Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 11, 2011

ප්‍රේමයයි ..වෛරයයි..

http://www.gossiplankanews.com/2011/12/love-blast-at-hambegamuwa.html

ආදරය කරපු හිතකින්ම වෛර කරන්න පුලුවන්ද කියලා හිතුවට..

 ඇත්තෙන්ම ගොඩක් අයගේ ප්‍රේමය බිඳ වැටුනම ඉතිරිවෙන්නේ වෛරයක් විතරයි..


අඩුම ගානේ තමන්ව හැර ගිය කෙනාට පුංචි පුංචිම වැරැද්දක් හරි කියන්න ඕනෙම කෙනෙක් හිත යටින් කැමතියි.ඒක මිනිස් ගතිය වෙන්න ඇති.(මේ කියන මම උනත් එහෙම තමා)

ඒත් අපි ආදරේ කරපු කෙනා අපෙන් ඈත් උනාම ඒ කෙනා දිහා කරුණාවෙන් හිතල එයා එක්ක තිබ්බ බැඳීම ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන් නම් අපේ හිත් වලට ලොකු සැනසීමක් ලැබෙයි.

ඇත්තෙන්ම අපි ආදරයක් අහිමි වීමෙන් වැලපෙන්නේ අපිටම තියෙන ආදරය නිසා නෙමෙයිද.

 ඒ කෙනා අපෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියාම අපිව අමතක කරාම අපිට හිතෙනව අපිව නොසලකා හැරිය,"මට වඩා වෙන කෙනෙක්ට එයා ආදරේ උනා" කියල..ඒ හැඟීමෙන් අපි විඳවනවා..

 හිත වෛරයෙන්,කලකිරීමෙන්,ආත්මානුකම්පාවෙන් වැලපෙනවා.ඒත් අපි අපේ වටිනාකම තෙරුම් අරන් අපේ හිත හඩාගත්තනම් කවදාවත් අපිව දාල ගිය අය කෙරේ වෛරයක් එන එකක් නෑ..


කරල බලන්ට..

2 comments:

  1. ඔයා හිතන්නෙත් මම වගේමයි :)

    ReplyDelete
  2. @සිත්...මමත් මෙහෙම කරන්න උත්සහ කරනවා..ඒත් හරිම ආමාරුයි..ගොඩක් වෙලාවට අර කෙනා ගැන තරහකුයි ඒ කෙනාව අයිති කරගත්ත කෙනා ගැන ඉරිසියාවකුයි එන එක වලක්වන්න හරිම අමාරුයි...

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...