Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 10, 2012
~~~කිරි සුවඳ~~~
බසයෙන් බැස්ස සුමනාවතී වේගයෙන් ගමන් කරන්න වුණෙ හිස ගිනි ගත්තාක් මෙනි.
දවස පුරාම කීර විකුණලා අරගත්ත සොච්චම සුරක්ෂිතව ඇද්දැයි ඇය නැවතත් හැට්ටය තුළට අත දමා බැලුවාය..
"ආ..සුමණක්කේ අද කලින් මොකෝ...?"
"පලා ටික ඉක්මනට විකුණුණා බං? ගිහින් එන්නම්"
හමුවන අය නොයෙකුත් දේ විමසුවද අද ඇගේ හිස යකාගේ කම්මල මෙනි.
ඊයේ හවස් ජාමයේ දියණියන් දෙදෙනා අතර ඇති වූ හබය ඇගේ සිත පාරවයි..කිසිම දිනක මේ අයුරින් ඔවුන් දෙදෙනා රංඩු කරගන්නවා ඇය දැක නැත
සැමියා මිය ගිය දින පටන් දියණියන් දෙදෙනා උස් මහත් කරගැනීමට සුමනාවතී නොවිඳි දුකක් නොමැත..කිසිවෙකුටවත් අත නොපා ඇය ඇස් දෙක මෙන් දරුවන් දෙදෙනා හදා ගත්තාය..
අකාලයේ මිය ගිය සැමියා සිහිවී සුමනාවතීගේ දෑස් අග තෙත් වී ගියේ ඇයටත් නොදැනුවත්වමය.
සුමනාවතීලගේ ගමට පාලම හදන්න ආ වැඩ පාටියේ අත් උදව්කරුවෙකු ලෙස අමරපාලද සිටියේය..
අමරපාල ලා දවල් කෑම ගත්තේ සුමනාවතීලාගේ නිවසින්ය..
කෑම කන්නට ආ අමරපාල සමඟ ඇරඹි ආදර පලහිලව්ව කෙළවර වූයේ ලොකු කෙලී ශ්‍රියානි ඉපදෙන්නටත් ආවාට පසුවය...
කාටත් හොර රහසේ අමරපාල සමග ගමෙන් පිටවී ජැම්සන් වත්තට පදිංචියට ආ සුමනාවතී නැවතත් මව සහ සහෝදරිය බලන්න ගමේ ගියේ දෙවෙනි කෙලී ප්රියංවදාද ඉපදුනාට පසුවය..
ගමේ හැදී වැඩී නගරයේ පැල්පත් පේළියකට වාසයට ආ සුමනාවතීට සැබවින්ම මේ නුහුරු දිවිය පුදුමාකාර හිත්වේදනාවක් මෙන්ම අපහසුවක් දුන්නේය..
හවස් වන විට බීගත් මිනිසුන්ගේ කංකරච්චලයත්,ගෑනුන්ගේ අඬදබරත් මුලින් මුලින් සුමනාවතීට පුදුමයක් වුවද පසුව ඇය එම ජීවිතයට හුරු වූයේ පියෙකු නැතිව දරුවන් දෙදෙනෙකුත් සමඟ ගමට ගොස් මවට බරක් විය නොහැකි නිසාමය..
අමරපාල කුලී වැඩවලින් සොයාගන්නා මුදල ඔවුන්ට යන්තමින් කා දිවි රැකගන්නට ප්‍රමානවත් වුවද කල්ගත වෙත්ම ඔහුගේ බීමත්කම එන්න එන්න වැඩිවුයෙන් දියණියන් දෙදෙනා සමඟ සුමනාවතී වැටුනේ කබලෙන් ලිපටය..
"අනේ අමරේ කෙල්ලෝ දෙන්නා ගැනවත් හිතලා ඔය බොන එක නවත්තන්න"
යැයි කකුල් අල්ලා වැඳ ආයාචනා කලද ඔහු එය කිසිසෙත්ම නවත්තන්නට සූදානමක් නොවීය..
"කොන්ක්‍රීට් එක්ක ඔට්ටුවෙලා අතපය නෑ වගේ ගෙදර එන්නේ...ඒ ඇවිල්ලාත් උඹේ කරච්චලේ ..කට වහන් ඉඳපන් ගෑණියේ."
අමරපාල සමඟ බහින් බස් වීම ගුටි පූජාවක මුල මෙන්ම එක වේලකට හෝ උයාගත් බත් පත දරු දෙදෙනාට කවා ගැනීමට නොලැබෙන පොටක් බව දන්නා සුමනාවතී නිහඬ වන්නීය
බීමතින් උස් ගොඩනැගිල්ලක් මත වැඩ කරමින් සිටියදී එයින් ඇද වැටී අමරපාල මිය ගොස් දැනට වසර පහළවකටත් වඩා වැඩි නොවෙදැයි සිතෙන විට සුමනාවතීගේ සිත සියුම් වේදනාවකින් බර වෙයි..
සැමියා මිය යන අවධියේ තරුණ වයසේ දරු දෙන්නෙකුත් සමඟ තනි වූ ඇය..මහ කැලෑවක අතරමංවූ මුවැත්තියක් මෙන් අසරන විය..
වත්තෙත්- ඉන් පිටත් ඇයට ප්‍රසිධියේ අයුතු යෝජනා කිරීමට තරම් සමහරුන් සැහැසි වූ ආකාරය සිහිකරන විට සිතෙහි ඇති වන්නේ තදබල කෝපයකි..
අහිංසක ළඳ බොළඳ ගැහැනියක් වූ තමා කර්කශ,කටුක,කටසැර ගැහැනියක වූයේ මේ මිනිසුන් නිසාම නොවෙදැයි ඇය ශෝකයෙන් සිතුවාය.
අමරපාල මිය ගිය අලුතම මහ රාත්‍රියේ ගෙට රිංගන්න ආ වලස් ගුණේ ආපසු ගියේ ඔළුව පලාගෙන කෑ ගසාගෙන බව සිහිකරන විට නම් ඇයගේ මුවඟට සිහින් සිනාවක් නැගිණ..
"මොකද මේ ගෙවල් දොරවල් හායි ගාලා ඇරලා දාලා කෝ මේ ගෑනු ලමස්සියෝ"..
වේගයෙන් ගෙට ආ සුමනාවතී දියණියන් දෙදෙනාට බැණ වැදුණත් ගෙතුළින් කිසිම හඬක් නොනැගුණි..
"ලොක්කියෙ..කෝ බං උඹ"
ඇය නැවතත් කෑ ගසා ගෙතුළ පුර ඇවිද දියණියන්ගේ කුඩා කාමරයට එබී බැලුවාය
දුටු දෙයින් මවිතව දෑස් උඩ තියන් ටික වේලාවක් බලා උන් සුමනාවතී
"අනේ මගේ ලොකු දුවේ" කියා ඇද වැටුණාය..
~~~~~~~~
ශ්‍රියානි මිය ගොසින් අවුරුද්දකට කිට්ටු වේගෙන එයි..අසන හැම කෙනෙක්ටම සුමනාවතී කියන්නේ
"කෙලීගෙ අවුරුද්දේ දානේ මහ ඉහළින් කරන්න ඕනෑ" කියාය..
ගතවුණ අවුරුද්ද පුරාම ඇය කිසිම විටකවත් ප්රියංවදාව සිහි නොකළාය..
ඇගේ වැඩිමහල් දියණිය ශ්‍රියානි ත්‍රී රෝද රියදුරකු වූ ජයන්ත සමග ඇතිකරගත් ප්රේමසම්බන්ධයට ඇය විරුද්ධ නොවූයේ ඊට වඩා කෙනෙකුට දියණිය විවාහ කර දීමට තරම් ඇයට ශක්තියක් නොවූ නිසාය..
මවගෙන් ලැබූ අනුමැතිය නිසා ජයන්ත නිතර නිතර ශ්‍රියානි හමුවීමට ඇගේ ගෙදර පැමිණි අතර ඔවුන් දෙදෙනා විවාහ වීමට දින වකවානුද යොදා ගෙන සිටියහ.
මේ සිදුවීම් අතරේ ශ්‍රියානි ගෙල වැල ලාගෙන මිය යාමට හේතුව වූයේ..ජයන්ත ඇගේ නැගණිය ප්‍රියංවදා සමගද සම්බන්ධයක් ඇති කරගෙන එය දුර දිග ගිය නිසා බව සුමනාවතී දැනගත්තේ වැඩිමහල් දියණිය මිය යාමට පෙර ලියා තැබූ ලිපියකිනි.
වැඩිමහල් දියණිය කෙරෙහි ශෝකයත් බාල දියණිය කෙරෙහි කෝපයකිනුත් ඇය පසුවෙන් බව ඇගේ වදන් වදන් වලින් හෙළිවූවද..
"තමන්ගේ එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරීට පිටු පාපු එකී මගේ මල ගමටවත් එපා"
යැයි ඇය කියන්නේ සත්‍යක් නොවෙන බැව් ඇය දෙස බලන දන්න කියාන අයට වැටහේ.
දවසින් දවස දිරාපත් වන ගතත් යට ගිළුන රත් පැහැ ගැනුණ දුක්මුසු දෑසත් දකින ඕනෑම කෙනෙකුට ඇය විඳින සිත් වේදනාව තේරුම් ගැනීමට අපහසු නැත.
"මොකද සුමන්නම්මේ මේ දිරලා ගිහින්" කියා කිසිවෙකු විමසුවහොත් ඇය කියන්නේ
"ඕවා ඔහොම තමා දරුවෝ කුණු ශරීරේනේ" කියාය...
හිත යටින් බාල දියණිය බලාපොරොත්තුවෙන් සිටියද ඇය තද හිතක් ඇත්තියක බව ලෝකයට පෙන්වයි...
"දුකේ බෑ බං මම ඊයේ යනකොට සුමනම්මා කෙල්ලෝ දෙන්නගේ ඇඳුම් දෙකක් ඉඹ ඉඹ කඳුළු පෙරනවා මම දැක්ක ගමන් ඉක්මනට වහ ගත්තා"..
වත්තේ ගැහැනියක් තවත් කෙනෙකුට මෙසේ කියන්නේ නොයෙක් විට මෙවැනි සිද්ධීන් ඔවුන් දැක ඇති නිසාය.
"ඈ සුමනම්මේ බාල කෙලී ආවෙම නෑ නේද ආයි" කිසිවෙකු විමසුවහොත්.
"මතක් කරන්න එපා ඒකිව..ආවොත් මම ගන්නේ කොස්ස" ඇය එසේ කීවත් එය සැබෑවක් නොවන බැව් ඇගේ දෑස දෙස බලන කෙනෙකුට වැටහේ...
දිනක සුමනාවතී කුස්සියට වී ඔහේ බලා සිටියා..
"උයලා කාට කන්නද කිටියෝ..ඔන්න ඔහේ උඹ අදටත් මොනා හරි හොයන් කාපන්"..
තනියට සිටින පූස් පැටියාට කතා කර කර සිටින ඈ තිගැස්සුණේ අල්ලපු ගෙදර ගැහැනියගේ කටහඩිනි
"සුමණක්කේ ඕං අවුරුද්දටත් කලින් නෑයෝ ඇවිත්"..
සුමනාවතී වේගයෙන් ඉදිරිපස දොර වෙත ගියේ කුතුහලයෙනි...
"අනේ අම්මේ අපිට සමාවෙන්න"..බාල දියණිය අතේ හුන් දරුවා බිම තබා බිම වැටී වැන්ඳේ කෑ ගසා අඬමිනි..ඇය සමග ඇගේ සැමියාද ඇගේ දෙපා වැන්ඳේ සමාව ඉල්ලමිනි.
"අනේ මගේ හුරතල් පැටියෝ.." කියමින් සුමනාවතී මුනුපුරාගේ මුහුණ සිප ගත්තේ කඳුළු පිරි දෑස සඟවමිනි.
මවකට දරුවන් මිස.....!!
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
පොත් පොත් පොත්5 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,386
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
අදයි වලව්වට ගොඩ වැදුනේ !
ReplyDeleteඅම්මලට දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනේ!
හ්ම්ම්.. දරුවො මොනව කලත් අම්මගෙ ආදරේ වෙනසක් නෑ..
ReplyDeleteලස්සනයි.. :)
අම්මලගේ හැටි....ලස්සනයි
ReplyDeleteපපුව උණු වෙලා යන තරම් දුක්ඛිත කතාවක් ලියලා තියෙන්නේ හරිම හැගුම්බරයි....
ReplyDelete//වත්තෙත්- ඉන් පිටත් ඇයට ප්‍රසිධියේ අයුතු යෝජනා කිරීමට තරම් සමහරුන් සැහැසි වූ ආකාරය සිහිකරන විට සිතෙහි ඇති වන්නේ තදබල කෝපයකි..//
සමාජයේ ඇත්තම තත්වේ පෙන්නලත් තියෙනවා ඒ කථා සහතික ඇත්ත....ඔයාගේ කථා කීමේ හැකියා හරිම අපූරුයි අක්කේ ජය වේවා....
මොන වැරද්ද කලත් දරුවන්ව හැමදාමත් දෙමාපියන්ට මැණිකක්.....
ReplyDeleteකිරි සුවඳ පරයන තවත් දෙයක් නෑ තමයි... ලස්සන කතාවක්... සේරම කියෙව්වා...
ReplyDelete@Nuwan tharaka..ස්තූතියි නුවන්..ගොඩවැදුනට ගෞරවයෙන් පිලිගන්නවා
ReplyDelete@සිත්..ඔයාටත් ස්තූතියි..
ReplyDeleteඅම්මා අම්මම තමා..වෙන වචනයක් නෑ නේද..?
@තරූ..ස්තූතියි..
ReplyDeleteඅම්මලාගේ ආදරේ සුන්දරයි.
@ ගැමියාගේ පත් ඉරුව..
ReplyDeleteස්තූතියි මල්ලි ඔයාගේ දිරිමත් කිරීමට...ඔයාලාගේ වචන මට ලොකු ශක්තියක්..
@දේවා..
ReplyDeleteස්තූතියි..අම්මලාට දරුවන් හැර වෙන මොනාද..
@Beetle
ස්තූතියි බීට්ල් ඔයාටත්
හිත බර උනා මේක කියවලා....
ReplyDeleteඅපූරුයි.. කියන්න වචන නෑ.. අම්මලාගේ දරු සෙනෙහස වගේම දරුවන්ට අම්මලාගේ සෙනෙහස තරම් උතුම් දෙයක් මේ ලෝකේ තියෙනවද...
ReplyDeleteඅදත් ලස්සනයි කතාව...ඔයාට නව කතා පොතක් ලියන්න අදහසක් හෙම නැද්ද?
ReplyDeleteඅම්මලාගේ සෙනෙහස ඔහොම තමයි නේද? දුවට මවක මිස . වෙන කව්ද නේද ?
ReplyDelete@Senna
ReplyDeleteබර උනාට කමක් නෑ කඩන් වැටෙන්න නම් එපා..හි හි...ස්තූතියි senna
@Dinesh..
ReplyDeleteදිනේෂ් ඔයා හැමදාම මාව දිරිමත් කරන යාලුවෙක්..ස්තූතියි ගොඩක්..
@වින් කිරිල්ලි..
ReplyDeleteගොඩක් ස්තූතියි..මම මේ පුංචි කුමාරිහාමි කතාව පොතක් විදියට තමයි ලියන්නේ..
@ගිම්හානි..
ReplyDeleteඒක නම් ඇත්ත..දුවකට මවක්ම තමයි..ඔයා බ්ලොග් එකක් කරන්නේ නැද්ද ගිම්..?
@ පුංචි කුමාරිහාමි :
ReplyDeleteඇයි අලෝ... ඔයා දන්නැද්ද ? ගිම්හානි තමයි බ්ලොග් නොකරන අය අතර හොඳම රසිකයා... දන්නැද්ද ? සම්මානේ හම්බවෙලා ගොඩක් කල් නේ... (විහිළු හොඳේ !!!)
කථාව නම් ලස්සනයි නංගි. හේතුව මොකක්ද මන්දා මට කරුණාසේන ජයලත්ගේ ගැහැණු ලමයි මතක් වුනා...
කෙටි කථා කියන්නේ මේවට තමා. ඒත් මේක කෙටි වැඩිද මන්දා ? එහෙම නම් අපි දාමු මයික්‍රෝ කෙටි කථාවක් කියලා... හි හී...!!!
ජයවේවා !!!
අම්මා කෙනෙක්ගෙ ආදරේ කොහොමවත් කවදාවත්ම මනින්න බෑ... ලස්සනයි!!
ReplyDeleteඔයාට ඇත්තටම ලේඛන හැකියාවක් තියෙනවා.කෙටි කතාවක් වුනත් සමාජේ මේවගේ සිද්දි සුලබයි.
ReplyDelete@අසරණයා....
ReplyDeleteගොඩක් ස්තූතියි..අසර්..හි හි..මම අකමැතියි ඔයාට අසරනයා කියන්න..නමක් කියන්නේ අපේ ජීවිතේට බලපාන දෙයක්..ඒක නිසා නිතරම "අසරනයා" කියලා ඔයාට කතා කරන එකට මම කැමති නෑ..අපි කවුරුත් අසරන නෑ.
අසාර්.. හික් හික් නියම නම.
Delete@Chathuranga Perera
ReplyDeleteඅහා.එහෙමද..ඒකත් හොඳ සම්මානයක්..කොහොමටත් අපි මේ (මම ) ලියන පිස්සු විකාර කියවන්න කෙනෙක් ඉන්න එකම මදෑ..ස්තූතියි ඔයාට Chathuranga.
@හිතුවක්කාරි...
ReplyDeleteගොඩක් ස්තූතියි හිතු..ඔව් අම්මා කියන්නේ අම්මම තමා
ලස්සන කථාවක්.....
ReplyDelete@ඔබ නොදුටු ලොවක්....
Deleteස්තූතියි ඔයාට ගොඩක්