Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 13, 2011

පුංචි කුමාරිහාමි 3


ජීවිතේ සමහර සිද්ධි කාලයත් එක්ක අමතක උනාට සමහර ඒවා හැමදාම මතකයේ තියෙනවා.මටත් සමහර සිද්ධි හිතාගන්නවත් බැරි විදියට මගේ මතකයේ තියෙනවා.

අපි අප්පච්චිගේ ගමේ වලව්වට ගියාට,අම්මා නම් ඒ ගමන් වලට වැඩිය සහභාගී උනේ නෑ..අත්තම්මා නම් අම්මට කිසිම වෙනසක් කරේ නෑ..ඒත් නැන්දම්මලා දේන්නට අපේ අම්මාව පෙන්නනම බැරි උනා..


පරන වලව්වක අකාලෙට මහලු වෙලා යන අම්මටත් වඩා වැඩිමල් නැන්ද්ම්මලාගේ සිතිවිලි දැන් තමයි මටත් තෙරෙන්නේ.

අත්තම්මා හැමදාම හිතුවේ වලව්වේයි පරංපරාවේ නම්බුවයි..ඒක නිසාම නැන්ද්ම්මලා දෙන්නෙක්ම ඔහේ ගෙදරට නාකි උනා.


අප්පච්චිගේ වැඩිමල් අක්කන්ඩිව නම් අත්තා ඉන්න කාලේම වීවාහ කරලා දීපු නිසා එයාට දරුවෝ හිටියා..ඒත් අපි එක්කනම් වැඩි ගනුදෙනුවක් තිබ්බේ නෑ..ඒ කාලේ ඒ මාමන්ඩිට වතුපිටි තිබ්බ නිලමේ කෙනෙක් උනාට දැන් කිසිම ආදායමක් නැතිව එයාලත් ජීවත් උනේ අසරන වෙලා



පොඩි නැන්දම්මලා දෙන්නා දැන් හොදටම වයසට ගිහින් ඒත් අත්තම්මා තාමත් එයාලට මගුල් හොයනවා



"මගේ ඇස් පියවෙන්න කලින් කෙල්ලෝ දෙන්නා පිලිවෙලක් කරේ නැත්නම් උඹලෑ අත්ත මට ඒ ලොකේදී සමාවක් දෙන එකක් නෑ..කොහෙද උඹලෑ අප්පච්චිට කිසිම උනන්දුවක් නෑ නෙව සහෝදරියෝ ගැන"...

අත්ත්ම්මාගේ සුපුරුදු කතාව නවතින්නේම අප්පච්චිගේ දොසක් කියලා..



අක්කා නම් කියන්නේ අත්තම්මාගේ පරන රෙකොඩ් නවතින්නෙ නෑ කවදාවත් කියලා..



"ඔය ගරා වැටෙන වල්ව්වේ නාකි කුමාරිහාමිලා ගෙනියන්න එන්නේ ඒ වගේම ගරා වැටුන කෙනෙක් තමා" අම්මා කියනවා..



අත්තම්මා මගුල හෙව්වට නැන්ද්ම්මලාට,ඒ එන උදවිය ඉල්ලන දෑවැදිවත් කියන්න තරම් විශේෂ උගත් කමක් වත් නැන්ද්ම්මලාට තිබ්බේ නෑ..

"ගෙදර උදව්වට ආපු ඩිංගිරියගේ කෙල්ලත් දීග ගිහින් එකිටත් දැන් දරු තුන්දෙනෙක්" කියලා දවසක් අප්ප්ච්චි එක්ක කියලා අත්තම්ම හීල්ලුවා...



අප්ප්ච්චි ඉගෙන ගන්න කාලේ අත්තම්මා වියදම් කරලා තියෙන්නේ එයාලට අයිතිවෙලා තිබ්බ ඉඩ කඩම් ගොඩක් උගස් කරලා..

අත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තිබ්බ සරුසාර කම ඔක්කොම අත්තගෙන් පස්සේ නැත්තටම නැතිවෙලා..



අප්ප්ච්චිගේ පරම්පරාවේ පිරිමි දරුවෝ හරිම හිඟයි.අප්ප්ච්චි ලඟට ඉපදුන බාප්පලා තුන් දෙනෙක්ම හරිම අභිරහස් විදියට මිය ගියා කියලයි අම්මා කිව්වේ..



"අපේ අප්පොලාගේ පරම්පරාවේ පිරිමින්ට ලොකු ශාපයක් තියෙනවා..ඔය ඇහැලේපොල කුමාරිහාමිගේ ශාපය" වලව්වේ උයන්න එන ඩිංගිරි රහසින් දවසක් එහෙම කිව්වා..



අත්තාගේ පරම්පරාව පැවැතගෙන එන්නේ මොල්ලිගොඩලගෙන් කියලා මම දැනගත්තේ පස්සේ..

11 comments:

  1. මේකත් පොඩි කුමාරිහාමිගේ වගේ වලව්වක්ද,,අලුතෙන් පටන් ගත්තු වලව්වක් හින්දයි බලන්න ආවේ

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේසන් අයින් කලොත් බලන්න එන අයට පහසුවක් වෙයි..කමෙන්ට් කරද්දී

    ReplyDelete
  3. අළුත් බ්ලොග් එකක්
    ලිවීමේ රටාවත් හොඳයි වගේ
    ලියමු බලන්න

    ReplyDelete
  4. ඔන්න මාත් ආවා බලල යන්න . අපි තින් මූණු පොතෙත් ඉන්නවනෙ .බලමුකො කියවල හොඳයිද කියල .

    ReplyDelete
  5. මමත් ආවා! මෙ BANANA FLOWER word verification එක අයින් කරලා දාන්න

    ReplyDelete
  6. @Italy Dilan ..මේකත් වලව්වක් තමා.එත් බොහෝම අහිංසක පුංචි කුමාරිහාමි කෙනෙක්ගේ දුප්පත් වලව්වක්. ගොඩ වැදුනට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  7. ස්තූතියි නිශ් ගොඩ වැදුනට

    ReplyDelete
  8. ස්තූතියි ගිම්හානි ගොඩ වැදුනට..ඒ වගේම දිරිමත් කිරිමට

    ReplyDelete
  9. @ Loku john ස්තූතියි ගොඩ වැදුනට වලව්වට..ඔන්න අයින් කරා වෙරිපිකේෂන්

    ReplyDelete
  10. ඔයාගෙ ලිවීමේ ශෛලිය හරිම සිත් ඇදගන්නා සුළුයි...දිගටම ලියන්න...සුබ පැතුම්....

    ReplyDelete
  11. @ Ravi.ගොඩක් ස්තූතියි රවී..දිරිගැන්වීමට..

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...