කියලයි මට හිතෙන්නේ. එතකොට තව තවත් බැඳීම වැඩි වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් මහී රණ්ඩු වෙලා යාලු උනාම වෙනදාටත් වඩා බැඳීම වැඩි වෙනවා. අනික එතකොට දෙන්නටම හිතේ තියෙන දේවල් දැනගන්නත් පුළුවන්

      Delete
  9. ඉස්සෙල්ලම අහන්ඩ ඕනා ඇයි " බොනිකරම තරුව " මැකුවේ කියලා ? විදේශීය අතපෙවිමක්, බලපෑමක් වගේ දෙයක්වත් උනාද ?

    මේක ලස්සන කතාවක්.. කුරුලු කූඩු වල ඔය වගේ හුරතල් රන්ඩු අනන්තයි, අප්‍රමාණයි.. ඒවත් තියෙන්ඩ ඕනා සවිමත් සම්බන්ධතාවයකට.

    ReplyDelete
    Replies
    1. බොනිකරම තරුව නිසා මරණ තර්ජන ආවනේ. හි හි. එක මගේ අතින් ඩිලීට් උනා.රිකවරි කරන්න හැදුවා එත් බෑ
      ඔව් නේද මේ වගේ රණ්ඩු වෙලා යාලු උනාම ආදරේ ලස්සනයි.

      Delete
    2. දැන්වත් ඔන්ලයින් නොලියා වර්ඩ් වගේ එකක ලියන්න

      Delete
  10. දන්නවද ඔහොම පුංචි පුංචි නෝක්කඩු වලට පස්සෙ ආදරේ කරනකොට හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සුසුම් ලමින් අමනාපෙන් මගේ දිහා බලයි
      ආදරේට මුරණ්ඩු කම හොද ලකුණක් නෙමෙයි.. රණ්ඩු කරන කිරිල්ලි යන්න හදයි ඉගිල්ලී
      ඔව් කවි..ආදරේට ඒ වගේ ඒවා ඕනෙමයි...

      Delete
  11. කුරුල්ලොත් මිනිස්සු වගේ නේද :)

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට නේද..ආදරේ කරද්දී නම් ඒ වගේ නේද

      Delete
  12. කුරුල්ලෝ, කෙල්ලෝ, කොල්ලෝ කියලා වෙනසක් නෑ.. හැමෝම ආදරේදි ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. එකනේ ඔයත් වෙන කිරිල්ලියෝ දිහා හොරෙන් බලනවා නේද

      Delete
  13. මේ දවස් ටිකේ කුරුල්ලෙක් තියා මැස්සෙක්වත් ඇහැකට දකින්න ලැබුනෙ නැහැ.ලංකාවෙදිනම් හැම තිස්සෙම වත්තෙ කුරුල්ලො දකින්න ඉන්නව.ඉස්සර ගෙදර පාන්දරම ඇහෙන්නෙ මගේ අක්ක පැටියගෙ සද්දෙ.හප්පේ එයා පන්ති යන්න ගියාම ගෙදර ඉන්න ඔක්කෝමලවම ඇහැරවනව.

    ලස්සන සිද්දියක් ලස්සනට දාල.අනේ හැම කුරුළු ජෝඩුවක්ම ඔයවගේ වෙනවනම්......

    ReplyDelete
    Replies
    1. කිරිල්ලියෝ සද්දේ දානවා වැඩි නේද.ඔයාගේ අක්කි කිරිල්ලිත් එකයි ඒ..මැස්සෝ නැති උනාට මදුරුවෝ ඉන්නවා නේද ඔහේ

      Delete
    2. නෑ අනේ.... මේ දවස්වල මදුරුවොත් නිවාඩු ගිහිල්ල...මගේ තනියට මම විතරයි අද....

      Delete
  14. බලන් ගියහම කුරුල්ලො කිරිල්ලියො රන්ඩුවෙන්නත් හේතු වෙන්නෙ කුරුල්ලන්ගෙ වැරදි... ;)

    අන්තිම ටික නම් අන්තිම වැදගත් කතාවක්... දෙන්නෙක්ගෙ කේස් වලට තුන්වෙනියෙක් නම් පනින්න හොඳ නෑ එකෙක් මරාගත්තත්.. කුරුල්ලයි කිරිල්ලියි බ්ලොග් කල්ලි දෙකක සාමාජිකයොද දන්නෙ නෑ නේද?...

    ReplyDelete
    Replies
    1. නෑ අපෝ එයාලා බ්ලොග් බලන්නේ නෑ ලියනවා විතරයි..හි හි ..

      Delete
  15. ඔයාටත් දවසක හිත පුරා දැනෙන්න ආදරය කරන කුරුල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති මට හම්බ උනා. ඒ කුරුල්ලත් මේ වගේම තමා.. කොයි වෙලෙත් රණ්ඩු...

      Delete
    2. කැම මදි වෙලාද දන්නේ නැ රන්ඩු කරන්නේ ?

      Delete
  16. Replies
    1. ඇයි කුරුල්ලා විතරද..කිරිල්ලි නැද්ද.

      Delete
    2. ඇයි මම.....වර්ණා අක්කත් මාව බ්ලොක් කරලානේ

      Delete
  17. චූට්ටක් රන්ඩු වෙලා යාලු උනාම හරි ශෝක් අනේ. ආදරේ අලුත් වෙනවා. ඒව්ත් ඕන ආදරේ දිගට ගෙනියන්න නේද? ඒවා ටික වෙලාවයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් ආදරේ අලුත් වෙන්නේ මේ පුංචි පුංචි රණ්ඩු නිසා තමයි.

      Delete
    2. ඕවා බොරු කතා එහෙම රණ්ඩු වුනාම දුක වැඩියි මට නම් එහෙම බෑ....විශ්වාස කරන්න අවුරුදු දෙකක් කිසිම රණ්ඩුවක් බහින් බස් වීමක් වෙලා නෑ තාම

      Delete
  18. මටත් ඔහෝම දෙයක් වුනානේ හික් හික් වෙලාවට රණ්ඩු නම් වුනේ නෑ....

    මම මගේ ගෑනු දැරිවි එක්ක බස් එකේ යනකොට ලස්සන කෙල්ලෙක් නැග්ගා ඉස්සරහින් මට ඉතින් නිකන්ම බැලුනා හිතලා නෙමෙයි බැලුවේ එයා දිහා බලාගෙනම ඔළුව හරවද්දි තමයි දෙයියනේ මගේ එහාපැත්තේ ඉන්නේ මගේ කෙල්ල නේද කියලා දැක්කේ...මම හිතුවා බඩුම තමයි කියලා හැබැයි වෙලාවට එයා රණ්ඩු නොකර මට කිව්වා එයා ලස්සනයි නේද කියලා....පව් අප්පා මම ඉතින් කිව්වා ඔයා තරම් ලස්සන නෑ කියලා.නැත්තම් දුක හිතෙනවනේ....

    ReplyDelete
    Replies
    1. හරිම නරකයි මල්ලි.. අනේ පව් ඒ නංගියා. එයාට දුක හිතෙන්න ඇති. ලස්සන දේවල් දැක්කම මිනිස්සු බලනවා තමා.එත් මම මගේ අත්දැකීමෙන් කිව්වොත් මම ආදරය කරන කෙනා ලගදී මොනතරම් ලස්සන පිරිමි ළමයෙක් දැක්කත් මට එහෙම විශේෂයෙන් බලන්න හිතෙන්නේ නෑ.ගැණු ළමයි හැමෝම එහෙම වෙන්න ඇති නේද

      Delete
    2. අර කතාවට කියනවා නේද අක්කේ අලි පැටියෙක්ගේ දැගලිල්ලයි ඔන්න ඔහොම තව මොකක්ද එකකුයි කෙල්ලෙක්ගේ ලස්සනයි කොච්චර දැක්කත් එපා වෙන්නේ නෑ කියලා අන්න ඒ වගේ තමයි ඉතිං....මට දැන්නම් දුක හිතෙනවා හැබැයි එදා ඉඳන් එහෙම කලේ නෑ...හැම කෙල්ලෙක්ම එහෙම වෙන්න ඇති අක්කේ මගෙ කෙනත් එහෙමයි.

      ආ අක්කේ මාව උඩ ගියා මේකට එද්දි හෙන සද්දෙට සිංදුවක් ප්ලේ උනා "මට මුළු ලොවම ඔබයි" කියලා හම්මෝ

      Delete
    3. මල්ලියෝ ඒ රෙඩියෝ එක අපෙ යාලුවන්ගෙ වෙබ් සයිට් එකක්..එක නිසයි එක දැම්මේ..

      Delete
  19. ඕනෙම කුරුල්ලෙක් ආසයි අහිංසක කිරිල්ලියෙක්ගේ හුරතල් බලන්න... ඒක නම් 1000% ඇත්ත. ඒත් නිකන් කන අත ගාල කනට ගැහුවා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. කනට ගහනවා කිව්වේ ඇයි. මට එක තේරෙන්නේ නෑ.
      හැම කිරිල්ලියෙක්ම ආසයි කුරුල්ලෙක් ළඟ සුරතල් වෙන්න...

      Delete
  20. අනේ ඉතින් මේ කුරුල්ලට හැමදාම කිරිල්ලිගෙ ගෑස් බලන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් කිරිල්ලි පව් නැද්ද. කුරුල්ලත් නපුරුනේ

      Delete
  21. කිරිල්ලියෝ කොහොමත් ගෑස් පෙන්නනවා වැඩියි නේ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ..කුරුල්ලෝ ගෑස් දානවා ...

      Delete
  22. හ්ම්ම් ආදරේදි ඔහොම තමයි..ආදරේ වැඩි වුනාම රන්ඩුත් වැඩියි..මේ කිරිල්ලිත් මම වගේ කියල මට හිතුනා...මගේ කුරුලු පැටියා වෙන කිරිල්ලියො දිහා නිකමට බැලුවත් ඉරිසියයි මට..

    හරිම ලස්සනට ලියල තියෙනවා..මම දෙතුන් පාරක්ම කියෙව්වා :-)

    ReplyDelete
    Replies
    1. කොයි කිරිල්ලිත් එක වගේ නේද..කිරිල්ලියෝ කැමති නැහැ තමන්ගේ කුරුල්ලා අනෙක් කිරිල්ලියෝ දිහා බලනවට

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...