Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 22, 2011

පුංචි කුමාරිහාමි - 4



ගඟක් ගලාගෙන යනවා රිද්මයටම ජීවිතේ ගලාගෙන යන්නේ නෑ..

එත් ගඟකට වගේම බාධාවල්,අතු ගංගා,හිරි හැර කරදර නම් අඩුවක් නැතිව ජීවිතේට ලැබෙනවා.

මටත් එහෙමයි..මම සාමන්‍යපෙල පන්තියෙ ඉගෙන ගන්නවා..අක්ක සාමාන්‍යපෙල කරලා ගෙදර..

එක දවසක් හදිසියේම පන්තියේ ටීචර්

"පුංචි ඔයාව ගෙදර එක්ක යන්න මාම ඇවිත්,දැන් ගෙදර යන්න"කිව්වා

මාව එක්කන් යන්න හදිසියේ අම්මගේ මල්ලි, අපිට හිටපු අම්මගේ එකම නෑයා, ලේසියෙන් එන්නෙ නැති බව මම දන්නවා.

විදුහල්පතිතුමීගේ කාමරේට දුවල ගිය මට දකින්න ලැබුනේ මාමගේ මැලවුන මුන..විද්හල්පතිතුමිත් මගේ දිහා බැලුවේ හරිම අනුකම්පාවෙන්
"ඇයි මාමේ"
"නෑ දුවේ පොඩි හදිසියක් යමු ගෙදර"


ගෙදරට ලඟා වෙනකන්ම මාමත් අතර කිසිම වචනයක් හුවමාරු උනේ නෑ මට මතක හැටියට..ඒත් මගේ හිත නම් ගොඩක් කතා කරා..

ඇයි මාමා මාව එක්කන් යන්න ආවේ..


මට දැනුනේ හරියට මුලු ලෝකෙම හිස්වෙලා මම විතරක් ඉතුරුවෙලා වගේ..එක එක සිතිවිලි හිතට ආවා..


ඒ වගේම අර පුංචිම කාලේ වගේ ආයෙමත් මහා හිස් බවක් එක්ක එන බයංකාර හැඟීම ආයෙත් හිතට ආවා..ඒ හැඟීමට මම බයයි..

මගේ හිත කලබල වෙන හැම මොහෙතෙම ඒ හැඟීමෙන් මම පීඩා වින්දා..ඒත් හැඟීම මට විස්තර කරගන්න මට බෑ..ඒත් එක්කම එන දරුනු හිසරදය නිසා මම ගොඩක් දුක් වින්දා.

ඒ වෙලාවට මගේ සිතිවිලි පාවෙනවා වගේ..

පුංචිම කාලේ නම් හැමදාම හීනෙන් බය වෙලා කෑගහනවා කියල අම්මා කිව්වා.

අත්තම්ම නම් කියන්නේ"කොහෙද ඔය ටවුන් වල මෝසතර කාරියෝ තනිකම් දෝශ දන්න එකක් යැයි..මේ දරුවට තනිකන් දෝෂයක්" කියලා..

ඒ කාලේ අප්පච්චි එක්ක ගමේ ගිය වෙලාවේ කන්ඳේ දේවාලෙට මාවත් අක්කවත් එක්කන් ගිහින් අපිට පූජාවක් තියලා නූල් බැන්දේ අත්තම්මා මයි..

"අපොයි අර මෝසතර කාරි මේ නූල් ගලෝල දායි, හැබැයි පුතේ මම නරක ගෑනි කියන්න එපා එහෙම කරල තිබ්බොත්" කියලා අප්පච්චිටත් අත්තම්මා සැර උනා

ඉස්සර ඉඳන්ම එකම විදියට මම දකින හීනයක් වගේ දෙයක් තිබුනා..ඇත්තටම ඒක හීනයක්මත් නෙමෙයි..හැබෑවයි හීනයි අතරෙයි මට ඒක දැනෙන්නේ..

ලේ විලක වැටිලා ඉන්න ලමයි කීප දෙනෙක්..කඩුවක් අතින් අරගත්ත මිනිහෙක්..

මිනිස්සුගේ ඇඬුම් දෙඬුම් එක්ක විලාප..

ඒ හැම එකක් එක්කම වියරුවෙන් කෑ ගහන ගෑනු කටහඬක්...


"දුෂ්ඨ මහා රජාට සාප වේවා"

මගේ ඔලුව කැරකිලා කිසිම දෙයක් නොපෙනී ගියේ ගෙදර පෙනි පෙනී..

7 comments:

  1. තේරුන් නෑ...

    ReplyDelete
  2. හා තේරුනා :)
    සමාවෙන්න...
    මම හදිසියෙ කියෙවුවේ...

    ReplyDelete
  3. මොනාද නොතෙරුනේ?..

    ReplyDelete
  4. තේරුණා තේරුණා...
    මම නොතේරුනා කීවේ මේ කතාව...
    මේක කතා පෙළක එකක් නේද?

    ReplyDelete
  5. @ Gordonia ...ඔව් නවකතාවක 4 වෙනි කොටස.

    ReplyDelete
  6. කියෙව්වා ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  7. තාම ලියන් යනවා ගිම්හානි ස්තූතියි බැලුවට..ඉක්මනින් ඉතුරුවා දාන්නම්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...