Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
වලව්වේ පිය ගැට පෙල
-
▼
2011
(31)
-
▼
December
(31)
- පුංචි කුමාරිහාමි - 05
- බලා හිඳිමි...
- පුංචිගේ කිරි බෝතලේ
- පුංචි කුමාරිහාමි - 4
- ඇය ගැහැනිය...
- පුංචි කුමාරිහාමි 3
- පුංචි කුමාරිහාමි 2
- ප්‍රේමයයි ..වෛරයයි..
- කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අස...
- ලද පෙම හිත තුල නුඹ සිත මට වෙද විද හල පෙති මත සිඳ බ...
- ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ.. ඒත් මොනා හරි ල...
- කුමාරිහාමි 1
- මමත් ඇඬුවලු ඉකි ගහ ගහ සපත්තු ඉල්ලලා දවසක.. ඒත් අද ...
- ජීවිත වන්දනා ගමනේ කෙලවරට අප පැමින සිටියෙමු.. මා ඔබ...
- ජීවිතයම වැරද්දක් කවදාවත්ම හදන්න බැරි... ඔබේ ආදර උ...
- විඩාවට නිදිවැටුන හිනාවට කරුන කිම විලක නිල මැසි කොහ...
- බලන් සඳ වත නුඹේ හැඩ වැඩ විලේ දිය මත සිතුවමක් ලෙස.....
- අතු පතර විහිද ගිය විසල් තුරු සෙවන යට කුඩා බිම්මලක්...
- කවි ලියපු කවි හිතම මට නැති උනේ කොහොම අරන් යන්නට ගි...
- ගිනි ගත්ත ජීවිතය නිවාලන ආදරය දුරින් මුත් සොඳුරු ...
- මම කවුද නොදැන නුඹ ලඟින් හිඳි කාලයෙම හදවතේ අඩු නැත...
- ගත ගිලන්ව යහන මත වැටී ඉමි අසරනව නුඹේ මතක මා ලඟම ස...
- ආදර දියෙන් පුරවන්න මට කවදාවත්ම නොහැකි ඔබේ සිතත් ම...
- පුංචි නිදිකුම්බා මලකටත්දුක හිතෙන්නේ නැතිවද අහිංසකය...
- බාලේ ඉඳන් බැඳි සෙනෙහේ බිඳුනාද දෙදෙනා එක්ව ගිය මග ම...
- වියැකී යනරූ සපුව රකින්නටබෑ තව කලක්මලානික දෑසට නැගේ...
- මහපොලව සේමදරන් උන්නාදුකමඅව්ව වැස්ස කුනාටුමැද අකම්ප...
- අනේ ඇත්තටමහිතක් පපුවක්ඇත්තෙම නැති හැටිඋදේට නගිනවිත...
- සමහරුන් එතිආ විගස යතිතවත් අය සිටීසිටියත් නොසිටියා ...
- ඇහි පිල්ලමක් යට කඳුලු බිංදුවක් වහින්න ලං උන අහසක්
- අප්පච්චි
-
▼
December
(31)
Dec 30, 2011
පුංචි කුමාරිහාමි - 05
මට සිහිය එනකොට මම හිටියේ අපේ කාමරේ ඇඳ උඩ..
අම්මගේ ඉකිගැහීමත් අක්කගේ විලාපයත් මට හීනෙන් වගේ ඇහුනා.ඒත් ඒ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා..
මම නැගිටලා සාලෙට ගියා.සාලේ බඩු ඔක්කොම අස් කරලා..බිත්තිවල ගහලා තිබ්බ පොටෝ ඔක්කොම ගලවල. මම අම්මා ලඟට කිට්ටු වෙලා අම්මගේ ඇඟට හේත්තු උනා..
"අනේ චූටි දුවේ අප්පච්චි අපිව දාලා ගියා" කියලා අම්මා කිව්වේ කෑ ගහලා.
මට ඒක් ඇහුනේ හරියටම අතීතෙන් එන හඬක් වගේ..
ඒ විදියෙම විලාපයක් මම ඊට කලින් අහලා තිබ්බා වගේ මතකයි..මගේ මතකයට කිසිම දේයක් ආවේ නෑ..ඇත්තෙන්ම කියනවනම මට කිසිම දෙයක් දැනුනේ නෑ.
අත්තම්මලා නැන්දල්ලාත් මගේ දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ.
මම ඊලඟට අක්කා දිහා බැලුවා..
"අනේ නංගියේ අපට ඉතින් ආයේ අප්පච්චි කෙනෙක් නෑ" කියලා අක්කා කිව්වේ මාව බදාගෙන.
"අනේ මගේ අප්පච්චී" කියලා කෑ ගහනවා එක්කම මට ආයෙමත් සිහි නැති උනා
අප්පච්චිව හවස ගෙදර ගෙනාවා..මම නම් එයාව බලන්න කොහෙමත් සාලේට ගියේ නෑ.
අක්කයි අම්මයි විලාප තිය්න්නවා මට හීනෙන් වගේ ඇහුනා.
මම හොරෙන් දොර රෙද්ද අස්සෙන් අප්ප්ච්චි දිහා එක පාරක් බැලුවා.එයා ආසම එයාගේ කලු කෝට් ඇඳුම ඇඳලා..
අප්ප්ච්චි ඒක ගත්තේ අප්පච්චිගෙ ලඟම නෑයෙක්ගේ මගුල් ගෙදරකට.එදා අප්පච්චි කිව්වා
"මගේ මගුල් ගෙදරටවත් මම මේ තරම් හොඳ එකක් මැහුවේ නෑ" කියලා
"එහෙනෙම ආයෙත් මඟුල් ගෙයක් ගන්න බැරි යැයි" කියලා අම්මා හිනාවුනා
"දැන් ඉතින් අවමගුල තමා"
කියල එදා අප්ප්ච්චි කියද්දි මම හිතුවෙ නෑ එයා අයෙත් මේ ඇඳුම අදින්නෙ එයාගෙම අවමගුලට කියල
අප්පච්චි නැතිවෙලා තියෙන්නේ පපුවේ ආමාරුවකින්..හදවතේ අසනීපයක් කියලා තමයි තීරනය කරලා තියෙන්නේ..
අප්පච්චි ඉස්කොලේ ඉද්දිම හදිසියේම ආපු පපුවේ අමාරුවක් නිසා රෝහලට ඇතුල් කරලා..ඒ වෙනකොටත් අප්පච්චි මියගිහින් කියලා තමා වෛද්‍ය වරු නම් කියලා තියෙන්නේ.
අප්පච්චි ඉස්සරම ඉඳලා පැවැතෙන කුලවත් පරම්පරාවක අවසාන පුරුක..
අත්තම්මයි අත්තයි අප්පච්චිව ජීවත් කරවගන්න ගොඩක් මහන්සි උනාලු..ඒ පවුලට හම්බ වෙන හැම පිරිමි ලමයෙක්ම අකාලේ මිය යන නිසා.
අත්තාගේ කාලේ වෙනකොට රටතොට වෙනස් වුනා.කවුරුත් නින්දගම් වල වලව්වලට නිකන් බැල මෙහෙවර කරන්න ආවේ නෑ.
ඉස්සර රජ අන තමා ඒ නින්දගමේ අධිපතියට ඒ ගම් වැසියෝ සේවය කරන්න ඔනේ කියන එක.
ඉතින් සේවකයන්ගෙනුයි ඉඩ කඩම් වලුනුයි අඩුවක් නැති වලව්වල කුලවන්තයෝ බොහොම සැපවත් ජ්ජිවිතයක් ගත කරා අතට පයට දැසි දස්සන් එක්ක.
නින්දගම් කියන්නේ දලදාමාලිගාවට අයිති ගම්. ඒ ගම්වල ඉන්න සාමන්‍ය මිනිස්සුන්ගේ රාජප්කාරිය තමයි දළදාව ආරක්ෂා කරන්න සේවය කරන්න..පෙරහැරට අවශ්‍ය සේවය සපයන එක.
ගොඩක් වෙලාවට මේ ගම් වල අය පහත් කුලවල කියලයි සම්මත උනේ.ඒ ගමටම ඉන්න එකම කුලවන්තයෝ තමා වලව්වේ උදවිය
එත් රජවරු නැතිවෙලා ඉංග්‍රීසින් රට යටත් කර ගත්තට පස්සේ නින්දගම් ක්‍රමය නැති උනා.එහෙම උනායි පස්සෙ වලව්වලට බැලම්හෙවර කරන්න යන එකත් ඒ මීනිස්සු අතින් නතර උනා..පිරිස් බලයෙනුයි ධනබලයෙනුයි පිරිහුන වලව් දවසින් දවසම ගරා වැටුනා.
ඒ වගේ ගරා වැටුන පව්ලක ඉපදුන අපේ අප්ච්චි ගැන මගේ හිතේ ඇතිවෙන්නේ කියාගන්න බැරි දුකක්..
අප්පච්චි හැමදේම කරේ අපි ගැන හිතලා..එයාට තිබ්බ එකම සතුට අක්කයි මායි..ඒත් අප්ප්ච්චි අපි ගැන දුක් උනා මම අහගෙන සමහර දවස් වල අම්ම එක්ක කියලා දුක් වෙනවා
"කෙල්ලෝ දෙන්නට උගන්න ගත්තොත් මිසක් අපිට දෑවැදි නම් දෙන්න වෙන්නේ නෑ" කියලා..
අප්ප්ච්චි හැමදාම අත්තම්මයි නැන්දලයි අම්මයි අතරේ තැලුනා..අත්තම්මගේ පැත්ත අරන් අම්මගේ හිත රිද්දන්න අප්පච්චි කොහෙත්ම කැමති උනේ නෑ..
අප්පච්චි මිය ගිහින් කියන එක මට කොහෙත්ම විශ්වාස කරන්න බැරි උනා..හීනේන් සිද්ධ වෙන දෙයක් විදියට තමා මම හැමදේම දැක්කේ..
ඒ හැම වෙලාවකම මම පොඩි කාලේ ඉදන් හැමදාම හීනෙන් දකින මිනිස්සුන්ගේ අඩන වැලපෙන් හඬවල් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා

Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු4 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,358
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
අදමයි මේ පැත්තට ආවේ තවත් කුමාරිහාමි කෙනෙක්නේ......ජය,,,,,
ReplyDelete@Oba nodutu lovak..ස්තූතියි කොමෙන්ටුවට..මේ රටේ ඉන්නේ එකම කුමාරිහාමි කෙනෙක් නෙමෙයිනේ..ඒත් මේක කාගේවත් අනුකරනයක්වත් ෆේක් එකක්වත් නම් නෙමෙයි.
ReplyDeleteහරියන්නෙ නෑ අපිටත් නිලමෙ කෙනෙක්ම වෙන්න වෙනවා.... :D
ReplyDeleteඅපේ ජීවිත ගත්තම කොච්චර දුක්බර අවස්ථා තියනවද නේද?
ReplyDeleteඑකෙ වෙලාවකට හිතෙනෙව හැමෝගෙම ජීවිත මෙහෙමද කියල .
ඔයාගෙ සරල ලිවීමේ රටාව හරිම සිත්ගන්නා සුළුයි .
@Gimhani... ස්තූතියි ගිම්හානි..මම ඔයා ගැනත් මගේ බ්ලොග් එකේ ලිව්වා..මට මේ බ්ලොග් අවකාශයේ හමුවුන නිහතමානිම යාලුවන්ගෙන් කෙනෙක් ඔයා..
ReplyDelete@අනුරාධ..ඔයත් නිලමේ කෙනෙක් වගේ තමා..අලියයි වලව්වයි විතරයි අඩු...
ReplyDeleteshit i hate this one ...............matath oya wage aduru mathakayak thiyanawa .............mage memorys walin mn akamathima mathakak thama thaththa .............aka nisa thama mn mechchara pissu natanne ...........aka une naththan mn mitawawda hoda kollek ...........watever i hope u cn remember me um sanju smith.............fb friend gud luck
ReplyDelete@ Good baba...ගොඩක් ස්තූතියි සංජු ආවටත් අදහස් කීවටත්..මම දන්නවා දරුවෙකුට තාත්තෙක්ගේ තියෙන අගේ..ඔයා වගේම මාත් ඒකෙන් විඳවනවා..ගොඩක් කනගාටුයි..
ReplyDeleteලස්සනට ලියලනේ... සුබ පැතුම්... මම දිගටම එනවෝ.........
ReplyDelete@සම්මානි..ඔහ් ඔයත් ඇවිල්ලනේ..ස්තූතියි සම්මානි..කොහෙද මෙයාලා එනකොට මම වලව්වේ නෑනේ..හිටියනම් තේ ටිකක්වත් දෙනවනේ(ඔය කිව්වට මම හදන තේ බොන්න මටවත් බෑ)
ReplyDelete