Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 22, 2011

පුංචිගේ කිරි බෝතලේ






පුංචි කුමාරිහාමි කියන කතාව මම ලිව්වට ඒක සම්පූර්නයෙන්ම මගේ ජීවිත කතාව නම් නෙමෙයි..

අපේ යාලුවෝ එහෙම හිතාන ඉන්නවනම් සමාවෙන්ට ඔනේ..පුංචි කුමාරිහාමි ගේ කතාවේ වත්සලා මැනිකේ පුංචිගේ ජීවිතේට සමහර දේවල් වලදී සමානයි.එකේ තියෙන දේවල් වලින් සියයට පනහක් පුංචිගේ, අනිත්වා වත්සලා මැනිකෙගේ..

සරත්චන්ද්‍ර උන්නෙහෙත් කිව්වනේ "සාහිත්‍ය වනාහී පරිකල්පනයත් සත්‍යත් අතර පවතින්නක් බව" ඉතින් පුංචිගේ සත්‍යයි පරි කල්පනයයි අතර තමා හැමදෙයක්ම ලියවෙන්නේ

ඔහේ කම්මැලි කමෙන් පාලුවෙන් ඉන්නකොට මොනා හරි ලියන්න ඔනේ කියලා හිතුවත් පුංචි එහෙමට ලියන්න දන්න කෙනෙක් නෙමෙයි.

අයිතිකාරයා ලස්සන ලස්සන දේවල් ලියනවා අමුනනවා දැකලා පුංචිටත් හිතුනා මොනා හරි ලිව්වොත් හොඳයි කියලා..

ඔන්න ඉතින් එහෙම හිතලා තමයි මේවා ලියවෙන්නේ ගත්තේ.

අක්කයි මායි තමයි ඉස්සර ඉඳන්ම හැම දේම එකට කරේ..එයාට මම නැතිවත් මට එයා නැතිවත් එක මොහොතක් වත් ඉන්න බෑ..අම්ම නම් බනිනවා මේ දේන්නා ඉඳි කට්ටයි නූලයි වගේ නේ කියලා.

ඉස්සර අපි දෙන්නා පුංචි කාලේ අපිව බලාගන්න කෙනෙක් හිටියා එයාට අපි කිව්වේ සෝමා නැන්දා කියලා ..අම්මයි අප්ප්ච්චියි වැඩට ගියාම අපි දෙන්නා හිටියේ ඔය සෝමා නැන්දා බාරේ තමයි.

නැන්දයි කිව්වට දැන අම්මා කියන විදියට ඒ කාලේ සෝමා නැන්දා අවුරුදු විසි ගානක හොඳ තරුන ගෑනු දරුවෙක්..

අක්කා මට වඩා ටිකක් වැඩිමල් නිසා එයාගේ දඟ වැඩ මට වඩා ටිකක් ඉස්සරහට ගිහින් තිබුනලු.

.සෝමා නැන්දා හැමදාම කෑ ගහනවා..

"මේ ලොකු මැනිකේ තමා චූටි මැනිකෙත් නරක් කරන්නේ" කියලා.

අම්ම කියනවා .ඉස්සර කාලයක් මම බලන් ඉද්දී කෙට්ටුවෙන්නයි හරියට අඩන්නයි ගත්තලු. අම්ම මාව ගොඩක් දොස්තරලා ලඟට අරන් ගිහින් තියෙනවා ඇයි කියලා බලන්න. එයාලා නම් කියලා තියේන්නේ කිසිම ලෙඩක් නෑ කියලයි.
හැබැයි මම අම්මා නැති වෙලාවට ඇඬුවට අම්මා ගෙදර ඉන්න වෙලාවට ඇඬුවේ නෑලු..අම්මාට මේක හරිම ප්‍රෙහෙලිකාවක් ලු..

"සෝම චූටි මැනිකේ කිරි බොනවද හොඳට" කියලා අහපුවම "ඔව් ලොකු මැනිකේ මම බොතලේ කටේ තියලා ගිහින් ටිකකින් එවිත් බලනකොට ඔක්කොම ඉවරයි" කිව්වලු

දවසක් අම්මා එනකොට මම හොඳටම අඩනවලු..අම්මා ඇහුවම සෝමා නැන්දා කිව්වලු කිරි එකක් දීලා පැයක්වත් ගියේ නෑ කියලා
ඊට පස්සේ අම්මා ආයෙමත් මට කිරි එකක් හදලා අක්කටත් එකක් හදලා දුන්නලු..අක්කා ඉක්මනට එයාගේ බෝතලේ අරන් කුස්සිය පැත්තෙන් එලියට ගියාලු..අම්මත් හොරෙන් පස්සෙන් ගිහින් බලන් ඉන්නවලු..

මෙයා එලියේ ඉන්න පූස් පැටවු දෙන්නාගේ කෝප්ප දෙකට එයාගේ කිරි බෝතලේ හලලා ඉක්මනින් ගෙට ආවලු. එයා හිස් බෝතලේ මගේ කටේ තියලා. මගේ කිරි බෝතලේ අරන් බොන්න ගත්තලු..

අම්මට හොඳටම හිනාලු..මේ පුංචි කෙල්ලගේ කපටි කම ගැන..

එදා කිරි බෝතලේ හොරෙන් බිව්ව අක්කට අද කිරි දැක්කම අප්පිරියයි..අදටත් "කිරී" කිව්වම එයාගේ කට නලියනවා..



සෝමා නැන්දගේ ආදර කතාව ඊලඟ කොටසෙන් කියන්නම්..අනේ ඉතින කියවන්න හොඳේ..නැතිනම් පුංචිගේ මහන්සිය අහක

6 comments:

  1. කාගේ ජීවිත කතාව උනත් කමක් නැ පුන්චි . ඔයා ලස්සනට ලියනවා.
    කුඩා කාලේ අපිත් ඔහොමයි බොන්න දෙන කිරි බොන්නේ අපි නෙමේ . ගෙදර ඉන්න පූස් පැටව් බලු පැටව්.

    ReplyDelete
  2. හේ හේ..ස්තූතියි ගිම්හානි..පූස් පැටව් බලු පැටව් කිරි දීලා ලොකු කරාට අඩුම ගානේ ස්තූතියි වත් කිව්වේ නෑ නේ..ඒකයි දුක..

    ReplyDelete
  3. අදමද කොහෙද මේ පැත්තෙ ගොඩ උනේ , බ්ලොග් එකට අන්දලා තියන ඇදුම නං ඇත්තටම ලස්සනයි ..........
    කතන්දර ටිකත් කියවලාම එන්නං කො

    ReplyDelete
  4. ස්තූතියි ඔබට සමීර..කියෙව්වටත් වලව්වට ගොඩ වැදුනටත් ස්තූතියි නැවතත්

    ReplyDelete
  5. me wage thawa katha laiyanna. Lassanai.

    ReplyDelete
  6. @ chanika ..ස්තූතියි චානිකා..ඉක්මිනින් ලියනවා..ඔයාලා කියවනවනම්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...