Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 27, 2011

බලා හිඳිමි...




හැම දාම මම යන පාර්ක් එකක්  තියෙනවා..
ඒක හරිම ලස්සනයි. අදත් මම ආවේ ඒ පාර්ක් එක මැද්දෙන්. 

මෙතනට ආවම හිතට හරිම නිස්කලංක බවක් දැනෙනවා..දැන් නම් ශීත කාලේ නිසා මේ පාර්ක් එකේ මල් නෑ..

හැම ගහකම කොල හැලිලා..පාලුවට ගිහින්..ඒත් වසන්ත කාලේට මේ උයන පුදුමාකාර ලස්සනයි..එක එක පාට මල් වලින් මුලු උයනම ලස්සන වෙනවා හරියට මල් වලින්ම හදපු ලෝකයක් වගේයි

ඒ වගේමයි වසන්ත කාලේට මේ උද්‍යානේ ලමයිගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුන අයගෙන් පිරිල ඉතිරිලා යනවා..

මම මේ හැම කෙනෙක් දිහාම පැත්තක ඉදන් බලන් ඉන්නකොට තමයි මම දැක්කේ උයන කෙලවරේ තියෙන ප්‍රතිමාව..

ඒ ප්‍රතිමාව අවුරුදු කීයක් නම් මෙහෙම බලන් ඉන්න ඇත්ද..

අද මේ වයසට ,ගිහින් ඉන්න වැඩිහිටි අය එදා පුංචි ලමයි විදියට, ඊටත් පස්සේ පෙම්වතුන් විදියට,,දෙමාපියන් විදියට මේ උයන එන්න ඇති..

එයාලගේ ජීවිත වල මොනතරම් වෙනස් වීම් වෙන්න ඇත්ද?

 ඒත් මේ ප්‍රතිමාව කිසිම වෙනසක් නැතිව එකම බැල්මෙන් මේ හැමදෙයක් දිහා බලන් ඉන්න ඇති..

මිගෙ හිතට ලොකු සාංකාවක් වගේම පාලුවක් දැනුනා..ඔබටත් එහෙමද?..

ජීවිතය පුදුමයි නේද ?




උයන් තෙර කෙලවරක
ගල් පිලිමයක් ලෙසට
බලා හිමි සැමදෙයම
වසර ගනනක් මෙහෙම

එදා ලපැටි දැරියක්ව
නුඹේ මව්ගේ සුරත ගෙන
කෙලෙදෙලෙන් සිනාසුන
නුඹ මෙදා පෙම්වතිය

නුඹෙ මවත් නුඹ මෙන්ම
ප්‍රේමයෙන් විකසිතව
මේ උයන්තෙරෙහි හිඳ
ගෙවූ කාලයක් ඇත..

නුදුරු දිනකදී නුඹ
එනු ඇතියි මවක් ලෙස
බලා ඉමි ගලක් ලෙස
ජීවිතයේ අරුම..

8 comments:

  1. පුංචි කුමාරි , වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම පමණයි .
    …ටික කලක් ගියාම ඔය පිලිරුවත් වෙනස් වෙයි ...

    ReplyDelete
  2. ඔව් ගිම්හානී මෙ ප්‍රතිමාවත් වෙනස් වෙයි..මේ ලොකේ වෙනස් නොවෙන දේවල නෑ නේ.

    ReplyDelete
  3. මැටි පිළිම වගේද ගල් පිළිම,ne

    ReplyDelete
  4. @Tharinduhw ගල් පිලිම වගේද බොල් පිලිම?

    ReplyDelete
  5. මේක අදනේ හම්බ වුනේ.... කාලෙකට පස්සේ කියවන්න පුළුවන් සරල සුගම බ්ලොග් එකක් හම්බ වුනා.... පොඩි මදිවට දැන් පුංචි කුමාරිහාමි කෙනෙකුත්...

    එහෙනම් මැණිකේ, පුළුපුළුවන් වෙලාවට අපිත් ගොඩ වදින්නම් වලව්ව පත්තේ...

    අවසර... ගොහින් එන්නම්....

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි අභීත...ඒක තම නම නම් අවුල්..මම මූනු පොතටයි මුලින්ම සම්බන්ද උනේ..එතකොට තව කුමාරිහාමි කෙනෙක් බ්ලොග් ලියන බවක් දැන්ගෙන උන්නේ නෑ..මූනු පොතේ එහෙම කෙනෙක් හිටියෙත් නෑ..මටත් ගෙදරට කියන්නේ පොඩ්ඩි..හරිම ඇක්සිඩන්ට් එකක් ඒක..කොහොම උනත් මටත් මේක අපහසුවක්..නිකන් අනුකරනයක් වගේ නිසා..ඒත් දැන් මේකේ නම මාරු කරන්නත් බෑ..ගොඩක් අය මට හිතවත් උනේ මේ නමින් නිසා.මම බ්ලොග් ලියලවත් කියවලවත් තිබ්බේ නැති නිසා පොඩි කුමාරිහාමි ගැන දැනන් හිටියේ නෑ..කොහොම උනත් කුමාරිහාමිලා කොච්චර ඉන්න පුලුවන්ද..හෙට එයි චූටි කුමාරිහාමි කියලත් ඒක අපේ නමක් නෙමේ නිසා අපිට කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  7. අහ්... නම අවුලක් නෙමේ..... ඒක ගනන් ගන්න එපා.....

    මැනිකේ මූණු පොතේ ඉන්නේ මේ නමින්ද?

    ReplyDelete
  8. ඔව් අභීත මම මූනු පොතේ ඉන්නෙත් මේ නමින තමා..ගොඩක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීමට සහ හිතවත් කමට

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...