Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 2, 2012

මල් ...




හැමෝම අලුත් අවුරුද්ද සැමරුවා..

හරියට ලෑස්ති උනා පිලිගන්න..ඊයේ දවසම සුභ පතාගත්තා..

පරක්කු වෙලා හරි ඔන්න මමත් මගේ යාලුවන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා..

බ්ලොග් අවකාශයට නම් මම තාම අලුත් ඒක නිසා ගොඩක් මිතුරු මිතුරියෝ මට නෑ.
ඉන්න කීප දෙනාගෙන් හමුවුන හොදම මිතුරියක් තමා ගිම්හානි.. 

ඇය කිසිම ලෝබ කමක් ආඩම්බරයක් නැතිව මට සුභ පැතුවා..

අනිත් යාලුවොත් මාව අගය කරා..මම තාම බ්ලොග් අවකාශයේ ඉපදිලා සති 3ක් විතරනේ..ඒක නිසා හරිම පුංචියි. මට වඩා ලොකු අක්කලා අයියලාගේ උපදෙස්,අවවාද මට ඔනේ..ඒවා ඔක්කොම සතුටෙන් භාරගන්නවා.

ගතවූ වසර ගැන හිතනකොට හැමෝම තමන්ගේ ජීවිතේ පසු විපරම් කරා..වාර්ථාවලුත් හැදුවා..

ඒත් පුංචිට නම් එහෙම විශේෂ දෙයක් තිබ්බේ නෑ..ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවිලා ගියා..

හැමෝටම උරුම සතුට කඳුල..උරුම උනා..පුංචි කොහොමත් ජීවිතය දිහා බලන්නේ මද්‍යස්තව..

ලැබීම උරුමය කියන දේවල් සමහර අය විශ්වාස කරන්නේ නෑ තමයි..ඒත් මම හිතනවා ජීවිතයේ සමහර දේවල් සිද්ධ වෙන්නේ ඒ ලැබීම්,උරුමය අනුවයි කියලා...

අපි මොනතරම් දැඟලුවත් මල් පිපෙන්නේ නැති ගස්වල මල් පුබුදන්න අපට පුලුවන්ද...

මල් ගැන කිව්වමයි මතක් වෙන්නේ මල් කිව්වම එක එක වර්ගයේ මල් තියෙනවනේ..
දැන් අපේ අයට ගොඩක් තියෙන්නේ ඔන් ලයින් මල්..

ඔය ඔන් ලයින් මලක් කඩන්න ගිහින් යෞවනයා  
නම් හොද වැඩක් වෙලා තිබ්බ කියල මම දැක්ක පහුගිය දවස්වල 

අනේ සාදු..හැමෝටම මල් ඔහොම වෙනවනම් ඔන්ලයින් මල් ඒපා කියයි අපේ අය.

මල් නම් ඉතින් කතා කරන්න ආසම හිතෙන මාතෘකාවක් නේ. ඒ වගේම තමයි මල් කඩන්නත් අපේ කට්ටිය හරිම ආසයි.
නිකන් නෙමෙයි කඩන්න ගත්තම මල් වතු ගනන් තමයි කඩන්නේ..

(පුංචිත් එහෙමද..?..අපෝ ඒවා අහන්න එපා)

ඉස්සර අක්කටයි මටයි තිබ්බා මල් වවන පිස්සුවක්.

අපේ අම්මා හරිම ආසයි මල් වලට..අම්මා මුලු වත්තම පිරෙන්න මල් වැව්වා..

අප්පච්චි කිව්වේ අපිට කන්න දුන්නේ නැතත් අම්මා මල් වලට නම් කන්න දෙයි කියලා..ඒ තරම් අම්මා මල් වලට ආදරෙයි.

ඉතින් අක්කයි මායිත් තරඟෙට මල් හිටෙව්වා..අක්කා හිටවපු ගස් වල ඉක්මනට මල් පැලවෙනකොට මට තරහයි.

.ඊට පස්සෙ මම පුරුදු උනා කාගේ ගහද ඉක්මනට පැලවෙන්නේ බලන්න..හැමදාම අක්කා හිටවන රෝස අතු මුල් ඇදලාද කියල ගලවල බලන්න පටන් ගත්ත එක නතර උනේ අම්මගෙන් ටොක්කක් කාලා.



එහෙනම් ඉතින්
අපේ යාලුවෝ හැමෝටම මල් මල් නව වසරක් වේවා කියලා මමත් පතනවා!!!!!!!!!!!.

24 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සුබ නව වසරක් ඔයාටත්!!!!

    ReplyDelete
  3. ඔයාටත් නදී..සුභම අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. ඔන්න මාත් පරක්කු වෙලා හරි සුබ නව වසරක් වේවා කියනවා.
    එසේම ඉක්මනටම ලොකු වෙන්න කියලා ඉල්ලා හිටිනවා ...

    ReplyDelete
  5. ඔන්න මාත් පරක්කු වෙලා හරි සුබ නව වසරක් වේවා කියනවා.
    එසේම ඉක්මනටම ලොකු වෙන්න කියලා ඉල්ලා හිටිනවා ...

    ReplyDelete
  6. සුභ අවුරුද්දක් වේවා..ඔයා වලවුවකද ඉන්නේ..ඒත් අසරනයෝන්ට පිහිට වෙන්නේ නැද්ද..

    ReplyDelete
  7. @Kumaraya ස්තූතියි කුමාරයාට.කුමාරයෙකුත් අපිව බලන්න මෙහෙ ආපු එක නම් හරිම පුදුම දෙයක් තමා..ඒ මදිවට කමෙන්ට් කරලත් ගිහින් නොවැ..ස්තූතියි කුමරානෙනි...

    ReplyDelete
  8. @අසරනයා... අසරනයි කිව්වට කිසිම අසරන කමක් පෙන්නේ නෑ නේ..අනේ මේ කුමාරිහාමි ගරාවැටුන වලව්වක නටබුන් අතරේ ඉන්න කෙනෙක්..කොටින්ම සින්ඩරෙල්ලා වගේ තමා..ඒත් ඉතින් අසරනයෙක් උදව්වක් ඉල්ලුවොත් පුලුවන් දෙයක් නම් කරනවා ඔන්න.

    ReplyDelete
  9. කුමාරි හාමි වැඩ අල්ලල වගේ... මම මේ නමින් එහ්චර නොදන්නව උනාට ඇත්ත නමින් මූනුපොතේ මාව මතක ඇති කුමාරිහාමිට...

    බ්ලොග් අවකාශෙට සදරෙන් පිලිගන්නවා.... ඔබතුමීගේ ආකල්ප එන්න මූනුපොතට වඩා මේක්දි පොඩ්ඩක් තදට අල්ලගෙන ඉන්න වෙයි....
    නැතිනම් ඉපදිච්ච ගමන් මැරෙයි...

    සයිබරයේ දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා...
    හොද නිර්මාණ අපට දකින්න ලැබේවා...

    ReplyDelete
  10. @පොඩි මෑන්.... මාත් එක්ක අමනාපෙන් වගේ..සොරි වෙන්න ඕනේ හොදේ..වැරදීම් කාටත් වෙනවා..ආයෙමත් රික්වෙස්ටුවක් එවන්නම්කෝ..අල්ලන් නම් දන්නේ නෑ..ඔහේ ඉතින් ඉන්නවා.මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි හොදේ

    ReplyDelete
  11. මල් කියලා දැකපු නිසා ආවේ...මම හිතුවේ වෙන මළක්....ජය වේවා....

    ReplyDelete
  12. @ඔබ නොදුටු ලොවක්.....
    ආවට ගොඩක් ස්තූතියි...අපොයි වෙන මල් මෙහෙ නෑනේ..

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා...දිගටම ලියන්න...ගූඩ්ලක්..!!

    ReplyDelete
  14. විවේචිකාවක් විදියට මගේ එකම අභිප්‍රාය ඔබ සැම දිරි ගන්වන්නයි.
    නවකයෙක් වූ ඔබට අනිත් අයට වගේම සහයෝගය දුන්න එක තමයි මම කලේ. ඔබගේ කුසලතාවයන් මම මුල සිටම හඳුනා ගත්තා. ගසක් හැදෙන්න වතුර , පොහොර, හිරු එළිය ඕන. නැත්නම් උපන් හැටියම මිය යයි.
    ඔබත ‍රැක ගත යුතු කෙනෙක්. දිගටම ලියන්න. සුභ පතනවා.

    ReplyDelete
  15. කිරිල්ලි ඇවිත් ගියාට ගොඩක් ස්තූතියි..ඔයාටත් සුභම සුභම අලුත් අවුරුද්දක්

    ReplyDelete
  16. @Gimhaani..ගිම්හානි ඔයාගේ විවෙචන මට හරිම ශක්තියක් නැවතත් ස්තූතියි ඔයාට..

    ReplyDelete
  17. ඔන්න මාත් වලවුවට ගොඩ උනා. සරලව ලියා තිබෙනවා. නවකයෙක් කියා හෝ ප්‍රවීණයෙක් කිය වෙන් කරන්න අමාරුයි ලියන්න ගත් කාලයෙන්. ගොඩක් කල් ලියන ඇතැම් අය ලියනා දේ වටහා ගන්නත් අපහසුයි. මෙහි එහෙම අපහසු බවක් නෑ.
    නව වසරට මගෙනුත් සුභ පැතුම්...!!!

    ReplyDelete
  18. අග්... පිස්සුවක් ඇතෑ.. අමනාපය කියන එක නෑ මගේ ලග..

    ඔබ තුමියගෙ සමහර ආදහස් වලය එකඟ නෑ මම. ඒක ඉතිං නිර්මාණ බලල රස විදින්න බාදාවක්වත් අමනාප වෙන්න හේතුවක්වත් නෙවෙයි

    :)

    ReplyDelete
  19. ප්‍රියන්ත ගොඩක් ස්තූතියි ආවට..අප්පේ හිටියනම් එන වෙලාවේ තෙ කෝප්පයක්වත් දෙන්න තිබ්බා..මොන කරන්නද සොරි හොඳේ..මම තාම ලර්නස් යනවා ලියන්න ඉගෙනගන්න..හොඳටම නවක තමා..ඔයාලගේ හිතවත් කම තමයි මාව කෙලින් කරන්නේ

    ReplyDelete
  20. @පොඩිමෑන් තරහ නෑ කිව්වා? අනේ එහෙනම් කොච්චර එකක්ද..මගේ සමහර ඒවට එකඟ නෑ කිව්වේ මොකෝ.කමක් නෑ කමක් නෑ ඔයා මේ පැත්තේ ආවා එකත් මදැයි මල්ලියෝ...

    ReplyDelete
  21. සුභ අලුත් අවුරුද්දක් වේවා කුමාරිහාමිටත්!!! දිගටම ලියන්න...:)

    ReplyDelete
  22. හිතූ..ඔයාව අමතක උනා නම් නෙමෙයි.මට මූනු පොත එපා උන වෙලාවේ ඔයානේ මගේ හිත හදන්න උදව් කරේ.ස්තූතියි මේ පැත්තේ ආවට...

    ReplyDelete
  23. සුබ නව වසරක් වේවා පුංචි කුමාරිහාමි.

    ReplyDelete
  24. ඔයාගේ මේ කතාව කියවනකොට මට මතක් වුනේ මම පොඩි කලේ කරපු වැඩක් එතකොට මට වයස අවුරුදු 4 විතර ඇතිලු.අපේ තාත්ති නුවරඑළියේ ගිහින් අම්මිට ගැනත් දීල ලස්සන රෝස අත්තක් හිටව ගන්න හරි අමාරුවෙන් තමා මේක හොයාගෙන තියෙනේ අපේ තාත්ති.ඉතින් කොහොම හරි අපේ අම්ම මේක හිටවල.පස්සේ දවසක මම එලියට වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට ඒ රෝස අත්ත පැල වෙලාද බලන්න ආසාවක් ඇවිත් මාත් එක ගලවල බල හිකි හිකි කුමාරිහාමි වගේම අම්මිගෙන් ටොක්කක් කල තමා අසව ඉවර වෙලා තියෙන්නේ

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...