Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 30, 2012

~~~පාන් නැත්නම් කෙක් කාපල්ලා~~~



පාන් නැත්නම් කේක් කන්න කිව්වට කේක් තියෙන්න එපැයි කන්න..
එහෙම හිතාගනත් බැරි අයත් ඉන්නවා. එයාලා දන්නේ නෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි ඕනේ කියලා. 


ඉතින් ඔයාලා බලයි මෙයා මේ මොනාද කියවන්නේ කියලා. 
අපි ඉතින් හැමදාම කාමර ඇතුලට වෙලා එක එක්කෙනා ලියපුවා බලල හිනා උනා නේ.. 


කැමති නැද්ද පොඩ්ඩක් අතීතෙට ගිහින් එන්න..
ඔන්න එහෙනම් අපි ලැස්ති වෙන්නේ අතීතෙට යන්න. ඕනේ කරන හැමදේම සුදානම
හා හා ..කලබල කරන්න එපා. අපි යන්නේ දුම්රියේ ..හැමෝටම ඉඩ තියෙනවා.(ඔන්න මෝඩ කතාවක් ඇහුව.දුම්රියේ දුම් දාන්නේ නෑ..දැන් තියෙන්නේ විදුලියෙන් දුම්දාන ඒවා).


හැමෝම ඉතින් සාමකාමීව එන්නකෝ. අපිට දුම්රියට නගින්න තියෙන්නේ පැරිස් නගරයේ සෙන්ට් මිෂෙල්  දුම්රිය ස්ථානෙන්. අපි ගන්නේ RERC   මාර්ගය.  


කලබල නොකර හැමෝම ඉඩ තියෙන විදියට වාඩි වෙන්න.අපිට පැයක විතර ගමනක් තියෙනවා. අපි යන්නේ පැරිස් නගරෙන් පිටතට. සීතලයි නම් තමා. වසන්ත කාලෙත් පුංචි සීතලක් තියෙනවා. 


දැන් පැරිස් නගරය වේගයෙන් පහු කරලා. ලස්සන පළාතකට තමා අපි ලං වෙන්නේ.සීත කාලේ නිසා වැඩිය ලස්සන මල් ගස් කොළන් නම් නැහැ .


අපිට බහින්න තියෙන්නේ "versailles rave gauche" දුම්රිය ස්ථානෙන්.එතන ඉදන් අපි ටික දුරක් පයින් යමු..අපෝ කකුල් රිදෙනවා කියන්න එපා..ඔක්කොමල හොද තරුණ අයනේ...


ඉතින් කොහෙද මේ යන්නේ. අපි යන්නේ ඉස්සර කාලෙට.
ඒ කාලේ මුළු ප්‍රන්ශයම පාලනය කරපු.එක පැත්තකින් විනාස කරා කියන ප්‍රංශයේ අන්තිම රජු වෙන දාහතරවෙනි ලුවීගේ  මාලිගාව බලන්න .



."පාන් නැත්නම් කේක් කන්න" කිවෙ මෙයාගේ සුරතල් බිසව තමයි.

ඉතින් පයින් ඇවිත් ප්‍රදාන දොරටුවෙන් ඇතුල් වීමේ ප්‍රවේශ පත් අරගෙන අපි යනවා මාලිගාව ඇතුලට..

මේක අක්කර දහස් ගණනක් විශාල එකක්.මේ කාලේ ඔයාල ගියාට යන්නම ඕනේ වසන්ත කාලෙට. ඒ කාලෙට මේ රාජකීය උද්යානයෙ පිපිලා තියෙන රෝස වගේම අනෙකුත් මල් දැක්කම හිතෙනවා මේ ඉන්නේ සැබෑ ලෝකෙද කියලා.

ඉතින් අපි මාලිගාවට ඇතුල් වෙමු. මුලින්ම බලන්න තියෙන්නේ රාජකීයන්ගෙ කාමර .

එක එක දේවල් සඳහා පාවිච්චි කල විවිද කාමර. හිතාගන්නවත් අදහාගන්නවත් බෑ.විදුලි එලිය නොතිබුන කාලේ මාලිගාව එලිය කරන්න ඉටිපන්දම් එල්ලන්න තියෙන පහන් දැක්කම පුදුම හිතෙනවා.


එත් මට මේ ලස්සන බලනකොට හිතුනේ මේ ලස්සන විදින්න මෙයාලා මොනතරම් දුප්පතුන්ගේ දාඩිය බලෙන් යොදා ගන්න ඇද්ද.

කෑම කාමර. පුස්තකාල, විසිත්ත කාමර, ඒ වගේම විවිදාකාරයේ චිත්‍ර, මොනවා බලන්නද කියලා හිතාගන්න බෑ.


හැමදෙටම වඩා මගෙ හිත ගියේ බිසවගේ යහන් ගබඩාවට..එකේ තියෙන රන් ආලේපිත යහනේ වැතිරිලා  මාරි අන්ටනොයිට්  බිසව ආඩම්බරෙන් අපි දිහා බලන් ඉන්නවා මට මැවිලා පෙනුනා. 



වැඩියෙන්ම ඔයාලගේ සිත් ගන්න තැන් වෙන්නේ..කලාගාරය සහ රාජකීය උද්‍යානය, 


ඒ වගේම රජ තුමාගේ සිරි යහන් ගබඩාවත් ඉතාමත් අලංකාරයි. එකේ ඉහල කොන් හතරක දෙවි වරු රජ තුමා දිහා බලන් ඉන්න විදියට සිතුවම් කරලා තිබුනේ රජතුමාට දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙන්නත් ඇති.




මුලු මාලිගාව පුරාම ඇවිදලා හති වැටිලා එලියට ආපුවම රාජකීය උද්‍යානේ ලස්සන බලන්න පුලුවන්..මේ උද්‍යානේ ඇවිදින්නත් දවස් බාගයක් විතර ඔනේ.. 




ඈතින් තියෙන දිය අගල් මම හිතන්නේ ආරක්ෂක උපක්‍රම වෙන්න ඇති..ඒ උද්‍යානේ පුරාම තියෙන ප්‍රථිමා වල ලස්සන කියලා නිම කරන්න බැහැ. හිනාවෙන්න එපා. සමහර ඒවා බලල..


ඔයාලා බලලා ඇති 14 වෙනි ලුවී රජතුමා පසුබිම් කරලා ඇලෙක්සැන්ඩර් ඩූමා ලියපු කතාව ඇතුලත් මෙම චිත්‍රපටිය..ඒකෙත් මේ රාජකීය උද්‍යානේ සමහර ස්ථාන ලස්සනට තියෙනවා.



සාමාන්‍යෙන් ලුවී රජතුමා දුෂ්ඨ පාලකයෙක් විදියට තමා ප්‍රචලිත. එතුමාගේ බිසවත් එහෙමයි..

ප්‍රංෂ විප්ලයට පෙර ජනතාව බඩගින්නෙන් වියරු වැටිලා මාලිගාවේ දොරටුව ලඟට විත් අපිට කන්න පාන් වත් නෑ කියද්දී.. මාරි ඇන්ටොනොයිට් බිසව කිව්වේ  
" පාන් නැත්නම් කෙක් කන්න" කියලා.. 

පාන් නැති මිනිස්සුන්ට වෙන දෙයක් කොයින්ද කියලවත් ඇයට තෙරුම් ගන්න බැරිව ඉන්න ඇති.


ඇවිදලා ගොඩක් මහන්සියිනේ..ඉතින් සීතල යන්න කිරි කෝපි එක්ක බොමු නේද..ඕනෙ නම් ග්‍රෙක් සැන්ඩ්විච් එකක් කන්නත් පුලුවන්..ඔන්න හිනාවක් ගියා හැමෝටම..


ගමන් මහන්සිය නිවලා තව ටිකක් ඇවිදලා අපි ආපහු යමු.





67 comments:

  1. ගොඩක් හොඳින් විස්තර කරලා තිබෙනවා. හරියටම අපිත් ප්‍රංශ රජමාළිගාවට ගියා වගේ දැනෙන්න.
    පොඩි දෙයක් කියන්න තියනවා. සමහර වචනවල අකුරු නැවත කියවා බලන්න සුළු සුළු වැරදි තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියන්ත..ඔව් නේද මමත් පස්සේ දැක්කේ.මම මේක කරේ අත්හදා බැලීමකට සාර්ථක නෑ වගේ

      Delete
    2. පෝස්ට් එකේ වැරැද්දක් දකින්නේ නෑ. වචන ටයිප් කිරීමේදී සිදුවූ අතපසුවිම් කීපයක් මම දැක්කා. ඒ ගැනයි කීවේ. පොස්ට් එක හා කරුණු හොඳයි. අකුරු වැරදීම අපි බොහෝ දෙනෙකුට වෙන දෙයක්. හැකිනම් පොස්ට් කරන්න කලින් නැවත කියවන්න.

      Delete
  2. ලස්සන විස්තරයක් යන්න ආස හිතෙනවා.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් යමු..නිවාඩු වෙලාවක එන්න.

      Delete
  3. හොඳ විස්තරයක් . ස්තූතියි අපිටත් දැනගන්න සැලැස්සුවාට .

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුති ගිම්.එත් මේක හොඳට කෙරිලා නෑ වගේ.

      Delete
    2. ඉදිරියේදී අඩු පාඩු හදා ගමු .

      Delete
  4. කියවන්න ආස හිතෙන්න ලියලා තියනවා..බොහොම ස්තූතියි නොදැකපු,නොගිය තැන් පෙන්නනවට..

    ReplyDelete
  5. දැන් කියවන්න වෙලාවක් නෑ හොද විස්තරයක් වගේ කියවලම කොමෙන්ට් එකක් දාන්නම් :D

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙලා තියෙන වෙලාවට බලන්න ස්තුති ...

      Delete
  6. කෑම,බීම ගේන්න අමතක වුනානෙ....දැන් ඉතින් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ...:(

    ලස්සනට ලියල...මාළිගාව බලන්න එක්ක ගියාට ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. අපොයි කෑම බීම ගැන නම් බය වෙන්න එපා..අපිට එහෙන් ඔනෙම දෙයක් ගන්න පුලුවන්..චාරිකාවට එක් උනාට ස්තූතියි.

      Delete
  7. විස්තරේ නම් හොඳයි ඒත් ඉතින් අයින්ස්ටයින්ට පන්සිය පනස් ජාතක පොත කියවනවා වගේ....
    උඩ ඉඳන් 4 වෙනියට තියෙන පින්තුරේ රත්තරන් වලින් හදපු කාමරයක්ද පේන්න තියෙන්නේ.....ඇත්තටම ඔයා ඉන්නේ කොහෙද ඈ.......

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලෝ අයින්සටයින් ජාතක පොත කියවලද ගුරුත්වාකර්ශනය හොයාගත්තේ.
      නෑ එක අර බිසවගේ කාමරෙ.ගොඩක් ඒවා රන් ආලෙපිතයි.
      මම මල්ලියෝ එක එක තැන්වල ඉන්නවා.හොලමනක් වගේ තමා

      Delete
    2. මම ඒක කිව්වේ ඉතිං මේ කොච්චර වටිනවා උනත් කතාව තේරුම් ගන්න බැරිවුනානේ කියලා ඉතිං මම ප්‍රංශේ ගැන මුල මැද අග දන්නේ නෑනේ හලේ......

      හොල්මන් දැක නැත්තෙමි හොලමනක් දැකගත්තෙමි හි හි මම ඕං ආයේ කතාව කියෙව්වා

      01)RERc මාර්ගය. යනු කුමක්ද??
      02)ග්‍රෙක් සැන්ඩ්විච් රසද??

      තරහා වෙන්න එපා හොඳේ මුල් කොමෙන්ටුවට මම තාමත් බට ලයිට්

      Delete
    3. 01.මල්ලි ඒ RERC කියන්නෙ ට්‍රෙන් ලයින් එකක්
      02.ග්රෙක් සැන්ඩ්විච් රසයි.එකට වෙන රටවල කෙබාබ් කියලත් කියනවා.

      Delete
    4. අයින්ස්ටයිනුත් ගුරුත්වාකර්ෂණය සොයාගත් බව මා දැනගත්තෙ අදයි! :)

      Delete
    5. අපොයි වැරදුනා.සත්‍යා ...සමාවෙන්න. මට හැමදාම නිවටන්වයි,අයින්ස්ටයින්වයි ටැපලෙනවා..

      Delete
  8. ස්තූතියි එක්කන් ගියාට...

    ලියලා තියන විදිහ ලස්සනයි... ඇයි සාර්තක නැහැ කියන්නෙ.. ?

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි..මට එක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි..ගොඩක්ම පොඩි ලමයෙක්ගේ රචනාවක් වගේ..

      Delete
  9. හොදා.නැද්ද තව පිංතූර?

    ReplyDelete
    Replies
    1. පින්තූර නම් ගොඩක් තියෙනවා.ඒවා දැම්මොත් මෙක පිංතූර වලින්ම පිරෙනවා

      Delete
  10. කවදහරි දවසක ඔය පැත්තට ඇවිත් සිරි නර්ඹන එක මගේ එක හීනයක්....මට ඒ හීනය ආයමත් හැබෑවක් කරගන්න ඕනේ කියල හිතුනා...ඔයා අපිව එක්කගෙන ගිය මේ චාරිකාව නිසා කුමාරි,,,,,,,

    ReplyDelete
    Replies
    1. එන්න මුතු..ලස්සන බලන්න..මෙක විතරක් නෙමෙයි තව ලස්සන තැන් ගොඩක් පැරිසියේ තියෙනවා. වයිට් චර්ච් දෙවස්ථානයත් අය්පල් කුලුනත්,ශෙන් ගඟත් බලන්නම ඔනෙ තැන්

      Delete
  11. ගොඩක් වටිනවා මොකද මම හිතන් හිටියෙ මේ කතාව එන්ගලන්ත රැජිනක් කිව්ව කියල....

    ReplyDelete
    Replies
    1. නැහැ මමත් දන්න විදියට ප්‍රංශ විප්ලවයට කලින් මාරි ඇන්ටොනයිට් බිසව තමයි මේ කතාව කියලා තියෙන්නෙ.

      Delete
  12. චීක් අපේ බොස් හෙඩ් ඔෆිස් මාව යවන්නේ නැහැ නේ.එහෙනම් ඔයත් එක්කම යන්න තිබුනා.

    //ඒ කාලේ මුළු ප්‍රන්ශයම පාලනය කරපු.එක පැත්තකින් විනාස කරා කියන ප්‍රංශයේ අන්තිම රජු වෙන දාහතරවෙනි ලුවීගේ// මෙයා මොන විදියටද රට විනාස කලේ..

    ලිවීමේ වරදක් නැහැ.කරුණු හොදට ලියල තියෙනවා.තව පින්තුර ටිකක් දැම්මොත් මොකද?

    ReplyDelete
    Replies
    1. අපරදේ අසාර් එන්න තිබ්බනේ..

      එයා රට විනාශ කරා කියන එක මම කිව්වේ..ප්‍රංශ විප්ලවය ඇරඹෙන්නේ එයාගේ උමතු පාලනය නිසා.එයා ජනතාව ගැන සොයලා බලන්නේ නැතිව එයාගේ රජ සැප වැඩි කරගන්න විතරක් කටයුතු කලා.

      පිංතූර තව තියෙනවා එත් ගොඩක් දැම්මොත් හරි නෑ නේද

      Delete
  13. ලස්සන තැනක් බලන්න යන්න ආස හිතුනා ,,හිතට දැනෙන විදිහට ලියල තියනවා ස්තුතියි ,,

    ReplyDelete
  14. මරු ට්‍රිප් එක...

    ReplyDelete
  15. අපිත් ගියා අවුරුදු 4 කට කලින්...එලියට ආවාම වෙන ලෝකෙක ඉඳල ආවද කියල වට පිට බැලෙනවා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කිරිල්ලිගේ ඇසුත් පින් කරලා තියෙනවා. ඇත්තටම එහෙම තමා.අනික යන ඔනේ සමර් එකට..එතකොටයි ගොඩක් ලස්සන

      Delete
  16. මම අහල තියෙන විදියට ඔය පාන බැරිනම් කේක් කාපන් කියන එක මිනිස්සුන්ගේ හොදට කියපු කතාවක්ලු!මිනිස්සු ඒක අනිත්පැත්තට තේරුම් ගත්තට!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මට අදහසක් නෑ.මම දන්න විදියට ඒ බිසවට ඒ ගැන තෙරුමක් නැති නිසා කියපු කතාවක් ඒක.

      Delete
  17. ලස්සනට ලියලා තියෙනවා.. තව ටිකක් පින්තූර තිබ්බානම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාට

      Delete
  18. ඔය බිසව ගැන මමත් කතාන්දර ගොඩක් අහලා තියෙනවා..එයා හිටපු කාලේ කරපුවා , අර දියමන්ති මාලේ විස්තරේ , මැරුණා හැටි වගේ..විස්තාරේ හොදට කරලා තියෙනවා :))

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ බිසව ගැන ගොඩක් කතා තියෙනවා නේද.ගොඩක් ආඩම්බර නපුරු කෙනෙක් නේද

      Delete
  19. දැං විනාඩි දෙකකට තුනකට කලින් මම හිටියේ සිරී පාදේ (නිසූපා අක්ක ගිය අගෝස්තු ලියලා තියන පෝස්ටුවක්) මෙන්න බොලේ ඒ පාර මම ප්‍රංශයේ?අර Around the World in Eighty Days ලියපු Jules Verneට ඒ කාලේ බ්ලොග් කියවන්න හම්බුනානම් එහෙම ඕක වෙනස් කරනවා around the world in 2 hours කියලවත්.

    ReplyDelete
    Replies
    1. එහෙනන් ඔයා අද ලෝකෙ වටේම ගිහින් නේ..සතුටු නැද්ද ඒ ගැන.

      Delete
  20. ස්තුතියි...ආස හිතුනා මටනම්..ලුවී රජතුමා ගේ කතාවත් දාන්න පුලුවන්නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි ඔයාටහ්..පුලුවන් වෙලාවක දාන්නම්.

      Delete
  21. ෆොටෝ ටික ටිකක ලොකුවට දාන්නකෝ... පෝස්ට් එකක... එතකොට හොදයිනෙ... :(

    පාන් නැත්තං කේක් කාපං කියල මාත් ලිවුවා... ඒකනං සම්පූරනෙන් වෙනස්... එක්කො ලින්ක් දාන්නෙ නෑ.. පුංචි කුමරිහාමි අකමැති නෙවැ ඒජාතියට...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ නම් පොඩි තමා නෙද... අනේ පොඩ්ඩෝ..එහෙම හිතන්න එපා. මම ඉතින් මමම තමා..ඔයා කියන කතා වෙනස් උනත් ඒවගෙත් හරයක් තියෙනවනේ.

      Delete
  22. පාන් නැත්නම් කේක් කන හැටි වලව්වට ගොඩ වැදී බැලුවෙමි........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනිති මේ පැත්තේ ආවට.

      Delete
  23. මරු ට්‍රිප් එක ආපහු එකක් යමු හරිය...

    ReplyDelete
    Replies
    1. ආයෙත් වෙලාවක යමුකෝ.

      Delete
  24. හැබැවටම පුංචි කුමාරිහාමි ඉන්නේ ප්‍රන්සේ ද ?

    ReplyDelete
    Replies
    1. මම දැන් ඉන්නේ ඉතාලියේ..මීට කලින් හිටියේ ප්‍රංශයේ..තව ටික කාලෙකින් තව කොහෙ ඉඳීද දන්නේ නෑ..

      Delete
  25. http://library.thinkquest.org/C006257/revolution/execution_marie.shtml

    http://en.wikipedia.org/wiki/Louis_Quatorze

    http://en.wikipedia.org/wiki/Marie_Antoinette

    කට්ටිය මෙව්වත් බලන්න

    ReplyDelete
  26. මාත් නිකන් ප්‍රංශෙට ගියා වගේනෙ..:D මටත් අඅසයි ඇත්තටම ගිහින් සිරි නරඹන්න.. ලස්සනයි කුමාරිහාමි... අපූරුවට ලියලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු ..එත් මට නම් ලිවීම ගැන පැහැදීමක් නෑ මේකේ..

      Delete
  27. වැඩේ එළ.....තව කොහේ හරි යනවනම් මතක අතුව කියන්න හොඳේ.......:D

    ReplyDelete
    Replies
    1. හරි හරි ආයි යනකොට කියන්නම්කො

      Delete
  28. Interesting !, except for incorrect reference to Marie Antoinette, there is no record that she actually said the famous words "Qu'ils mangent de la brioche"

    ReplyDelete
    Replies
    1. Mhh..yeah there is no record..but I read some paper article...
      Thanks lot ...

      Delete
  29. පුංචි අලුත් වැඩකට අත ගහලා තියෙනවා දකින්න ලැබීම සතුටක්. සංචාරක සටහන් වාර්තාකරණයට (travel journalism) අවශ්‍ය සුමට සරල බස් වහරක් සහ කියවන්නාගේ ආකර්ෂණය රඳවා ගත හැකි සියුම් හාසයක් ඇතිව කතා කීමේ ශෛලියක් ද ඔබ සතුව තිබෙනවා. කියවාගෙන යාමේදී පාඨකයන් තුළ උනන්දුවක් ජනිත කල හැකි ජව සම්පන්න, ක්‍රියාශීලී බවක් ඔබේ ලියවිල්ල තුළ තිබෙනවා.

    ඒ වගේම,

    හැමදාමත් ඔබ තුළ දකින්නට ලැබුණු අනවශ්‍ය හදිසිය, නොසැලකිල්ල සහ කලබලයත් මෙහි නො අඩුව දකින්න ලැබෙනවා. සාපේක්ෂව මේ ලිපියේ වෙනදාට වඩා වැරදීම් වැඩියි. ගොඩක් අය ඒ ගැන කියලා තිබුණා දැක්කනේ?

    සංචාරක වාර්තාකරණයේ දී ඔබ මීට වඩා විස්තරාත්මක (informative) විය යුතුයි. ඔබ ඔබට සිතුනු දෑ ලියා තබනවාට වඩා එහා ගිය වගකීමකින් යුතුව නිවැරදි හා සුවිශේෂී විස්තර වාර්තා කිරීමක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන්, "මම හිතන්නේ මේක අක්කර දහස් ගණනක් විශාල එකක්" කියනවාට වඩා, පහසුවෙන් සොයා ගත හැකි එහි නියම විශාලත්වය (මෙය ඒ අසල ඇති කුඩා සංචාරක පොත් පිංචකින් (travel brochure) වුවද පහසුවෙන් සොයා ගත හැකියි ) දැක්වීම පාඨකයාගේ පැත්තෙන් වැදගත් වෙනවා. දිවංගත ධර්මසිරි ගමගේ සූරීන් වැනි සංචාරක වාර්තාකරණයෙහි අති දක්ෂයින්ගේ සටහන් කියවීමෙන් මා කියන දේ ඔබට වටහා ගත හැකි වනු ඇති.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ගොඩක් ස්තුති කියන්නම් සත්‍යා මේ කරන සේවයට.ගොඩක් පින්. මම මේක කරේ අත්හදා බැලීමට.ඇත්තෙන්ම මේකේ අක්ෂර දෝෂ ගොඩක් තියෙන බව මට පේනවා.මම මේක ලිව්වේ හදිසියේ මට හිතුනේ නෑ නැවතත් කියවා බලන්න. සත්‍යා කියනවා වගේම මගේ නොසලකිල්ලයි කලබලෙයි මේකෙන් හොදටම පේනවා. මට වැඩක් පටන් ගත්තම එක ඉවර කරගන්න පුදුම හදිසියක් තියෙන්නේ.
      ඔබ කියන දේ හරි.මට තේරෙනවා ගොඩක් අඩුපාඩු.අනික අනුමාන කතා මේ වගේ දෙයකට සුදුසු නැති බව මට වැටහෙනවා.එක මගේ අඩුපාඩුවක්. මේකෙන් මම ගොඩක් වැරදි කර.ඔයාලගේ අවවාද ලැබුවා. මට ඕනේ උනෙත් ඒක. හැමෝටම වගේ සත්යාටත් ගොඩක් ස්තුති. මේ දෙන සහයෝගයට. මම ඊළඟ වතාවේ මේ වැරදි වලින් තොරව මේ වගේ සටහනක් ලියන්න උපරිම උත්සාහයක් ගන්නම්.
      ප.ලි . සත්‍යා මට ඒ වගේ අය ලියපු සටහන් කියවන්න අවස්තාවක් නෑ . ඉන්ටෙර්නෙට් එකේ තියෙන තැනක් කියනවනම් ගොඩක් පින්.

      Delete
  30. පාන් සහ කේක් කතාව චන්ද්‍රිකා නෝනත් කිව්ව ඉස්සර..

    ReplyDelete
    Replies
    1. එයත් කාලයක් ප්‍රංශයේ හිටපු නිසා වෙන්න ඇති සෑම්..

      Delete
  31. Elama Thamai

    Mama Tharaka
    www.gamedroidlk.com

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...