Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 12, 2012
~~~~~සිතුවම~~~~~

බොහෝ කල් සිට
ඉතා වෙහෙසව
සිත්තමක් මම අඳිනවා.
කොහොම ඇන්ඳත්
කොහේ හෝ එහි
පුංචි අඩුවක් තියෙනවා...
ගොඩක් අයගෙන්
අඩුව කොහිදැයි
මමත් නිතරම අහනවා.
මටත් නොදැනිම
මගේ සිතුවම
දිනෙන් දින දැන් දිරනවා..
හෙටත් එය ගෙන
පුරුදු ලෙසටම
අඩුව කොහිදැයි සොයනවා.
කෙතෙක් හෙව්වත්
මටම වැටහෙන
හිස් බවක් මම දකිනවා..
ජීවිතය පුදුමාකාරයි..මිනිස් සිත් ඊටත් වඩා පුදුමාකාරයි...මනස කියන්නේ අරමුනක් හොයාගෙන ඉන්ද්‍රියන් වෙත දුවන දෙයක්ලු..ඉතින් දුවන දෙයකට තමන් දිහා බලන් ඉන්න ඉඩක් වෙලාවක් නෑ..
ජීවිතේ මොන තරම් දේවල් දැක්කත් හමු උනත් අපි සෑහීමකට පත් වෙන්නේ නෑ..මොකක් හරි අඩුවක් දකිනවා..හිස් බවක් අඩුවක් නැති මිනිස් හිතක් තියෙනවනම් ඒ බොහොම කලාතුරකින්..
~~හිස් බවක් නැති හිතක් සුන්දරයි~~
සිත්තමක් මම අඳිනවා.
කොහොම ඇන්ඳත්
කොහේ හෝ එහි
පුංචි අඩුවක් තියෙනවා...
ගොඩක් අයගෙන්
අඩුව කොහිදැයි
මමත් නිතරම අහනවා.
මටත් නොදැනිම
මගේ සිතුවම
දිනෙන් දින දැන් දිරනවා..
හෙටත් එය ගෙන
පුරුදු ලෙසටම
අඩුව කොහිදැයි සොයනවා.
කෙතෙක් හෙව්වත්
මටම වැටහෙන
හිස් බවක් මම දකිනවා..
ජීවිතය පුදුමාකාරයි..මිනිස් සිත් ඊටත් වඩා පුදුමාකාරයි...මනස කියන්නේ අරමුනක් හොයාගෙන ඉන්ද්‍රියන් වෙත දුවන දෙයක්ලු..ඉතින් දුවන දෙයකට තමන් දිහා බලන් ඉන්න ඉඩක් වෙලාවක් නෑ..
ජීවිතේ මොන තරම් දේවල් දැක්කත් හමු උනත් අපි සෑහීමකට පත් වෙන්නේ නෑ..මොකක් හරි අඩුවක් දකිනවා..හිස් බවක් අඩුවක් නැති මිනිස් හිතක් තියෙනවනම් ඒ බොහොම කලාතුරකින්..
~~හිස් බවක් නැති හිතක් සුන්දරයි~~
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,387
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
තමන්ට කොච්චර දේවල් තිබුණත් මිනිස්සු හරිම අතෘප්තිමත්... ඒකයි හිස් බවට හේතුව.....
ReplyDelete@Ice
Deleteඔව් ඒකම තමා..අපෙ සිත් සම්පූර්ණ වෙන්නේ නෑ කවදාවත්!!
ආවට ස්තූතියි ගොඩක්..
'හිස් බවක් නැති හිතක් සුන්දරයි'
ReplyDeleteහිත සම්පුර්නෙම්ම හිස් වුනොත් ඊටත් වඩා සුන්දරයි
@ Observer..
Deleteඑහෙම වෙයිද..හිතක් සම්පුර්ණයෙන් හිස් වෙන්නේ රහත් උනාම නේද..ආවටත් සටහනක් තිබ්බටත් ගොඩක් ස්තූතියි
ජීවිතයේ සිත්තමද? ඒක නං කොච්චර හොදට ඇන්දත් අඩුවක් තියනව. එකතැනක් හදනකොට තව අඩුවක් පේනව.
ReplyDelete@ Raj..
Deleteඔව් රාජ් එක මහ අමාරු සිත්තමක්..කවදාවත් සම්පූර්ණ වෙන්නේ නෑ..ආවටත් සටහනක් තිබ්බටත් ගොඩක් ස්තූතියි
බැදීම් නැති වෙන තරමට ජීවිතේ සුන්දරයී.ඕනවට වඩා කාටවත් පපුව ඇතුලට එඹෙන්න දෙන්න නරකයී. තනියම ඉන්න තරමට දුක අඩුයී. බැදීම් අපිව අඩවනවා. අපිව රිද්දනවා. එතකොට දැනෙන දුක හරිම වේදනාකාරී.
ReplyDeleteඔබාමාමා කිව්ව වගේ හිත සම්පූර්ණයෙන්ම හිස්වුනහම තවත් හොදයී.
@ Batti..
Deleteබටිටී ඇතුලට එන්න නොදී ඉන්නේ කොහොමද..අපිත් නොදැනිම සමහර අය අපේ ජීවිතේ ලොකු තැනක් අයිති කරගන්නවා..එයාල අපෙන් ඈත් වුනාම දැනෙන හිස් බව දරා ගන්න බෑ..ආවට ස්තූතියි ගොඩක්...
මිනිස්සුන්ගෙ හැටිනේ....
ReplyDelete@~තරූගේ ලෝකය~~;
Deleteමිනිස් හිත්වල හැටි තරූ..ආවට ස්තූතියි ගොඩක්..
අවසානයේ ලිය උන දේත් එක්ක මම එකගයි.. කොච්චර පරිපුර්ණ උනත් මොකක් හරි අඩුවක් අපි ජීවිතේ දකිනවා...
ReplyDelete@ Dinesh..
Deleteම්ම්ම් දිනෙෂ්..ස්තූතියි..මමත් ඒකම හිතනවා
ඒ කවියේ අමුතු ගතිය තියෙනවා.හැම දාම මොනයම් දෙයක් හරි බලොපොරෝත්තුවෙන් ඉද්දි ඔය වගේ දානවා..අපිම දන්නේ නැහැ මොනවද අපිට ඕනේ කියල..
ReplyDelete@අසාර්..(හි හි..ලස්සන නම නේද )
Deleteකවුද මොනාද දාන්නේ අසාර්..කවිය කියෙව්වට ස්තූතියි ගොඩක්..ඔයා හැමදාම මාව අප් කරනවා..
මුලු ජීවිතේම හැමදාම කොහේ හරි හිස් තමා... ඕක කවදාවත් පුරවලා ඉවර කරන්ඩ පුලුවන් මලදානයක් නෙමේ.. කරන්ඩ පුලුවන්නම් ඉතින් හොඳම දේ සම්පූර්ණයෙන්ම් හිස් කරලා දාන එක.. ඒක ඉතින් මාරම අමාරුයි...අමාරුවෙන් හරි කරගත්තොත් ගොඩ..
ReplyDelete@Senna..
Deleteහි හි..සෙන්නාට නම් හොඳටම කේන්ති ගිහින් හිතත් එක්ක..ඔන්න ඔහේ කාට හරි දීලා දාන්න..එතකොට වදයක් නෑ නේ..
ඕක ඉතිං මනුස්ස ගතියනේ.....මාර්ගපල ලබන්න ඕනේ ඉතිං ඕවා නැතිවෙන්න...
ReplyDelete@ඔබ නොදුටු ලොවක්...
Deleteඔන්න එහෙනම් මම අද ඉදන් උත්සහ කරනවා..හම්බ උනොත් ඔයාලටත් කියන්නම්
This comment has been removed by the author.
ReplyDeleteසිත්තමක් නම් ජීවිතේ...
ReplyDeleteපින්සලයි ඔබේ ආදරේ...
එහි පාට ඔබේ රූ ලදේ...
ඔබ නැතිව සිතුවම් කොහේ...
ඇගිලි තුඩු අග
ඇදෙන සිත්තමේ
පාට ගලපනු නම් බැරි
ඔබේ ලගදී
දැනෙන උනුසුම
සිත්තමේ නම් නෑ යෙදී...
ගොඩාරියක් දුර ඉන්න ආදරේ සිහිකරලා මම සිත්තමක් අදින්න ගන්නවා හැබැයි මම අදින්නේ මගේ හිතේ.පින්සලක් අත නොමැති මට ඔයාගේ ආදරේ හොදටම ප්‍රමාණවත් සිතුවම අදින්න.ඇගිලි තුඩු එහෙ මෙහෙ දුවන්නේ පාලනය කරගන්න බැරිව.හැබැයි කොයිතරම් ලස්සනට සිතුවම ඉවර කරත් හැමදාටම එකම එක අඩුවක් ඉතුරු වෙනවා.....
ඒක වෙන කාටවත් දැනෙන්නේ නෑ....මගේ ලග ඔයා නැති පාළුව දැනෙන්නේ මටම විතරයි.ඔයා ලගදි මට දැනෙන උනුසුම මම ඇදපු සිතුවමෙන් ලැබෙන්නේ නෑ රත්තරන්......
(මේ කවිය කියෙව්වාම මට මගේ ජීවිතේ හිස්කම දැනුනා ගොඩක්...මේ කවිය ලියන්නේ ඒ හිස්කමෙන් බලන්න ඔයාගේ සිත්තමේ දැනෙන හිස්කමත් මේකමද කියලා)
මම මේ කවිය ලියුවේ දුර ඉන්න මගේ දරුකමට හදාගන්න ඉන්න දැරිවිව මතක් වෙලා හි හි ඔයාගේ කවිය මාව සිතුවිලි සයුරක ගිල්ලුවා හි හි ස්තූතියි අක්කේ ජය වේවා
@ගැමියාගේ පත් ඉරුව..
Deleteලස්සනයි මල්ලි..ඔයාගේ කවිය මගේ එකට වඩා හොඳයි..කොහොමටත් මම කිවිඳියක් නෙමෙයි..
හී...ඔයා දැන්මම දරුකමට බබෙක් ගන්නද යන්නේ..ඇයි ඉතින් ගෑනු බබෙක්ම..හි හි..මමත් එයාව ආදරෙන් මතක් කරා කියන්නකෝ..ඔයාට ගොඩක් ස්තූතියි හැමදාම දෙන දිරියට..
@ Andare...
ReplyDeleteආවට ස්තූතියි ගොඩක්..
අපි සමහර විට පිරිලා කියලා හිතන දෙවල් ඇත්තටම පිරිලා නෑ.ඒ තරම්ම හිස් තමා. එහෙමයි කියලා තේරුනු වෙලාවෙ ඉදලවත් ටික ටික හරි පුරව ගන්න උත්සාහ කරන්න ඕනෙ කියලා තමා මම හිතන්නේ.ඒත් ඒකත් ලේසි නෑ හිතන තරම්ම.මොකද සමහර වෙලාවට අමාරුවෙන් පුරව ගත්ත දේත් විසික්කරලා දාන්න වෙන වෙලාවල් එනවා.ඒත් එහෙම හිස් වුනත් ඉක්මණින් පුරව ගන්න කියලා තියෙන හැම ජරාවම එකතු කර ගන්න ඕනෙත් නෑ..
ReplyDeleteමට නම් තාම ජීවිතේ හිස් බවක් මහැ පරිමානෙන් දැනිලා නෑ.සමහර විට මහා ලොකු ටාගට් නැති නිසා වෙන්නැති..:D
ඔව් හිස් බවත් එකිනෙකාට සාපෙක්ෂයිනේ..ඉතින් සමහරුන්ට ලොකු හිස්බවක් අනිත් අයට පොඩි හිස් තැනක් දැනෙනවා වෙන්න පුලුවන්..
Deleteඅනේ "නාකියා" කියලා කියන්න මට හිතට හරි නෑ..මම "නායා" කියන්නම්... ස්තූතියි කමෙන්ට් කරාට..
හිතක් හිස් බවෙන් තියන එකට වඩා ගොඩාක් වේදනා දෙන දෙයක් තමා හිතට ඇවිත් බලෙන් පදිංචි වෙලා..හිත කඩල බිඳල දාල යන එක..ඒ නිසා හිස් හිත මට හොඳයි....
ReplyDeleteඔව් කිරිල්ලියේ ඒක නම් දරාගන්න බැරි දෙය්ක් තමා..කෙනෙක් ඉඳලා ගියම ඇතිවෙන් හිස්කම දරාගන්න ගොඩක් අමාරුයි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇඳපු සිත්තම
ReplyDeleteදිනෙන් දින තව
දිරණ බව නොම
සිතාපං..
හොයන හිස්කම
හම්බ වෙනකං
කුරුටු බලි එහි
ලියාපං..
පොඩ්ඩගේ කවි මම ලියන විකාර වලට වඩා ලස්සනයි..ස්තූතියි පොඩ්ඩෝ
Deleteමේ රිප්ලයි කරන එක ආයිත් වැඩ කරන්නේ නෑ අයියෝ
ReplyDeleteඅපේ ජීවිත වල ලස්සන පැත්ත පැත්තකින් තියලා.. අඩුපාඩු පැත්ත ගැන හිතන්නෙ අනිත් අය ගෙ සිතුවම් ලස්සනයි කියලා හිතලා.. ඒත් ඒ තුලත් අඩුපාඩු තියෙනවා.. අපි දකින්නෙ නැති... :)
ReplyDeleteහිත රැඳුන ලස්සන අදහසක්.. :)
ඔව් නන්දු..අපි හැමදාම අපේ සිතුවමේ හිස් බව දකින ගමන් අනුන්ගේ සිතුවම් වල පිරුන බව දකිනවා..
Deleteලස්සනයි..ඇත්තටම දුවන හිතකට අපි දිහා බලන් ඉන්න කොහේද ඉඩක් වෙලාවක්..
ReplyDeleteඅපි හැමදාම හිතත් එක්ක දුවනවා නේද
Deleteකොතෙක් ලදුවත් සැනසුමක් නැති
ReplyDeleteඅරුමරක් ලෙස දැනෙනවා
හිතේ ගති දිය කර හරිනු බෑ
කෙලෙස් පසු පස දුවනවා
ලස්සනයි කුමාරිහාමි!!!
ස්තුතියි මීගොඩයට..
Delete