Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 7, 2011

කුමාරිහාමි 1





 මම ඉපදුනේ මාතලේ..

ඒත් අප්පච්චිගේ රස්සාව නිසා අපි කෑගල්ලට පදිංචියට ආවා..

ඒත් මම නම් ආස මාතලේට..අත්ත්ම්මලා ගේ තියෙන්නේ කන්දක් උඩ. ඒකට ඒ පැත්තේ අය කියන්නේ "දුනුකේ වලව්ව" කියලා..

 අත්තාගේ අප්පච්චි ඒ කාලේ රටේ මහත්තයෙක්ලු... අත්තා නම් රස්සාවක් කරේ නෑ..ඒයාගේ වතුපිටි බලන් හිටියා.

අත්තම්මා නම් දැනුත් කියන්නේ "මොල්ලිගොඩලා රට පාවලා දුන්නේ නැත්නම් අපි අදත් මේ රටේ ඉහල තැන්වල ඉන්න උදවිය" කියලා

එහෙම කියන්නේ අත්තම්මලා ඇහැලෙපොල අධිකාරම්ට නෑකම් තියෙන නිසයි කියලයි අපේ අම්ම කිව්වේ...

 ආත්තම්මා මොනවා කිව්වත්. අපේ අප්පච්චිට විශ්ව විද්‍යායලයේදී අපේ අම්ම මුන ගැහිලා අම්මා එක්ක විවාහ නොවුනම් අපිත් නෑ කියලයි අපේ අක්කා කියන්නේ..

 මට ඉන්නේ එකම අක්කෙක් විතරයි..අපි දෙන්නා තමා අපේ දුක සැප බෙදා ගන්නේ..

 අක්කා ගොඩක් ලස්සනයි..ඒක නිසාම එයා හරිම ආඩම්බරයි..

 අත්තම්මා අක්කා දැක්කම කියන්නේ.."ඇහැලේපොල මහ කුමාරිහාමිත් තරුන කාලේ මේ වගේම ඉන්න ඇති කියලා"

 අම්මා නම් කියන්නේ ඇහැලේපොල කුමාරිහාමි කෙසේවෙතත් අක්කගේ ආඩම්බර කම නිසා බඳින්න කෙනෙක් දැන්ම හොයාගත්තේ නැත්නම් අක්කටත් වෙන්නේ නැන්දම්මලා දෙන්නා වගේ ගෙදරට නාකි වෙන්න තමා කියල.

 අම්මා නම් කියන්නේ ඇහැලේපොල කුමාරිහාමි කෙසේවෙතත් අක්කගේ ආඩම්බර කම නිසා බඳින්න කෙනෙක් දැන්ම හොයාගත්තේ නැත්නම් අක්කටත් වෙන්නේ නැන්දම්මලා දෙන්නා වගේ ගෙදරට නාකි වෙන්න තමා කියල.

 ඇහැලේපොල මහ දිසාව අත්තමගේ පැත්තෙන් නෑයෝ වෙනවා කිව්වට මම නම් කවදාවත් ඇහැලේපොල වලව්ව ඇතුලට ගිහින් නෑ..ඒකේ තියෙන අමුතු අද්භූත කමටයි..තව මොකක්ද විස්තර කරන්න බැරි පෙනුමකුයි නිසා මම ඒකට ටිකක් බයයි.

 අනිත් එක මම අහන් ඉඳලා තියෙනවා අත්තම්මලාගෙ වලව්වේ වැඩට එන ඩිංගිරි, අත්තම්මා එක්කල කියනවා මහ කුමාරි හාමි තාමත් ඉඳලා හිටලා පාන්දර වලව්වේ පැත්තට අඩාගෙන දුවගෙන එනවා කියලා.. ඩිංගිරි ඒක කියන්නේ ඇස් උඩ තියන්

"අපොයි අපේ මැනිකේ දරු දෙන්න කඩුවෙන් කපලා මරලා. දොනියැන්දා වනේ කොටනකොට අම්මෙක් කොහොම ඉවසන් ඉන්නද..එකමයි මහ කුමාරි හාමි රජාට සාප කරයි කියන්නේ"...

ඇහැලේපොල කුමාරි හාමි වැවට බිලි කරන්න කලින් රාජ්සිංහ රජ්ජුරුවන්ට සාප කරපු බව මාත් අහල තිබුන..

ආයිත් එන්නම් මේ විස්තර කියන්න..අදට ඇති.



0 comments:

Post a Comment

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...