Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 13, 2011

පුංචි කුමාරිහාමි 2



අපි කොහොම හිතුවත් ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් කියලයි මම නම් හිතන්නේ..

මමත් පුංචි කාලේ ඉදලම හරිම සාමන්‍ය ගෑනු ලමයෙක්..අනිත් හැම ලමයම වගේ මමත් ආස කරා ලස්සන ලස්සන මල් ගවුම් අඳින්න.බෝනික්කෝ නලවන්න..

 ඒත් බොනික්කන්ට නම් මමයි අක්කයි දෙන්නම හරිම අමුතු බයක් තිබුනලු පොඩි කාලේ..

ඒක ඇත්ත වෙන්න ඇති කියලා මට හිතෙන්නේ අදටත් මට ලස්සන ගවුම් පොඩියක් අන්දපු බොනික්කන් දකිනකොට අමුතුම හැගීමක් හිතට එන නිසයි..

 අම්මයි අප්පච්චියි දෙන්නම රැකියාව කරේ ගුරුවරු විදියට.ඒක නිසා අපි පුංචි කාලේ ඉදලම ජිවත් උනේ ඉස්කෝලෙක වගේ තමා.අප්පච්චි අපේ ගෙවල් ලඟම තිබ්බ ඉස්කොලේ විදුහල්පති උනේ මම සාමාන්‍ය පෙල පන්තියෙ ඉද්දී..අක්කා මට වඩා වැඩිමල් එක අවුරුද්දක් විතරයි.


එකම වගේ උනා නම් අපි නිවුන්නු කියලා හිතන්න හොඳටම ඉඩ තිබ්බා..ඒත් අක්කා මට වඩා ගොඩක් ලස්සනයි.එයා පුංචි කාලෙත් ලමාසාරිය ඇඳලා පන්සල් යනකොට හැමකෙනෙක්ම එයා දිහා බලනවා මට අද වගේ මතකයි.

 අප්පච්චියි අම්මයි ගෙව්වේ හරිම සාමකාමී ජීවිතයක් .

ඒත් අපිට නොතෙරෙන ප්‍රශ්නත් එයාලා අතරේ තිබ්බා කියලා මට දැන් හිතෙනවා..

ඒකට ලොකුම හේතුව වෙන්නේ අප්ප්ච්චි ගමේ ගිහින් එන දවස.

අපේ අම්මා වලව්වකට සම්බන්දයක් නෑ..

අම්මගෙයි අප්පච්චිගෙයි විවාහයට අප්පච්චිගේ අම්මා නම් කොහෙත්ම කැමති වෙලා නෑ.

අපේ නැන්දම්මලා තාමත් කියන්නේ

"අපේ අයියට ඔය ඉස්කුරුප්පුව නැතුවට හොඳ කුමාරි හාමි කෙනෙක් බඳින්න තිබ්බා" කියලා

මම පුංචි කාලේ ඕක ඇහිලා ඇහුවා

"මොක්කක්ඩ අම්මේ ඉස්කුරුප්පුව කියන්නේ" කියලා

"ඔයාට මොනාටඩ ලොකු අයගේ කත" කියල අම්ම මට සැර උනා..

අප්පච්චිගෙයි අම්මගෙයි රැකියාව අපි හතර දෙනාට දුකක් කරදරයක් නැතිව ජීවත් වෙන්න හොදටම ඇති කියලා දැන් මට තෙරෙනවා ..ඒත් නොහිතපු විදියේ අග හිඟත් අපිට තිබ්බා..



දවසක් මම ඉස්කොලේ ඇරිලා එනකොට අම්ම කුස්සියෙ කොස්වගයක් තම්බනවා



"අම්මේ බඩගිනියි බත් ඉව්වේ නැද්ද" මම ඇහුවම අම්මා කඳුලු පුරෝගෙන මගේ දිහා බැලුවා "අද බත් නෑ මේවා කන්න"

මට හිතාගන්න බැරි උනා ඇයි අම්මා අඩන්නේ කියලා..



අපේ අම්ම කොහොමටත් ගොඩක් අහින්සක කෙනෙක්.



හවස අක්කා ආපුවම මම අක්කට කිව්වා අම්මා බත් ඉල්ලුවම ඇඬුවා කියලා..

"ඔයා අම්මගෙන් අහන්න යන්න එපා ලොකු නැන්දම්මා බලන්න මනමාලයෙක් එනවා කියලා වලව්ව රෙපයාර් කරන්න අප්පච්චිගේ මුලු පඩියම අත්තම්ම අරන්"



අම්මා හවස අප්ප්ච්චි ආවම "ඔය කුමාරිහාමිලා අපිව පාරට බස්සලා තමයි පස්සෙ බලන්නේ" කියලා අප්ප්ච්චි එක්ක කියනවා මම අහගෙන





2 comments:

  1. ඔන්න මමත් ආවා ඔයාව බලන්න..කතාවේ කොටස් පහම කියෙව්වා..ලස්සනයි. ඇත්ත කතාවක්වත් ද? කුමාරි හාමි ට සුබ පතනවා :)

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...